2026 වසරේ දෙවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ තරුණ විරැකියා අනුපාතිකය සියයට 17.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
විශේෂයෙන් මෙරට තරුණියන් අතර විරැකියා අනුපාතිකය සියයට 22.4 ක් වැනි ඉහළ අගයක් ගැනීම හරහා, තරුණ ප්‍රජාව රැකියා අවස්ථා සුරක්ෂිත කරගැනීමේදී මුහුණ දෙන බරපතළ අභියෝගය මනාව පැහැදිලි වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
2026 අප්‍රේල් සිට ජූනි දක්වා කාලසීමාව ආවරණය කරමින් සකස් කරන ලද ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාවට අනුව, මෙරට වයස අවුරුදු 15 ත් 24 ත් අතර වයස් සීමාවේ පසුවන තරුණ තරුණියන් 150,684 දෙනෙකු රැකියා විරහිතව සිටින බව ගණන් බලා තිබේ.
එහිදී තරුණයන්ගේ විරැකියා අනුපාතිකය සියයට 15.5 ක් ලෙස සටහන් වන අතරතුර, තරුණියන්ගේ එම අගය සියයට 22.4 ක් දක්වා ඉහළ යාම මඟින් ශ්‍රම වෙළෙඳපොළට පිවිසීමේදී කාන්තාවන් සහ පිරිමින් අතර පවතින පුළුල් අවස්ථා විෂමතාව පිළිබිඹු වේ.
මෙම කාර්තුව තුළ මෙරට සමස්ත විරැකියා අනුපාතිකය සියයට 4 ක් ලෙස වාර්තා වී ඇති අතර, ඒ අනුව රට පුරා රැකියා විරහිතව සිටින මුළු පුද්ගලයන් සංඛ්‍යාව 340,240 කි. වයස අවුරුදු 25 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ පිරිස් අතරද විරැකියාව සියයට 12.1 ක ඉහළ මට්ටමක පවතින අතර, එම වයස් කාණ්ඩයේ පිරිමින්ගේ විරැකියාව සියයට 7.7 ක් වන විට කාන්තා විරැකියාව සියයට 19.7 ක අගයක් ගෙන තිබේ.
එමෙන්ම ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් අතරද ඉහළ විරැකියා ප්‍රතිශතයක් දක්නට ලැබීම විශේෂත්වයකි. අ.පො.ස. උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ සමස්ත විරැකියා අනුපාතිකය සියයට 6.7 ක් වන අතර, ඉන් පිරිමි පාර්ශ්වයේ විරැකියාව සියයට 3.9 ක් වන විට කාන්තාවන්ගේ විරැකියාව සියයට 9.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. උගත් රැකියා අපේක්ෂිතයන් සහ තරුණියන් මුහුණ දෙන මෙම අර්බුදයට නිශ්චිත හේතු සාධක මෙම සමීක්ෂණයෙන් දක්වා නොමැති වුවද, සංඛ්‍යාලේඛන මඟින් එම ගැටලුවේ බරපතළකම අවධාරණය කෙරේ.
දෙවන කාර්තුව තුළ මෙරට සමස්ත සේවා නියුක්ත ජනගහනය මිලියන 8.24 ක් ලෙස ගණන් බලා ඇති අතර, ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය ආසන්න වශයෙන් මිලියන 8.59 කි. සමස්ත ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය සියයට 50 ක් ලෙස සටහන් වුවද, එහිදී පිරිමි පාර්ශ්වයේ සහභාගීත්වය සියයට 70.3 ක් වන අතර වයස අවුරුදු 15 ට වැඩි කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය සියයට 32.7 ක පහළ අගයක පවතී.
Sri Lanka's Youth Unemployment Rate Surges to 17.8% in Second Quarter of 2026
The youth unemployment rate in Sri Lanka has climbed to 17.8% by the second quarter of 2026, according to the latest report released by the Department of Census and Statistics. This alarming statistic underscores the significant challenges faced by the younger population in securing job opportunities.
Particularly concerning is the rate among young women, which currently stands at a staggering 22.4%. This disparity highlights the heavy obstacles that the young demographic encounters in the labor market, as pointed out by the department.
The Labor Force Survey report, covering the period from April to June 2026, reveals that 150,684 individuals aged between 15 and 24 are currently jobless. In this demographic, the overall unemployment rate for youth is 15.5%, while the number for young women sharply increases to 22.4%, reflecting a broader imbalance in job opportunities between genders.
The total unemployment rate for the country during this quarter has been reported at 4%, amounting to 340,240 people across Sri Lanka without jobs. Furthermore, young men aged 25 to 29 have an unemployment rate of 12.1%, with 7.7% for men in this category, contrasting starkly with the 19.7% rate for women.
Interestingly, the report also highlights high unemployment rates among youth with advanced educational qualifications. For those with qualifications at the A-Level or higher, the overall unemployment rate is 6.7%, with men experiencing a rate of 3.9% and women at 9.6%. Although the survey does not specify the exact reasons behind this pressing issue faced by educated job seekers, the statistics clearly emphasize the severity of the problem.
During the second quarter, the total employed population in Sri Lanka was estimated at 8.24 million, with the economically active population hovering around 8.59 million. Although the overall labor force participation rate stands at 50%, it is concerning that male participation is at a high 70.3%, while female participation among women aged 15 and over is significantly lower at just 32.7%.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
