දේශපාලන පක්ෂ භේදයකින් තොරව ගොවි ජනතාව එක්ව පවත්වාගෙන යන ගොවි සංවිධානවල පරිපාලනයට දේශපාලන අධිකාරිය අතපොවන බවට චෝදනා කරමින්, බෙදුම්ඇල ගොවි සමිතියේ සභාපතිවරයා සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා අතර සිදුවූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
අදාළ සංවාදයේදී ගොවි සමිතියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ, තමන් එක්සත් ජාතික පාක්ෂිකයකු වුවද ගම්වාසී ගොවි ජනතාවගේ පූර්ණ එකඟතාව මත ගොවි සංවිධානයේ සභාපති ධුරයට පත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයන් ගොවි සංවිධානයේ කටයුතු අකර්මණ්‍ය කිරීමට සහ එහි පරිපාලනයට දේශපාලනමය වශයෙන් මැදිහත් වීමට උත්සාහ දරන බවට ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ චෝදනා නඟයි.
ගොවි සංවිධාන තුළ ශ්‍රී ලංකා, එජාප හෝ මාලිමාව ආදී පක්ෂ භේද නොමැති බවත්, ගොවි ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වීමට ඉඩකඩ ලබා දෙන ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියි.
එමෙන්ම පසුගිය පාලන සමයන්හිදී අක්‍රමිකතාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වන නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින ලෙසත්, එවැනි පුද්ගලයන් ගොවීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ගොවීන් විසින් සභාපතිවරයා පත් කර ඇත්නම් එම ධුරයේ කටයුතු කරගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවත්, ගොවි සංවිධානය අකර්මණ්‍ය කිරීමේ කිසිදු වුවමනාවක් තමන්ට නොමැති බවත්ය.
යම් නිලධාරියකු අතින් වරදක් සිදුව ඇත්නම් ඊට එරෙහිව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන වෙත සාක්ෂි සහිතව පැමිණිලි කර නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ඔහු උපදෙස් දෙයි.
කෙසේ වෙතත්, බලයට පත්වන ඕනෑම රජයක් යටතේ රජයේ ව්‍යාපෘති සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ අදාළ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්ති හා විෂයභාර අමාත්‍යවරුන් හරහා බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, එය සාමාන්‍ය ක්‍රමවේදය බවත් ඊට දේශපාලන පළිගැනීම් හෝ ඇඟිලි ගැසීම් ලෙස අර්ථකථනය නොකළ යුතු බවත් අවධාරණය කර තිබේ.
Political Tensions Rise as Agricultural Organization Faces Interference Claims
A controversial phone conversation between the Chairman of the Divisional Farmers' Association and Deputy Minister T.B. Serath has surfaced on social media, sparking accusations of political interference in the governance of farmer organizations. This incident highlights the growing unease among farmers regarding political divisions undermining their unity.
During the recorded conversation, the Chairman revealed that despite being affiliated with the United National Party, he was appointed to lead the farmers' organization based on the unanimous agreement of the village farmers. This declaration underlined the collective voice of the agricultural community in the face of looming political influences.
However, he expressed concerns that factions representing the current government are attempting to hinder the operations of the farmers' organization and politically manipulate its management. His remarks reflect a significant concern that internal politics are encroaching on the agricultural sector, which is vital for the livelihoods of many Sri Lankans.
The Chairman stressed the importance of operating free from party affiliations, emphasizing that organizations like theirs should focus on advancing the welfare of farmers without the constraints of political agendas. He urged for a collaborative approach that allows farmers to act in their best interest, reinforcing a call for unity amidst political strife.
He further pointed out that officials previously accused of negligence should not be present in the organization, as their past actions have been rejected by the farmers. This insistence on accountability and transparency is pivotal for rebuilding trust within the agricultural community.
In response, Deputy Minister T.B. Serath acknowledged that if farmers have indeed appointed the Chairman, there should be no obstacles to his leadership. He asserted that he has no intention to disrupt the operations of the farmers’ organization or to exert political control over it.
Serath directed anyone with evidence of misconduct by officials to file formal complaints with relevant institutions, including the Department of Agricultural Services, ensuring that appropriate legal actions are taken against wrongdoings.
However, he clarified that under any government, the implementation of government projects and development programs is typically done through the political policies and subject ministers of the respective administration. This process, he noted, should not be misconstrued as political retribution or interference, but instead viewed as standard operational protocol.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

චූල, හීනමානයෙන් පෙළෙන, වැඩ බැරි, සල්ලාල, පාහර ජෙප්පෝ 🤮🤮🤮 බීඩි කොටා 🤮😡 දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, 😡🤮 අඩු කුලේ, නූගත් පාහර බල්ලා.🤮 බොරු කියලා බත් කන හරක්ව රවටලා පොල් ලෙලි වගේ රැල්ලට බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
ReplyDelete