නාමල්ට ජනාධිපති වෙන්න බැරිවුනොත් ස්ථිරවය රහත් වෙනවා...- තිත්තගල්ලේ හිමි


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපති ධුරයට පත්වීමේ භාග්‍යයක් නොමැති වුවද, ඔහු ස්ථිර වශයෙන්ම රහත් භාවය ලබාගන්නා බව පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ පවසති.

සමාජ මාධ්‍ය නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව අනාවරණය කර තිබේ.

බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරයාගේ වත්මන් චර්යාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, ඔහු සෑම දිනකම අලුයම 4.30ට පමණ අවදි වී පැය තුනක කාලයක් එකදිගට මෛත්‍රී භාවනාවේ යෙදෙන බවත්, ඉන් අනතුරුව ශාරීරික ව්‍යායාමවල නිරත වන බවත්ය.

අතීතයේ සිටි නාමල් රාජපක්ෂ චරිතය වෙනුවට මේ වන විට ආධ්‍යාත්මික වශයෙන් පරිවර්තනය වූ පුද්ගලයෙකු දැකගත හැකි බව පෙන්වා දුන් උන්වහන්සේ, අංගුලිමාලට රහත් විය හැකිනම් නාමල් මන්ත්‍රීවරයාටද රහත් වීමේ හැකියාව පවතින බව පෙන්වා දුන්හ.

තමන් වහන්සේ සතු වසර විස්සක ජ්‍යොතිෂ අත්දැකීම් උපයෝගී කරගනිමින්, නාමල් රාජපක්ෂ මහතා සිරගත වීමට පෙරම ඔහුගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කර බලා ඔහු බන්ධනාගාරගත වන බවට කල්තියා අනාවැකි පළ කළ බවද උන්වහන්සේ එහිදී පැවසූහ.

මෙම සිරගතවීම අතීතයේ කරන ලද බරපතළ අකුසල කර්මයක් විපාක දීමක් බවද උන්වහන්සේගේ අදහසයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිවාර සඳහා පැමිණෙන අවස්ථාවලදී මෙන්ම පවුලේ ඥාතීන් මාර්ගයෙන්ද තමන් වහන්සේ වෙත පණිවිඩ එවීමට කටයුතු කරන බව සඳහන් කළ ආනන්දසිරි හිමියෝ, වර්තමාන තත්ත්වය හමුවේ ඔහුට පිහිට විය හැකි එකම මඟ මෛත්‍රී භාවනාව පමණක් බව වැඩිදුරටත් කියා සිටියහ.





Venerable Anandasiri Reveals Minister Namal Rajapaksa's Spiritual Journey in Remand

Despite the absence of prospects for Namal Rajapaksa to assume the presidency, Venerable Thithtagalle Anandasiri emphasizes that the former minister is embracing a path towards spiritual liberation. During a conversation on a social media channel, he unveiled insights into Rajapaksa’s current routine while in custody.

Elaborating on the daily practices of the imprisoned minister, the Venerable Anandasiri disclosed that Namal rises each morning around 4:30 AM, dedicating three hours to meditation before engaging in physical exercises.

He highlighted a notable transformation in Rajapaksa, asserting that the individual seen today is fundamentally different from the politician of the past, now on a spiritual journey akin to that of the historical figure Angulimala, who achieved enlightenment despite his past wrongdoings.

Utilizing his two decades of astrological experience, Anandasiri shared that he had predicted Rajapaksa's incarceration well before it occurred, having previously examined his astrological charts.

The Venerable monk views Rajapaksa's imprisonment as a consequence of severe karmic actions he committed in the past, suggesting that this situation is a manifestation of his previous misdeeds.

Additionally, Anandasiri noted that family members are actively seeking to communicate messages to Rajapaksa during parliamentary sessions. In light of the current circumstances, he firmly believes that the only avenue for Namal Rajapaksa’s assistance lies in the practice of meditation, underscoring the importance of spiritual pursuits in facing his present challenges.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. අංගුලිමාලගෙ IQ එක 180 යි. නාමල්ගෙ IQ එක 85. කෙබර කොටාගෙ 95. රනිල්ගෙ 140. මහින්දගෙ 90. බූරු පුතාණෝගෙ 85. චම්පකගෙ 140.

    ReplyDelete
  2. එහෙම උනොත් තිබ්බොටුවටයි, තිත්තගල්ලටයි, ඥානසාරටයි නාමල් රහතන්වහන්සේට වඳින්න වෙයි නේ ?

    ReplyDelete
Previous Post Next Post