ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර ආයෝජන සිදුවීමට අදාළව තමන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස්කර ගැනීමට පියවර ගෙන තිබේ.
මෙම නඩු කටයුත්ත සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉදිරියේදී නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවත්, ඒ හේතුවෙන් අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන නොගොස් මෙලෙස ඉල්ලා අස්කර ගන්නා බවත් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී ඇත
Former Central Bank Governor Seeks to Withdraw Appeal in High-Profile Case
In a significant development regarding the controversial Greek bond investment case, former Central Bank Governor Ajith Nivard Cabraal has initiated steps to withdraw an appeal filed against him in the Colombo Permanent High Court. This appeal was lodged as part of a legal challenge related to the ongoing proceedings connected to the contentious investment.
Legal representatives for Cabraal disclosed that the Colombo Permanent High Court is expected to issue a directive concerning the case in the near future. They further indicated that, in light of this anticipated ruling, Cabraal has opted not to pursue the matter further and is thus formally requesting the High Court to dismiss the appeal.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මුන් තාම උසාවිය එක්ක හැන්ගි මුත්තත් මච්චිල් ප්ලේ කරනවා....
ReplyDelete