ක්‍රිස්තු පූර්ව යුගයේත් අපේ අයට ලියන්න, කියවන්න පුළුවන්..- ඇමති


 වත්මන් සමාජයේ පවතින මත්ද්‍රව්‍ය ව්‍යසනය ඇතුළු විවිධ උපද්‍රවයන්ගෙන් තරුණ පරපුර මුදාගැනීම සඳහා සාහිත්‍යය, සංගීතය, කලාව සහ ක්‍රීඩාව වෙත ඔවුන් යොමු කිරීම වැදගත් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති ආණමඩුව ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය අමතමිනි.

භෞතික සම්පත් කොතරම් සංවර්ධනය කළ ද, මානව සම්පත පිරිහුණු සමාජයකින් සතුටුදායක අනාගතයක් නිර්මාණය කළ නොහැකි බවත්, රටක් ගොඩනැගීමට නම් පළමුව සංස්කෘතික මිනිසෙක් බිහි කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

සාහිත්‍යය සහ මිනිස් ජීවිතය අතර පවතින සබඳතාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පුරාණ හිතෝපදේශ කෘතියේ සඳහන් වන පරිදි සාහිත්‍යයෙන්, සංගීතයෙන් සහ කලාවෙන් තොර මිනිසා සතෙකුට සමාන වන බවයි. 

විශ්වයේ ඉතිහාසය සමඟ සැසඳීමේදී මිනිසා ජීවත් වන කෙටි කාලය තුළ සමාජයට වැඩදායී සහ ප්‍රයෝජනවත් පුද්ගලයෙකු ලෙස ජීවත් වීම අත්‍යවශ්‍ය වේ. අතීතයේ සිට ම තමන් මුහුණ දුන් විවිධ දුෂ්කරතාවන් හා චිත්තවේගයන් පාලනය කරගැනීමට මිනිසා සාහිත්‍යය සහ කලාව උපයෝගී කරගත් අතර, කරත්ත කවි, ගොයම් කවි සහ පැල්කවි වැනි ජන සාහිත්‍ය අංග නිර්මාණය වූයේ ද එම අභියෝගයන් සාර්ථකව ජයගැනීමට බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

එමෙන්ම සාක්ෂරතාවේ නව මානයන් පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ක්‍රිස්තු පූර්ව යුගයට අයත් තෝනිගල සෙල්ලිපිය වැනි පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පැහැදිලි වන්නේ අතීතයේ සිටම මෙරට ජනතාවට කියවීමේ සහ ලිවීමේ හැකියාව තිබූ බවයි. 

කෙසේ වෙතත්, වර්තමානය වන විට හුදෙක් ලිවීමට හා කියවීමට ඇති හැකියාවට එහා ගිය පාරිසරික සාක්ෂරතාව (Environmental Literacy) සහ ආර්ථික සාක්ෂරතාව (Economic Literacy) සමාජයට අත්‍යවශ්‍ය වී තිබේ. 

පරිසරය විනාශ නොකර ආරක්ෂා කරගැනීමත්, උපයා ගන්නා ධනය නිසි පරිදි කළමනාකරණය කරමින් ආයෝජනය කිරීමත් තුළින් යහපත් සමාජයක් ගොඩනැගිය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් බලාපොරොත්තු වන්නේ හුදෙක් උසස් ගොඩනැගිලි හෝ මාර්ග සංවර්ධනය කිරීම පමණක් නොව, ලස්සන ජීවිතයක් උරුම කරගත් සංස්කෘතික මිනිසෙකු බිහි කිරීමයි. 

මත්ද්‍රව්‍ය හා අපරාධවලින් තොර රටක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින අතර, බිඳ වැටුණු ආර්ථිකය සහ සමාජය නැවත ගොඩනැගීමේදී මෙවැනි සාහිත්‍ය උත්සවවලින් ලබන ආදර්ශය ඉමහත් පිටුවහලක් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී සාහිත්‍ය උත්සවයට සමගාමීව පවත්වන ලද සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහි පාසල් සිසුන් වෙත තිළිණ හා සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරුණු අතර ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ නර්තන අංග ද ඉදිරිපත් කෙරිණි.   

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් ලක්මාල් විජේසිංහ මහතා ප්‍රමුඛ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ විශේෂ දේශනය සුගත් සෝමවීර සූරීන් විසින් පවත්වන ලද අතර මෙම උත්සව අවස්ථාවට ප්‍රදේශයේ කලාකරුවන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ පාසල් දූ දරුවන් රැසක් සහභාගී වූහ.





Minister Emphasizes Cultural Engagement to Combat Drug Abuse Among Youth

The growing issue of substance abuse among the youth calls for a strategic redirection towards literature, music, art, and sports, according to the Minister of State Administration, Provincial Councils, and Local Government, Professor Chandana Abeyrathna.

The Minister made these remarks at the Anamaduwa Provincial Literary Festival held at the local Secretary's office, emphasizing the importance of engaging the younger generation in cultural activities.

He pointed out that despite advancements in physical resources, a society devoid of human capital cannot pave the way for a prosperous future. For a nation to thrive, it first needs to cultivate a cultural identity, he asserted.

Discussing the intrinsic relationship between literature and human life, the Minister noted that, as ancient wisdom suggests, a person devoid of literature, music, and art is akin to a wild animal. He highlighted the necessity of living as productive and beneficial individuals within society during our brief existence.

Historically, humanity has relied on art and literature to navigate various challenges and emotional turmoils. The creation of folk traditions such as proverbs, nursery rhymes, and folk tales has enabled people to overcome adversities, a point underscored by the Minister.

Bringing attention to new dimensions of literacy, he referenced archaeological evidence, such as the ancient Thonigala manuscripts, which indicate that the capacity to read and write has been present among the people of this country for centuries.

However, he emphasized that in the present day, environmental and economic literacy have become essential components of societal development, surpassing mere reading and writing skills.

According to the Minister, fostering a positive society is achievable through protecting the environment and properly managing financial resources for investment.

The government's policy statements aim not only to facilitate the construction of imposing structures or the development of transportation systems but also to nurture a culturally rich individual capable of leading a fulfilling life.

As the government remains committed to creating a drug-free and crime-free nation, he noted that the inspiration drawn from such literary events is vital for the reconstruction of a fractured economy and society.

The literary festival featured an award ceremony for student participants in a concurrent literary competition, where certificates and tokens were distributed. Students from local schools showcased their dance performances, adding to the vibrancy of the event.

Organized by the prominent cultural section, the festival was highlighted by a keynote address from Sugath Somawira Surin. The occasion witnessed the participation of local artists, esteemed guests, principals, teachers, officials from the local Secretary's office, and numerous school children.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

Previous Post Next Post