ශ්රී ලංකාවේ දේශීය මුහුදු තීරයට ඔබ්බෙන් වූ අනන්‍ය ආර්ථික කලාපයේ රැඳී සිටින ඉරාන නෞකාවලට ජලය, ආහාර සහ ඉන්ධන ඇතුළු සැපයුම් ලබා දුනහොත් ශ්‍රී ලංකාවට ද්විතීක සම්බාධකවලට මුහුණ දීමට සිදුවන බවට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය රජයට දැනුම් දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නුවන් රොද්‍රිගෝ මහතා සඳහන් කර ඇත්තේ එම මාධ්‍ය ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
අදාළ ඉරාන නෞකාවලට සැපයුම් ලබා දීමට ඉදිරිපත් වන ඕනෑම රටක සමාගම් වෙත ද්විතීක සම්බාධක පැනවීමට කටයුතු කරන බව ඇමෙරිකාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ මීට සති ගණනාවකට පෙර බව පෙන්වා දනෙ මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජය වෙත විශේෂිත කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව අවධාරණය කර තිබේ.
එමෙන්ම, මුහුදු සීමාවෙන් ඔබ්බෙහි රැඳී සිටින එම නෞකා සම්බන්ධයෙන් මැදිහත්වීමක් සිදු කරන ලෙස ඉල්ලා කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය මඟින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ඉල්ලීමක් සිදු කර ඇත්දැයි කළ විමසීමේදී, තම දැනුවත්භාවය අනුව මෙතෙක් එවැනි කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව ද නුවන් රොද්‍රිගෝ මහතා පවසා ඇත.
පෙර පුවත
ගාළු මුහුදේ ඉරාන නැවුවලට සැපයුම් දුන්නොත් ශ‍්‍රී ලංකාවට සම්බාධක..- WSJ
US Diplomatic Mission Disputes Claims of Economic Sanctions Related to Iranian Vessels
The American embassy in Colombo has firmly refuted claims suggesting that providing supplies such as water, food, and fuel to Iranian vessels anchored in Sri Lanka's exclusive economic zone could expose the country to secondary sanctions. Reports indicating otherwise have been labeled completely false by the Ministry of Foreign Affairs.
In a response to inquiries regarding the matter, spokesperson for the Ministry, Nuwan Rodrigo, emphasized that there is no truth to the assertions circulating in the media.
Weeks prior, the United States officially declared intentions to impose secondary sanctions on any companies from nations that facilitate supplies to the Iranian vessels. However, Rodrigo clarified that the embassy in Colombo has not issued any specific notifications to the Sri Lankan government regarding these sanctions.
When questioned about whether the Iranian embassy in Colombo has made any diplomatic requests concerning intervention with the stranded vessels, Rodrigo stated that, to his knowledge, no such requests have been put forward thus far.
Related News
Potential sanctions on Sri Lanka if supplies are provided to Iranian ships in the Gulf - WSJ
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තවමත් ජූලි චං කොරියානු සම්භවය සහිත ත්‍රස්තවාදී ඇමරිකානු හැතිරිය විසින් මෙහෙයවන හොරිකට ආණ්ඩුව ඇමරිකානු ත්‍රස්තවාදී රාජ්‍යය විසින් අපේ ස්වාධීන රාජ්‍යයට කරන අවමන් සහගත බලපෑම් රටේ ජනතාවගෙන් වසන් කිරීමට දරන නිර්ලජ්ජිත උත්සාහයක් 🤮🤮🤮
ReplyDeleteඑහෙමනම් මේ වෙනකොට අපේ මුහුදු සීමාවෙන් එපිට අපේරට ආසාන්නයෙ දැඩි ආහාර සහ ජල හිඟයකින් පෙළෙන මෙම නෞකා 20ට ආහාර සහ ජලය ලබා නොදෙන්නේ ඇයි? අපිට අවශ්‍යම වෙලාවෙදි උදව් කළ රටක් ඉරාන් කියන්නෙ. එක්කො ලපාණ්ඩුව භය වෙලාද?
ReplyDeleteඉතින් බලපෑමක් නැත්තන් ආච්චිට හාල් ගරන්නෙ නැතුව උන්ට කන්න බොන්න ටිකක් හරි දීපන්.
ReplyDeleteමොකද අවුරුදු ගානක් ඒ මිනිස්සු අපේ තේ ටික අරන් මේ රටේ මිනිස්සුන්ගේ බඩගින්නට පිහිට උනා. කලගුණ අමතක කරන්න එපා.
කලින් පාර නාවිකයො බේර ගත්තු එක වටිනවා.
ReplyDeleteඒ වගේ මේ පාරත් ඉරානයට නොව එහි සිටිනා මිනිස්සුන්ට මානුශීය හැඟීමෙන් උදව් කරනු ඇතැයි සිතමු.
වී ගොවියාට මෙන් මැරුණත් වී මිල වැඩි නොකරනවා වැනි අමනකම් අමතක කර මෙය නම් කල යුතුවම ඇත