කොළඹ විහාරමහාදේවි උද්යානය අසල පැවති භික්ෂු විරෝධතාවක් අතරතුර පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයෙකු පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයට සම්බන්ධ බව පවසමින් පූජ්ය බලංගොඩ කස්සප හිමියන් සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල මගින් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර ඇත්තේ, අදාළ සැකකරු සහ තම පක්ෂයේ පැලවත්ත ප්රධාන කාර්යාලය අතර කිසිදු ආකාරයක සබඳතාවක් නොමැති බවයි.
බලංගොඩ කස්සප හිමියන් විසින් සිදුකර ඇත්තේ සම්පූර්ණයෙන්ම සාවද්ය හා පදනම් විරහිත ප්රකාශයක් බවත්, එය රට තුළ මහජන නොසන්සුන්තාවයක් සහ කැළඹීමක් ඇති කිරීමට හේතුවිය හැකි බවත් එම පැමිණිල්ලේ දැක්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද නිරන්තරයෙන් පැලවත්ත පක්ෂ මූලස්ථාන පරිශ්රය වෙත පැමිණෙන බැවින්, මෙවැනි අසත්ය ප්රකාශ හේතුවෙන් පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බව ද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දී ඇත.
මෙම අසත්ය චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින ජනතා විමුක්ති පෙරමුණ, ඊට අදාළ වීඩියෝ දර්ශන සහ සමාජ මාධ්ය ජාලාවල සංසරණය වූ සටහන් ද සාක්ෂි වශයෙන් පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
Inquiry Requested into Statements by Buddhist Monk Regarding Political Rival
The Janatha Vimukthi Peramuna (JVP) has formally requested a comprehensive investigation from the Kurunduwatta Police following allegations made by Venerable Balangoda Kassapa during a protest near the Viharamahadevi Park in Colombo. Kassapa claimed the arrest of an individual linked to the JVP's main office in Pelawatta.
The JVP emphasized in its complaint that there is no connection whatsoever between the suspect and their Pelawatta headquarters. They characterized the claims made by Venerable Kassapa as entirely baseless and misleading, warning that such statements could instigate unrest among the public.
With President Anura Kumara Dissanayake frequently visiting the Pelawatta party headquarters, the JVP highlighted the severe threat these unfounded allegations pose to the security of the party's premises.
In their push for an investigation into the erroneous claims, the JVP has also taken steps to submit related video footage and posts that circulated on social media to the police as evidence.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනුර ගහන්න පුළුවන් හැම ආයුධයක් ම පාවිච්චි කරනවා බුද්ධ චීවරයට.ඔයාට තමයි මේ වෛරය අවසන් කරගන්න පුළුවන්.අපට ඉතින් පවට පිං දෙන්න බෑනේ.
ReplyDeleteඅපේ උතුම් බුද්ධ භූමියේ, සිංහල - බෞද්ධයා ගේ සාරය සූරාගෙන ගිය, යටත්විජිත වාදී මංකොල්ල කාරයන් උන්ගේ පාලනය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා නව යටත් විජිත වාදය පහසු කරගනු පිණිස කළු සුද්දන් පිරිසක් බිහිකර, රෝම-ලන්දේසි නීතිය රටේ බලාත්මක කර රටේ පාරම්පරික උරුමක්කරුවන්ව මර්ධනය කරන්න යොදාගනු ලබනවා, ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට උන්ගේ ඒ අවනීතිය ක්රියාත්මක කරනවා බලා සිටීමට සිදුවීමත් සංවේග ජනකයි. ඒත් ඒ අවනීතිය ක්රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.
ReplyDeleteජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ. අහිංසක සාමාන්ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම නිසා හෝ අවම කිරීම සඳහා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් මේ ත්රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක මුන් හැතිකරයම එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් ජනතා සෝ සුසුම් මහා වස් කවි බවට පත්වී හෙන හතක් වැදී මකබෑවිලා යනවා ඒකාන්තයි.
ReplyDeleteපාහර, ත්රස්අතවාදී ජෙප්පන්ගේ අනීතික නියෝග ක්රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.
ReplyDelete"සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්ම්පං උපාදාය"...ආදී වූ ගාථාවන් කියා සිවුරු පොරවාගෙන සසුන් ගතවූ පැවිදි උත්තමයාණන් වහන්සේලා අද ඒ සසුන් බිමට පැමිණ තිබින්නේ බොහෝ කැපකීම් කරලයි. එක එකාට ඕන විදියට ඒ උතුම් බුද්ධ චීවර ගලවා දමන්න නෙවෙයි. මේ මහා පාපකර්ම වලට වචනයකින් හෝ සම්බන්ධ වූ හැම එකාටම දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොවදීත්, අපරාපරීය වශයෙන් පරලොව දීත් ඉතාමත් ඉක්මණින් විපාක විඳීමට සිදුවනවා ඒකාන්තයි.
කස්සප හිමියනි බිය නොවන්න... රාත්රියේ මා විමනට වඩින්න.
ReplyDelete