ඖෂධ හිඟය ගැන කතා කිරීම අලුත් පනතින් ත්‍රස්තවාදී ක්‍රියාවක්..


 රජය අලුතින් සම්මත කර ගැනීමට සූදානම් වන ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත’ සහ ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත’ තුළ පවතින අපැහැදිලි ප්‍රතිපාදන හේතුවෙන්, මෙරට පවතින ඖෂධ හිඟය, බාල ඖෂධ ජාවාරම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීම පවා ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙස අර්ථකථනය කර වෘත්තීය සමිති හා සිවිල් නායකයින් සිරගත කිරීමේ බරපතළ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අසීමිත සහ අභිමත බලයක් පවරන මෙම අණපනත් මගින් මෙරට මූලික මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුළුමනින්ම මකා දැමීමට කටයුතු සූදානම් වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේද සඳහන් කළේය.

"යම් හෙයකින් මෙවැනි මර්දනකාරී නීති පසුගිය කාලසීමාවේදී ක්‍රියාත්මක වූයේ නම්, බාල ඖෂධ ගෙන්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන්ට එරෙහිව මහජන උද්ඝෝෂණ සහ සිවිල් සටන් දියත් කිරීමට අපට කිසිසේත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එසේ වූවා නම් අදටත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයේම වැජඹෙනු නොඅනුමානයි.

මෙම කෙටුම්පත්වල පවතින අපැහැදිලි නිර්වචන ප්‍රයෝජනයට ගනිමින්, අධ්‍යාපන හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සහ මහජන පීඩාවන් සම්බන්ධයෙන් හඬ නගන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු ප්‍රමුඛ පෙළේ වෘත්තීය හා සිවිල් සංවිධාන පවා ‘ත්‍රස්තවාදී සංවිධාන’ ලෙස ලේබල් කිරීමට මෙමගින් නීතිමය ඉඩකඩ නිර්මාණය වෙනවා.

අද වන විට මුළු ලොව පුරාම ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපන අර්බුද හමුවේ කලකිරීමට පත් සිවිල් වැසියන් සහ තරුණයින් පාලකයන්ට එරෙහිව අරගල කරනවා. එහෙත් ලෝකයේ කිසිදු ශිෂ්ටසම්පන්න රටක් එම සාධාරණ ජනතා අරගල ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වන්නේ නැහැ. ආණ්ඩුව මේ සූදානම් වන්නේ දේශපාලන පක්ෂ මර්දනයෙන් නොනැවතී, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ ආගමික සංවිධාන පවා දඩයම් කර මුළුමනින්ම නිහඬ කිරීමටයි. තමන් මුහුණ දෙන අසාධාරණයන් පිළිබඳව පුරවැසියෙකු සමාජ මාධ්‍ය ජාලාවල සටහනක් තැබීම පවා ත්‍රස්තවාදී වරදක් බවට පත්කිරීමට හැකි මෙම අන්තරායකාරී තත්ත්වය පිළිබඳව මුළු රටම වහා අවදි විය යුතුයි."





Concerns Over New Anti-Terror Legislation’s Impact on Civil Rights in Sri Lanka

The Ministry of Health is raising alarms over recently proposed legislation designed to combat organized crime and terrorism. These new laws, particularly their vague provisions, threaten to categorize exposing the nation’s ongoing shortage of medicines, child drug trafficking, and corruption in the health sector as acts of terrorism. Dr. Chamal Sanjeewa, President of the Medical Professionals’ Trade Union, points out that this creates a serious risk of arrest for professionals and civil leaders who challenge the status quo.

Speaking at a press conference held in Colombo by the National Professionals and Civil Front, Dr. Sanjeewa emphasized that the sweeping and arbitrary powers granted to law enforcement agencies could lead to a complete erosion of fundamental human rights and democratic freedoms in the country.

He elaborated on the potential consequences, stating, “If such repressive laws had been in effect during previous protests against former Health Minister Keheliya Rambukwella and corrupt officials within the Ministry, we would never have had the opportunity to mobilize public demonstrations and civil actions. Today, it is not far-fetched to think that Rambukwella could still be in office.”

Dr. Sanjeewa highlighted that the ambiguous definitions present in the proposed legislation could be exploited to label groups voicing concerns over issues in education or healthcare, including the government medical officers’ association and prominent civil organizations, as “terrorist organizations.”

As youth and ordinary citizens globally grapple with economic, healthcare, and educational crises, they continue to protest against governing authorities. However, no reputable nation considers these legitimate struggles as terrorist actions. The government appears determined to suppress not only political dissent but also to target trade unions, civil organizations, and religious groups. This precarious situation, where even a citizen posting about injustices on social media could be branded as a terrorist, demands immediate and critical awareness from the entire nation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. තේරෙන්නැද්ද ??
    ඔය පනත් ගේන්නෙ ජනතාවගෙ අවශ්‍යතා ඉෂ්ඨ කරන්න නෙවේ.
    ආණ්ඩුවේ අවශ්‍යතා වෙනුවෙන්. කිසිම කෙනෙක්ට ආණ්ඩුවට විරුද්ධ වෙන්න නොදී බලහත්කාරයෙන් පාලනය ගෙනියන්න ඔය දඟලන්නෙ..
    බලන්නකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..
    චන්දෙ දීපු එවුන්ට තේරෙයි කොටි වලිගෙ නේද මේ අල්ලාගෙන තියෙන්නෙ කියලා...

    ReplyDelete
    Replies
    1. hi ane bai geniye wadak balan kuliyak karan hitapan thopi 22 genakotavmokada kiwwe ko 22🤣🤣

      Delete
Previous Post Next Post