කුමාර ජයකොඩි යලි ඇමති ධුරයකට..?


ඉල්ලා අස්වූ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එළැඹෙන ජනවාරි මාසය වන විට නැවතත් අමාත්‍ය ධුරයක් ලබාදීමේ සූදානමක් ආණ්ඩුව අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අනාවරණය කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

විදුලිබල අමාත්‍යාංශයේ මතුවූ අර්බුදකාරී තත්ත්වයන් සහ ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටලු හමුවේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙන්ම එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතාද මීට පෙර සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණි. එවන් පසුබිමක ඔහු නැවත ඇමැති ධුරයකට පත්කිරීමට ආණ්ඩුව සැරසෙන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු මාර්ගයෙන් තමන් වෙත ලැබී ඇති නිල කමිටු වාර්තාවක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් රටට සිදුව ඇති සමස්ත අලාභය රුපියල් බිලියන 20කට ආසන්න වන බවයි. වත්මන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙම පාඩුව රුපියල් බිලියන 15.68ක් ලෙස දක්වමින් සත්‍යය යටපත් කිරීමට උත්සාහ කරන බවටද හෙතෙම චෝදනා කළේය.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු හේතුවෙන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් අහිමිවීම මත, එම හිඟය පියවා ගැනීමට විදුලිය මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 8.572ක් වැය කර ඇත.

බාල ගල්අඟුරුවලින් අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීමට වැඩිපුර ගල්අඟුරු දහනය කිරීම නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 7.099කි.

යන්ත්‍රෝපකරණවල අමතර නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 80.4ක්ද, බාල ගල්අඟුරු නිසා විශාල වශයෙන් එකතු වූ අළු හැසිරවීම සඳහා රුපියල් මිලියන 13.1ක්ද වැයවී තිබේ.

නැව් 25ක ටෙන්ඩරයෙන් පැමිණ ඇත්තේ නැව් 19ක් පමණක් බැවින්, ඉතිරි නැව් 5 හදිසි මිලදී ගැනීම් යටතේ වෙළෙඳපොළ මිලට වඩා වැඩියෙන් රුපියල් මිලියන 2,284ක් ගෙවා ලබාගෙන ඇත.

ගල්අඟුරු බාල බව තහවුරු කරගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ 'බියුරෝ වෙරිටාස්' (Bureau Veritas) සමාගම මඟින් නැව් 19ම පරීක්ෂා කිරීමට එක් නැවකට රුපියල් මිලියන 1.4 බැගින් මිලියන 26.6ක් ගෙවා තිබේ.

සැප්තැම්බර් 01 සිට 04 දක්වා එක් නැවක් ප්‍රමාද වීම නිසා විදුලිය මිලදී ගැනීමට අමතරව රුපියල් මිලියන 402.8ක් වැයවී ඇත.

මෙම ගණනය කිරීම්වලට අමතරව, මෙගාවොට් 300ක හිඟය පියවීමට ඩීසල් මඟින් විදුලිය උත්පාදනය කිරීමේදී රජය දැරූ දැවැන්ත පාඩුව මෙම වාර්තාවලට ඇතුළත් කර නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 700ක්ව පැවති සමයේ රජය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලීටරයකට රුපියල් 350ක පාඩුවක් දරා ඇති බවත්, එම පාඩුවද ගණනය කළ විට සමස්ත වංචාවේ අලාභය රුපියල් බිලියන 20 ඉක්මවන බවත් ඔහු පැවසීය.

මහජන මුදල් සතයක්වත් හොරකම් කිරීමට හෝ නාස්ති කිරීමට ඉඩ නොතබන බවට ජනතාව හමුවේ වේදිකාවල ප්‍රතිඥා දුන් වත්මන් පාලකයන්, බලයට පත්වීමෙන් පසු ජනතාව මුළා කරමින් මෙවැනි මහා පරිමාණ නාස්තිකාර ගනුදෙනු සිදුකරමින් සිටින බවද මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.





Government Plans to Reappoint Former Minister Kumar Jayakody Amid Ongoing Power Crises

The government is preparing to reinstate Kumar Jayakody as Minister of Power and Energy by January, despite his recent resignation amidst a crisis in the electricity sector, revealed S.M. Marikkar, a member of the Samagi Jana Balawegaya party. This revelation was made during a media briefing held in Colombo.

Jayakody's resignation, along with that of the Secretary of the Ministry, Professor Udayanga Hemapala, was prompted by significant issues in the electricity ministry and challenges in coal procurement. Marikkar highlighted that in light of these circumstances, there is an internal move within the government to reappoint Jayakody, indicating the complexities surrounding the current administration's handling of energy-related crises.

Referencing an official committee report received from an additional secretary in the ministry, Marikkar disclosed that the total losses incurred by the country due to the import of substandard coal amount to approximately Rs. 20 billion. He criticized current Minister of Power and Energy, Anura Yapa Karunathilaka, for allegedly attempting to downplay the losses, declaring them to be only Rs. 15.68 billion.

Due to the loss of 300 megawatts of power capacity caused by the use of inferior coal, a staggering Rs. 8.572 billion has been spent on purchasing electricity to cover the deficit. The reliance on poor-quality coal has led to additional losses estimated at Rs. 7.099 billion due to the need for increased coal combustion to generate the required electricity.

The government has also allocated Rs. 80.4 million for extra maintenance of equipment and Rs. 13.1 million for managing the substantial ash fallout resulting from the poor-quality coal.

Despite a tender for 25 ships, only 19 arrived, forcing the government to make urgent purchases, resulting in an excess payment of Rs. 2.284 billion compared to market prices. To confirm the quality of the coal, Rs. 26.6 million was paid to Bureau Veritas, an Australian company, for inspecting the 19 ships, costing Rs. 1.4 million per vessel.

An additional expenditure of Rs. 402.8 million was necessitated due to delays involving one ship from September 1 to 4. Marikkar emphasized that these calculations do not account for the tremendous losses incurred by the government from generating electricity using diesel to compensate for the 300 megawatt shortfall. He noted that during this period, the government was absorbing a loss of Rs. 350 per liter on diesel costing Rs. 700, further inflating the total loss beyond Rs. 20 billion when included.

Marikkar criticized the current administration for engaging in these large-scale corrupt transactions, underscoring that the ruling leaders had previously promised not to allow any public funds to be misappropriated or wasted, yet are now failing the public's trust.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post