මාසික ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි පැතිර යන ආරංචිත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී තිබේ.
මිල සංශෝධනයෙන් පසුව වැඩි ලාභයක් ඉපැයීමේ අරමුණින් ඇතැම් ඉන්ධන පිරවුම්හල් මඟින් ඉන්ධන නිකුත් කිරීම හිතාමතාම මන්දගාමී කර ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
කෙසේ වෙතත්, රට තුළ ඉන්ධන ආනයනයේ කිසිදු ගැටලුවක් නොමැති බැවින් මෙලෙස පෝලිම් ඇති කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ, භාණ්ඩාගාරය මඟින් මෙවර වෙන් කර ඇති ඉන්ධන සහනාධාරය හිමිවන්නේ ඩීසල් සඳහා පමණක් බවත්, පෙට්‍රල් සඳහා එම සහනය හිමි නොවන බවත්ය.
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරට ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා විකුණුම් මිල මත රුපියල් කෝටි 4,100ක (රුපියල් බිලියන 41ක) සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.එම සහන මුදල් වෙන් කිරීම පහත පරිදි මාසික සීමාවන්ට යටත්ව සිදු කෙරේ
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව පසුගිය මාස කිහිපයේ ගණනය කිරීම් අනුව දේශීය වෙළෙඳපොළේද තෙල් මිල ඉහළ දැමිය යුතුව තිබුණද, ඉන් වැඩි කොටසක් රජය දරාගනිමින් පාලනය කිරීමට පියවර ගත් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ගතවූ මාස හය තුළදී පමණක් ඉන්ධන සහනාධාරය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වැය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඉන්ධන සඳහා රජය අය කරන බදු මුදල අඩු නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා, සහනාධාරයක් ලෙස ලබා දෙන්නේද භාණ්ඩාගාරයට බදු වශයෙන් එකතු වන මුදලින් කොටසක් බව පැහැදිලි කළේය. තවද, ඉන්ධන මඟින් උපයා ගන්නා ආදායම් රටේ ණය පියවීම සඳහාද යොදවන බැවින් ණය ගෙවමින් මෙවැනි සහන ලබා දීමට රජය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Long Lines at Fuel Stations as Price Hike Rumors Circulate
As rumors swirl about an impending increase in fuel prices due to monthly adjustments, long queues have formed at fuel stations across various regions of the country. Customers anxiously seeking diesel have resulted in congested lines, reflecting the growing public concern.
Some consumers claim that certain fuel stations are intentionally slowing the release of fuel in anticipation of greater profits following the price adjustments. This has fueled frustration among those trying to secure their supply.
However, Dr. Nalinda Jayatissa, the government’s Cabinet Media Spokesperson and Minister of Health and Mass Media, reassured the public that there is no issue with fuel imports in the country, emphasizing that there is no necessity for such panic buying.
During a media briefing on Cabinet decisions, the minister revealed that the current fuel subsidy allocated by the Treasury exclusively targets diesel and does not extend to petrol. This aims to alleviate the financial strain on citizens who are struggling due to the rising global oil prices amidst a tumultuous geopolitical climate.
The government has decided to provide a relief package amounting to 4.1 billion Sri Lankan rupees (approximately 41 million USD) for auto and industrial diesel sales. This plan received the Cabinet’s approval, presented by the President in his capacity as Minister of Finance, Planning, and Economic Development. The relief funds will be disbursed under monthly limits.
Despite the necessity for fuel price increases in the local market due to recent global trends, the government has taken measures to mitigate the impact, absorbing much of the cost, according to the minister. He indicated that nearly 100 billion rupees have already been spent on fuel subsidies over the past six months alone.
In response to questions from journalists about why the government is not reducing fuel taxes, the minister clarified that what is provided as a subsidy is derived from the revenue collected through these taxes. Furthermore, he emphasized that the income generated from fuel sales is crucial for managing the country's debt, ensuring that the government is acting in the best interest of the citizens while pursuing its debt obligations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බොර තෙල් බැරල් එකක් ඩොලර් 110ට තියෙද්දී පෙට්‍රල් දුන්නේ 414ට.
ReplyDeleteඅද බොර තෙල් බැරල් එකක මිල ඩොලර් 103යි. ඒ කියන්නේ ඒ විදියට ගණන් බැලුවම පෙට්‍රල් ලීටරයක් රුපියල් 387ට දෙන්න පුලුවන්.
හැබැයි අද පෙට්‍රල් ලීටරයක මිල රුපියල්399යි.
නෙබියුලා වලින් ලෝක හැදෙන හැටි විද්‍යාවෙන් පෙන්නලා දෙද්දිත්,
Deleteදෙවියෙක් මැටි ගුලියක් හදලා ලෝකේ මැව්වා කියලා පිලිගන්න අමු මැට්ටොන්ට ඕවා තේරෙන්නෙ නෑ යකෝ.
පෙට්‍රල් පෝලිංවල මැරෙන්න ගිය අපිට ඔය ගාන ගෙවලා හරි ගහගන්න තෙල් තියෙන එක ලොකු දෙයක්.
Deleteමේකේ මේ කුහක කමෙන්ට් දාන ගොඩක් එවුන්ට බයිසිකල් කට්ටක් වත් නෑ 🤣
නැට්ට උස්සල පුගටවත් තෙල් ටිකක් ගහගනින් 🤣🤣🤣
මාලිමාවට සුපිරි පල්ලම සෙට් උනේ.
ReplyDeleteගල් අඟුරු පාඩුව වහගන්න ඕන වෙද්දිම ඉරාන යුද්ධෙ සෙට් උනා.
මාලිමාව ගල් අඟුරු පාඩුව තෙල් වලින් අල්ලනවා. ලීටරේකින් බදු 160ක් ගහනවා. ඒ බදු ගහන ගමන් තමයි ඔය සහනාධාර කතාව කියන්නේ.
ඉතින් ඕවත් පිලිගන්න මාලිමාවේ ඩෝබිලා හෝද හෝද කඩේ යනවා
කඩේ යන ගමන් හෝදනවා.
වැඩි කොටසක් රජය දරාගන්නවලු. ඒකත් මහජනතාවගේ මුදලින්. පැලවත්තෙන් ගෙනාව මුදල් නෙවෙයිනේ. එහෙමනම් බදු අඩු කරන්න ඕනෑ. බොරුවම තමයි
ReplyDeleteඅර වක්කඩේ රීලා ආපු ජා අප්පුහාමි ගෝතයගෙ අමුඩේ තියන්න මිනිස්සුන්ගේ සල්ලි වලින් කෞතුකාගාර හදපු උං කියන කතා. 🤣
ReplyDeleteඅඩෝ උඹල ඔහොම කඩේ ගියා කියලා උං උඹලට ලොකුවට සලකන්නෑ ඩෝ. උඹලා උන්ගෙ වහල්ලු