පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය සභාවට ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 4(ඇ) ව්‍යවස්ථාවට පටහැනි වන හෙයින්, එය නීතියක් බවට පත්වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුව තිබේ.
තවද, පනත් කෙටුම්පතේ 6(7) සහ 7 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(අ) යන ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බැවින්, ඒවා සම්මත කර ගැනීමට ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.
එසේ නොමැති නම් අදාළ වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශයන්ට අනුකූලව ඉවත් කර ගැනීමට හෝ සංශෝධනය කිරීමට පියවර ගත යුතු වේ.
මේ අතර, පනත් කෙටුම්පතේ 3, 4, 6(4), 6(5) සහ 11(1) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
එමෙන්ම, 11(2) වගන්තිය කාරක සභා අවස්ථාවේදී යෝජිත සංශෝධන සහිතව සම්මත කරන්නේ නම් එය ද සරල බහුතරයකින් සම්මත කරගත හැකි බව අධිකරණය වැඩිදුරටත් දැනුම් දී ඇත.
කථානායකවරයාගේ නියෝගය පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් නිල වාර්තාවට ඇතුළත් කිරීමට පියවර ගැනිණි.
Sri Lankan Supreme Court Rules on Proposed Anti-Corruption Legislation
In a significant development for Sri Lanka's legislative process, Speaker J. V. Wickremaratne announced today that the Supreme Court has determined that Section 17 of the anti-corruption bill must receive not only a two-thirds majority in Parliament but also public approval through a referendum.
This ruling comes in response to challenges posed against the bill, particularly referencing Article 121(1) of the Constitution. The Speaker disclosed the Supreme Court's findings during a session in the Parliament, highlighting its implications for the legislative journey of the anti-corruption measures.
The Supreme Court stipulated that since Section 17 relates to Article 4(a), which must be read in conjunction with Article 3 of the Constitution, it requires both a two-thirds majority as outlined in Article 83, as well as ratification from the public through a referendum for it to become law.
Additionally, Sections 6(7) and 7 of the proposed bill were identified as requiring a two-thirds special majority in Parliament due to their alignment with Articles 12(1) and 14(1)(a) of the Constitution, underscoring the stringent hurdles the legislation must clear.
Should these stipulations not be met, the relevant provisions may need to be amended or removed in accordance with the Supreme Court’s recommendations.
Conversely, the Court affirmed that Sections 3, 4, 6(4), 6(5), and 11(1) do not contravene the Constitution, allowing them to be passed by a simple majority in Parliament.
The Court further clarified that if proposed amendments to Section 11(2) are put forth in committee stages, they can also be approved by a simple majority.
In line with the Speaker's directive, the complete ruling from the Supreme Court will be documented in the official Hansard record, ensuring transparency in the legislative process.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔන්න ඔය ජනමත විචාරණය පවත්වපල්ලා කෝ
ReplyDeleteජනතාව ඕක 22 වන සංශෝධනය ගැන ජනමත විචාරණයක් බවට පත් කර ගනීවි
api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Um..behe..
Deletejepi eppiyange
Deletewathkam prkasane hanganna
bariwey wage
ජනමත විචාරනේ ඕන කිව්ව වගන්ති ටික හලලා ඉතුරු ටික පාර්ලිමේන්තුවේ සම්මත කර ගනියි.
ReplyDeleteඡන්දෙට ඕකුන් බයයි.
දැන් ආන්ඩුවේ ජන මතය ඉවරයි. ආපහු 3%ට වැටිලා ඉන්නේ.
තාම පෙන්සන්ගිය මොලේ මැරිච්ච නාකි ටිකක් ඉන්නව, මාලිමාවෙන් රට හදනකන් බලාගෙන. සමහර විට %5 ක් විතර තියේවි.
Deleteඔව් අපේ රාජපක්ශලා ආයේ මේ රටේ බලය පිහිටුනවා.ගොං ජෙපි ඩෝබියන්ට අකුලං යන්න වෙන්නේ.
Delete22 සීන් එකෙන් මාලිමාව බිමටම වැටුනා. මාලිමාව ගැන ජනතා විශ්වාසේ හේදිලා ගියා.
ReplyDeleteවැඩක් නැහැනේ. 22 තමයි දූශිතම ව්‍යවස්තාවට විරුද්ධම සංශෝධනේ. ඒක දැන් ඉතින් අනිවාර්යෙන් සම්මත කරගෙන ඉස්සරහට අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් සිංහලයයි, බුදු දහමයි අතුගාලාම දානවා. එච්චරයි.
ReplyDeleteනිකන් අර අධිකරනේ රෙද්ද බේර ගන්න වගේ බොරු නාට්ටියක් දාලා තියෙනව මේකට විතරක් ඒත් 22නම් අන්ත දූශිතයි. ඒකට හේතු මෙන්න
ReplyDelete1. තමන්ගේ නඩුව තමන්ට අහන්න බැහැ අධිකරණයක. ඒක යුක්තියේ සාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.
2. පෙත්සම් හරියට විමර්ශනය නොකිරීම. පෙත්සම් වල වාචික විභාග උඩින් පල්ලෙන් ගසා දමා පෙත්සම් 64ක් දවස් 2න් ඉවර කිරීම.
3. සියලු දෙනා ඉල්ලු ෆුල් බෙන්ච් (සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල වෙනුවට තමන් නායකත්වය ගත් හෙන්චයියන් සෙට් එකකින් සමන්විත දූශිත මඬුල්ලක් පත් කර ගැනීම)
4. අධිකරන තීන්දුව දෙන්නත් කලින් මාලිමා මැතිවරන වේදිකාවල තීන්දුව ප්‍රකාශ කර තිබීම
5. කීයටවත් ඡන්දෙකට යන්නේ නැහැ. එහෙම ගියොත් විපක්ශේ ඔක්කොම එකතුවෙලා අපිව අනිවාර්යෙන් පරද්දනවා කියලා අනුරගේ කටින් පැනීම. ඒ කියන්නේ මේ තීන්දුව දීපන් කියලා අධිකරණයට අනුර ඇතුලු මාලිමා හොර නඩය බලපෑම් කර තිබීම.
api harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...um...beeeee
Deleteකොහොමද මේකේ තියෙන පච නිවුස් වලට රැවටිලා කොමෙන්ට්ස් කල්ලිය චුන් වෙලා තියෙන හැටි. ඇත්ත මොකක්ද කියල හොයලා පලපල්ලා.
ReplyDeleteඅම්ම කියන්නේ නැත්තම්.. ටිල්වින්ගේ කුස්සියේ උයන අර නකියගෙන් අහපන් උඹේ අප්පා කවුද කියලා .. බුරුවා
Deleteඅම්මට හුඩු ඇත්ත ඇතිසැටියෙන් දන්න ඩෝබියෙක්. ලපය කියන ඒව ඇත්ත කියල හිතන් ඉන්න එකෙක්.🤣🤣🤣. 🤪🤪🤪🤪
Deleteapi harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...um...beeeee
Deleteඅපේ රාජපක්ශවරු නැවත රටේ බලය අල්ලනවා. මේක සිංහල රටක් බොලව්. අපි හෙල යක්කු. අපේ නිජබිමෙන් අපිව එලවන්න බෑ උබ්ලට.
Deleteස්සුරසේනයා නියමට දීලා .. උගේ ගේම් එක ගහගෙන.. ජෙපි පක්කුන්ගේ ගේමට බාලිදියක් දාලා ...
ReplyDeleteනාගානන්ද දිනුම්😂😂😂
ReplyDeleteආරියතිලක
ReplyDelete22 සංශෝධනය ගැන..
එක්සත් ජාතීන්ගේ සංවිධානය, එකසත් ජාතීන්ගේ සංවිධානයෙහි මහ ලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස් යන සියලු දෙනාගේ අවධානයට ලක්වීම සුදුසු බව..
1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;
“ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;
49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහු පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”
යනුවෙන් පනවා ඇත්තේ ය.
2026 අගෝස්තු මස 07 වන දින
II වන කොටස
අතිරේකය
(2026.08.07 දින නිකුත් කරයි) රජයේ ගැසට් පත්‍රයෙහි පළ කොට ඇති, විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
2. (මෙහි මින්මතු “ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාව” යනුවෙන්
සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යායවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ
(5) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ සඳහා පහත දැක්වෙන
අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්:-
"(5) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයන්
විශ්‍රාම ගත යුතු වයස අවුරුදු හැට හත වන අතර,
අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම
ගත යුතු වයස අවුරුදු හැට පහ වන්නේය ය:
එසේ වුව ද, අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය, ඔහු වයස අවුරුදු හැට හතට එළඹෙන දිනය
හෝ ඔහු අග්‍රවිනිශ්චයකාර ධූරයට පත්වන දිනයේ සිට
වසරක හයක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින
දෙකෙන් කලින් එළඹෙන දිනය වන්නේ ය.”.
යනෙවෙන් ද කෙටුම්පත් කොට ඇත්තේ ය.
මේ 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳ පෙත්සම් විභාගයේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට යොමු කළ තීන්දුවෙහි, විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු තනතුරේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බව කතානායකවරයා දන්වා ඇත්තේ ය.
අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුලු පංච පුග්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ මේ පෙත්සම් විභාගය සිදු වීමත් තත් තීන්දුවෙහි විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු තනතුරේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බවත් කතානායකවරයා දන්වා ඇති බැවින් මෙම පනත් කෙටුම් පත සම්බන්ධ පෙත්සම් විභාගයට සම්බන්ධ වූ අනෙක් විනිසුරුවරුන් හට අදාළ නොවන බව පැහැදිලි ය. එසේ ම දැනට ධූරයේ කටයුතු කරන අන්‍ය සියලු විනිසුරුවරුන් හට ද අදාළ නො වේ. හෙවත් අග්‍රවිනිශ්චයකාරවරයා හැර, පෙත්සම් විභාග කළ අන්‍ය විනිසුරුවරුන් ඇතුලු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා දීර්ඝ වනවා ඇත.
පෙත්සම විභාග කළ, අග්‍රවිනිශ්චයකාරවරයා හැර, අනෙකුත් විනිසුරුවරුන්ට ද මේ පනත් කෙටුම්පත සම්මත වීම සමඟ ම විශ්‍රාම වයස දීර්ඝ වීමෙන්, විශ්‍රාම ප්‍රතිලාභය ලැබෙනවා ඇත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව අනුව ජනමත වවිචාරණයකින් තොරව ⅔ විශේෂ බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශිත ය.
එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙහි 7 වන හා 8වන වගන්ති වන;
“සියල්ලන් ම නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති. මේ ප්‍රකාශනයට පටහැනි ඕනෑ ම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එවැනි අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂා වීමේ අයිතියත් සියල්ලන්ට ම හිමි වේ.”
යනුවෙන් දක්වා ඇත්තේ ය.
ඉතිරි කොටස …
ReplyDeleteආරියතිලක
8 වන වගන්තිය;
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප්‍රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී, බලධාරී ජාතික අධිකරණයකින් ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම සෑම පුද්ගලයකු ම සතු වේ.”
සිවිල් හා දේශපාලන පිළිබඳ අන්තර් ජාතික සම්මුතියෙහි 14 වන වගන්තියෙහි 1 වන අනු වගන්තියෙහි පළමුවන් වැකියෙහි
“1. සියලුම පුද්ගලයින් අධිකරණ සහ විනිශ්චය සභා ඉදිරියේ සමාන විය යුතුය.”
“Article 14
1. All persons shall be equal before the courts and tribunals.”
යනුවෙන් දක්වා ඇත්තේ ය.
සිවිල් හා දේශපාලන පිළිබඳ අන්තර් ජාතික සම්මුතියෙහි 26 වන වගන්තියෙහි මෙසේ දක්වා ඇත්තේ ය.
“26 වන වගන්තිය
සියලුම පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන වන අතර කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇත. මේ සම්බන්ධයෙන්, නීතිය මගින් ඕනෑම වෙනස්කම් කිරීමක් තහනම් කරන අතර ජාතිය, වර්ණය,
ලිංගිකත්වය, භාෂාව, ආගම, දේශපාලනික හෝ වෙනත් මත, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත්
තත්ත්වය වැනි ඕනෑම පදනමක් මත වෙනස්කම් කිරීමට එරෙහිව සියලු පුද්ගලයින්ට සමාන හා ඵලදායී ආරක්ෂාවක් සහතික කෙරේ.”
(“Article 26
All persons are equal before the law and are entitled without any discrimination to the equal
protection of the law. In this respect, the law shall prohibit any discrimination and guarantee to all persons equal and effective protection against discrimination on any ground such as race, colour,
sex, language, religion, political or other opinion, national or social origin, property, birth or other
status.”)
මේ සියල්ල ගත් කළ,
1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;
“ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;
49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහු පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”
යන වගන්තිය සමඟ එක්සත් ජාතින්ගේ මිනිස් අයිතිවාසිකම පිළිබඳ විශ්ව ප්‍රකාශනය හා සිවිල් හා දේශපාලන පිළිබඳ අන්තර්ජාතීක සම්මුතියෙහි ප්‍රඥප්ති අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අනාගතයේ යුක්තිය පසිඳලීම හා නීතියේ රැකවරණය සර්ව සාධාරණ භාවය කෙසේ සැළසෙන්නේ ද යන්න එක්සත් ජාතින්ගේ සංවිධානයේ හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා, මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස්වරයා, ඇතුලු සැමගේ අවධානය යොමු වීම ඇවැසි බව අපගේ අදහස ය.