Metro සේවාව සඳහා චීනයෙන් ආනයනය කරන ලද බස් රථවල මිල ගණන් අතර පවතින වෙනස සහ ඒවායේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අතර සංවාදයක් ඇති විය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.
එහිදී මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රශ්න කර සිටියේ, පළමුව ගෙන්වන ලද බස් රථ 10කට වඩා දෙවනුව ගෙන්වන ලද බස් රථ 100 සඳහා එක් බස් රථයකට රුපියල් මිලියන 6කට ආසන්න වැඩි මුදලක් ගෙවා ඇත්තේ මන්දැයි යන්නයි.
එසේම, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (Indra Traders) සමාගමට මෙම බස් රථ නඩත්තු කිරීමේ හැකියාවක් ඇත්දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, රජයේ 50% ක කොටස් හිමි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම හරහා මෙරටට අවශ්‍ය බස් රථ මිලදී නොගෙන මෙවැනි අධික මිලක් සහිත බස් රථ ගෙන්වීම හරහා "නගරයට කිරි - ගමට කැකිරි" දීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේදැයි විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, පළමු බස් රථ 10 'ක්ලීන් ශ්‍රී ලංකා' අරමුදල මඟින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ ආනයනය කළ බවත්, පසුව ගෙන්වූ බස් රථ 100 ප්‍රවාහන අමාත්‍යාංශයේ විවෘත තරගකාරී ලංසු කැඳවීමකින් පසු ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම හරහා මිලදී ගත් බවත්ය.
දෙවන අදියරේදී එක් බස් රථයක් සඳහා ගෙවන මුදල රුපියල් මිලියන 41.9ක් දක්වා ඉහළ යාමට බලපෑ සැබෑ තාක්ෂණික සහ නෛතික හේතු සාධක අමාත්‍යවරයා සභාගත කළේය.
- පළමු ටෙන්ඩරයේදී (2025 ජූලි) ඩොලරයක අගය රු. 305.51 ක්ව පැවති අතර, දෙවන ටෙන්ඩරයේදී (2025 ඔක්තෝබර්) එය රු. 306.76 දක්වා ඉහළ යාම.
- පළමු බස් රථ ආසන 32කින් යුත් BJ6129 මාදිලිය වූ අතර, දෙවන අදියරේදී ආසන 40 කින් යුත් බස් රථ 40ක් සහ ආසන 32 කින් යුත් බස් රථ 32ක් ඇතුළුව BJ6123 නවීන මාදිලියේ බස් රථ ඇතුළත් වීම.
- දෙවන කාණ්ඩයේ බස් රථ සඳහා පූර්ණ ඩිජිටල් මගී තොරතුරු සහ මෙහෙයුම් පද්ධතියක් (Complete Digital System) අන්තර්ගතව තිබීම.
- දෙවන කාණ්ඩයේදී මාසයක ණය සහන කාලයක් (Credit Period) ලැබීම සහ කාර්යසාධන ආරක්ෂණ ඇපකරය (Performance Security) දින 365 සිට දින 1,020ක් දක්වා දීර්ඝ කර තිබීම.
- මෙරට කාර්මික ශිල්පීන් 16 දෙනෙකුට දින 7ක විදේශීය පුහුණුවක් ලබා දීම සහ අදාළ නිෂ්පාදන සමාගමේ නේවාසික ඉංජිනේරුවරුන් සිව්දෙනෙකු (Resident Engineers) වසර දෙකක් පුරා මෙරට රැඳී සිටිමින් බස් රථ නඩත්තුව අධීක්ෂණය කිරීමේ පහසුකම ඇතුළත් වීම.
මෙම පහත් පත්ල සහිත (Low-floor) බස් රථ නාගරික මෙට්‍රෝ සේවාව සඳහාම විශේෂයෙන් සකස් කර ඇති බවත්, ග්‍රාමීය මාර්ගවල ධාවනය කිරීමට මේවා කිසිසේත් යෝග්‍ය නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ග්‍රාමීය ප්‍රවාහනය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය වෙනම පිරිවිතරයන් යටතේ ඉදිරියේදී බස් රථ යෙදවීමට කටයුතු කරන බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සභාවට දන්වා සිටියේය.
Debate in Parliament Over the Cost Discrepancy of Buses Imported from China for Metro Services
A heated discussion took place in Parliament regarding the cost variation of buses imported from China for the Metro service, led by Transport Minister Bimal Ratnayake and Opposition MP Chamara Sampath Dasanayake.
In response to a question posed by MP Dasanayake, the Transport Minister clarified the situation. The Opposition MP was particularly perplexed about why the cost per bus had risen significantly — from approximately 6 million rupees for the initial batch of ten buses to a staggering amount for a subsequent order of one hundred buses.
Dasanayake further questioned whether the Indra Traders company had the capacity for maintaining these buses. He also raised concerns about the government's approach in acquiring buses at such inflated prices, instead of procuring those through Lanka Ashok Leyland, a state-owned entity that holds a 50% share in the market.
In his response, Minister Ratnayake emphasized that the first ten buses were imported under the 'Clean Sri Lanka' fund and managed by the Sri Lanka Transport Board. The subsequent one hundred buses, however, were sourced through an open competitive tender process via Indra Traders.
He elaborated that the cost for each bus in the second phase had escalated up to 41.9 million rupees due to valid technical and ethical considerations.
- During the first tender (in July 2025), the dollar was valued at 305.51 rupees, while it had risen to 306.76 rupees by the second tender (in October 2025).
- The initial buses were of the BJ6129 model with a capacity of 32 seats, while the newer procurement in the second phase included buses with 40 seats and modern BJ6123 models with 32 seats.
- The second batch of buses will feature a complete digital passenger information and operational system.
- Enhanced terms such as a month-long credit period and performance security periods extending from 365 days to 1,020 days were included in the second procurement.
- Training for 16 local artisans over seven days and the provision for four resident engineers to oversee maintenance for two years were also part of the deal.
Minister Ratnayake pointed out that these low-floor buses were specially designed for urban metro services and were deemed unsuitable for rural routes. He also informed the Parliament that the Lanka Transport Board would be taking separate measures for deploying buses specifically for rural transportation in future operations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එහෙනම් දැන් පැලවත්තේ කට්ටියට පුළුවනි කියන්න "දැන් අපිත් සැප විඳින්න ඕනේ කියලා" - හැබැයි අපිට ඒ ගැන ඊරිසියාවක් නෑ.
ReplyDeleteඅපේ ප්රශ්නය ඔය කොමිස් සල්ලිත් එකතු කරපු ගණන් වලට බස් අර ගෙන, ඒ වැඩි ගාණ පියවන්නේ, බස් ටිකට් වල ගණන් වැඩි කරල දා නැතිනම් භාණ්ඩාගාරෙන් ඉල්ලාගෙන ද කියලා.
ලක්ෂ තුනක වංචාවකට ප්‍රියංකර ජයරත්න අවුරුදු හතකට හිරේ ගියානම් මෙච්චර ලොකු වංචාවකට බිමල් රත්නායකයා කොච්චර කාලෙකට හිරේයයිද?
Deleteඅපේ ප්රශ්නය ඔය කොමිස් සල්ලි
Deleteඅපේ ප්රශ්නය ඔය කොමිස් සල්ලි
අපේ ප්රශ්නය ඔය කොමිස් සල්ලි
ඉශාර නානායක්කාරගෙ කල්ල මරේ
ReplyDeleteIndra eka Isharage newei.
Deleteඒක ඉශාර හොරාගෙ නෙවෙයි. ඉශාර හොරා වෙන ඩීල්වලින් ගරන්නෙ
Deleteඉන්ද්‍රා මුදලාලි ලාල් කාන්තගෙ කැම්පේන් එකට වියදම් කලා
Delete😁නියමායි. ගහන්න තවත් අත්පුඩියක්
ReplyDeleteදැන් තමයි බළලා මල්ලෙන් පනින්නේ
Deleteබිමල් පකයො තොගෙ පුකේ ඇගිල්ල ගහගෙන පලයන්
ReplyDeleteඉන්න පැහැදිලි කරන්නම් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ටොම්පච.අනිත් එක ටෙන්ඩර් දාන්නෙ මොකටද මුල් දහය ගෙනාපු විදිහට ගෙනාවා නම් ඉවරයිනේ.එතකොට කොමිස් ගන්න බෑනේ නේද.කොහොම වුණත් මේවා ලොකු ලොකු නඩු.නඩු දාන්නෙත් උඹල එලවලා අල්ලස් එකේ ඉන්න එකාවත් හිරේ දාලා ඉවර වෙලා.
ReplyDeleteරාජපක්ෂලාගේ හොරකම් අහු වෙනකොට මුන්ට ඒවා වහලා අහින්සක අවන්ක ඇමතිලව හොරු කරලා හිරේ දාන්ඩ ඕනෑ වෙලා. හොඳට හිටියි තොපි වගේ තව ටිකක් හිටියා නම්.
DeleteOHHHHH Indra Traders!!
ReplyDeleteBloody JVP would have burnt the busses if this happened during R'paksha time ...
ReplyDeleteකන්ටේනර් චංචාව
ReplyDeleteගල් අගුරු චංචාව
අයිස් කන්ටේනර් චංචාව
හාල් චංචාව
මහ බැංකු ඩොලර් චංචාව
මෙට්‍රො බස් චංචාව...
.............
.............
ඇයි මහාභාණ්ඩාගාරෙ ඩොලර් මිලියන 250 හොරකම.
Deleteඑක්ස්ප්‍රස් පර්ල් නැවේ ඩොලර් මිලියන 999 හොරකම.
Well procuremented
ReplyDeleteGreat Bimal
Namal air bus fraud
ReplyDelete50 billion lost
It is equal to 9,500 Metro buses(2014/15 usd rate)
නාමල් එයාර් බස් හොරා
ReplyDeleteමහින්ද සුනාමි හොරා
දිලිත් ඇන්ටිජන් හොරා
බිමල් බස් හොරා
වසන්තයා හාල් හොරා
කුමාර ගල් අගුරු හොරා
අනුරයා කන්ටෙනර් 423 පන්නපු හොරා
වැල ඕපන්
මුන් ඔක්කොම එකයි...
අනුර කුමාර මහාභාණ්ඩාගාරෙ ඩොලර් මිලියන 250 හොරකම.
Deleteසුරසේන එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඩොලර් මිලියන 999 හොරකම.
මුන්තමා නීලකාසම හොරු!