සංවර්ධනය කරන්න නම් රජය එක දිගට අවුරුදු 10ක්වත් තිබිය යුතුයි.. අවුරුද්දෙන් දෙකෙන් සියල්ල කරන්න බෑ..


ජනතාවාදී ආණ්ඩුවක් විසින් ආරම්භ කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති නිසි පරිදි අවසන් කර රටේ සැබෑ වෙනසක් ඇති කිරීමට නම්, අවම වශයෙන් වසර 10ක කාලයක්වත් අඛණ්ඩව එම රජය බලයේ පැවතිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

ජනහමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රජයක් බලයට පත්වී කෙටි කලකින් සියලු ගැටලු එක රැයකින් විසඳනු ඇතැයි ජනතාව අපේක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

"අවම වශයෙන් ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවගේ අවශ්‍යතාවන් මේ වගේ සම්පූර්ණ කරන ආණ්ඩුවක් එක දිගට අවුරුදු 10ක්වත් යන්න ඕන. එතකොට තමයි සංවර්ධන ව්‍යාපෘති නිසි ලෙස අවසන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් බලයට ඇවිත් අවුරුද්දයි දෙකයි වෙනකොට අපෙන් අහනවා කෝ අරක නෑ මේක නෑ කියලා. අර පාර හදන්න, මේ පාර කොන්ක්‍රීට් කරන්න, අරක කාපට් කරන්න, මේ ඇළ කොන්ක්‍රීට් කරන්න කියලා එකවර ඉල්ලීම් කරනවා. ඒ ඔක්කොම එකපාර කරන්න බෑ. රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ වැඩකටයුතු කරගන්නත් යම් කාලයක් සහ ක්‍රමවේදයක් අවශ්‍යයි."

තමන් ඇතුළු වත්මන් මහජන නියෝජිතයන් මහ පොළොවේ ජීවත් වෙමින් බිම් මට්ටමේ සැබෑ දුක්ගැනවිලි අත්විඳි පිරිසක් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව තමන්ට මනා අවබෝධයක් ඇති බව සඳහන් කළේය.

පවතින රාජ්‍ය යාන්ත්‍රණය සහ සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගනිමින්, ජනතාවගේ සැබෑ අවශ්‍යතා ක්‍රමානුකූලව සම්පූර්ණ කිරීමට රජය මේ වන විටත් පියවර ගනිමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.





Deputy Minister Advocates for Long-Term Governance to Drive Development

In a recent address to a public gathering, Deputy Minister T.B. Sarath emphasized the need for a stable, democratic government to complete ongoing development projects effectively. He underscored that a minimum tenure of ten years is essential for any government to bring about substantial change in the country.

Sarath highlighted the unrealistic expectations some citizens have that a newly elected government could resolve all issues immediately upon taking office. His observations reflect a growing trend of impatience among the populace, seeking quick fixes to deep-rooted problems.

“It’s crucial that our democratic government remains in power for a continuous period of at least ten years to fully address the people’s requirements,” he stated. He further elaborated that only with such stability can ongoing development initiatives be successfully concluded. The Deputy Minister expressed concern regarding the public's tendency to demand immediate results, such as infrastructure improvements, without recognizing the need for time and systematic approaches to implement these changes effectively.

During his speech, Sarath, who acknowledged the real struggles facing those living in poverty, assured attendees of his awareness of the challenges faced by the community. He stressed that the government is making strides to manage existing state resources effectively and is continuously addressing the genuine needs of the populace.

By focusing on orderly management and prioritization of public needs, the government is committed to taking necessary action to ensure that long-term developmental goals are met.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. මදි... අවුරුදු පනහක් විතර ඉන්න වා ප්ලෑන් කර ගන්ඩ අපිත් ඔයාලා තියලා තියන්නම් අවුරුදු පනහක් විතර

    ReplyDelete
  2. ඇයි යකෝ 10ක්? එක පෑන් පාරෙන් කරනව කියලනෙ බලය ගත්තේ කාලකන්නි

    ReplyDelete
  3. ඉක්මනටම රට දියුණු කරන්න බැරිඋනේ පිකප් ටික ගෙන්න ගන්න පරක්කුවුන නිසයි. වෙන කිසිදෙයක් නිසා නොවේ

    ReplyDelete
Previous Post Next Post