දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූර්ණ හා අර්ධ හානි සිදු වූ නිවාස සඳහා දෙවන අදියර යටතේ වන්දි චෙක් පත් ප්රදානය කිරීමේ විශේෂ වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වත්මන් රජය පසුගිය වසර තුළ මහජන බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයේ මුදල් ඉතිරි කර ගැනීමට සමත් වූ බවත් රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති කිසිවක් නතර නොකර, එම ඉතිරි කරගත් මුදලින් ආපදා සහන කටයුතු වෙනුවෙන් ම අති විශාල මුදලක් වෙන් කිරීමට රජය පියවර ගත් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.
ආපදාව සිදුවූ මුල් අවස්ථාවේදී ජනතාවට ක්ෂණික සහන සපයමින් ආහාර පාන ලබා දීමට මෙන් ම, නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000ක්, විනාශ වූ මුළුතැන්ගෙයි උපකරණ සඳහා රුපියල් 50,000ක්, පාසල් දරුවෙකු සඳහා රුපියල් 25,000ක් සහ තාවකාලික නිවාස කුලී සඳහා මාසිකව රුපියල් 25,000 බැවින් ලබා දීමට රජය පියවර ගත් බව සිහිපත් කළ අමාත්‍යවරයා, විනාශ වූ නිවාස, ගොවිතැන්, ව්‍යාපාර හා සතුන් වෙනුවෙන් දීර්ඝකාලීන සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ ආරම්භ කළ බවත් සඳහන් කළේ ය.
මෙම දිට්වා ආපදා සහනාධාර ලබාදීම හරහා සෘජු ප්‍රතිලාභීන්ට පමණක් නොව සමස්ත ග්‍රාමීය ආර්ථිකයටම මහත් උත්තේජනයක් ලැබෙන බව කී අමාත්‍යවරයා, ගෙවල් හැදීමට යොදවන මුදල් හරහා වැලි හා බ්ලොක් ගල් සපයන්නන්, මේසන් හා වඩු බාස්වරුන්, හාඩ්වෙයාර් ව්‍යාපාරිකයන්, විදුලි කාර්මිකයන්, ප්‍රවාහන සේවකයන් මෙන් ම ගමේ එළවළු හා මාළු වෙළෙන්ඳා දක්වා විශාල පිරිසකට ආදායම් මාර්ග නිර්මාණය වන බව ද සඳහන් කළේ ය.
මෙලෙස ලබා දෙන සහනාධාර මුදල් මහජන මුදල් බැවින්, ඒවා වෙනත් කටයුතු සඳහා අවභාවිත නොකර නිවාස ඉදිකිරීමේ හා අලුත්වැඩියා කිරීමේ අරමුණ සඳහාම පමණක් යොදවන ලෙස ඉල්ලා සිටි අතර මෙම නිවාස ඉදිකිරීම් කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ඉංජිනේරුවන් සහ මහජන නියෝජිතයන් විසින් දැඩි ලෙස අධීක්ෂණය කරන බවත්, වාරික වශයෙන් මුදල් නිදහස් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.
මෙම අවස්ථාවට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආලෝක බණ්ඩාර මහතා, පුත්තලම දිස්ත්‍රික් අතිරේක දිසාපතිතුමා, මහකුඹුක්කඩවල වැඩබලන ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
Relief Program Launched for Flood-Affected Homes in Puttalam District
A special program to distribute compensation cheques for fully and partially damaged homes in the Mahakumbukadawala Grama Niladhari division of the Puttalam district was inaugurated under the leadership of Minister of State Administration, Provincial Councils, and Local Government, Professor Chandana Abeyrathne. This initiative comes in the wake of the distress caused by the recent flooding.
The Minister highlighted that the current government has efficiently managed public tax revenues over the past year, allowing the treasury to accumulate savings. He noted that unlike previous administrations, the government has ensured that ongoing development projects remain on track, allocating a substantial portion of these savings for disaster relief efforts.
During the initial phase of the disaster response, the government provided immediate assistance by distributing food and beverages. Additionally, it allocated funds amounting to LKR 25,000 for cleaning homes, LKR 50,000 for replacement kitchen appliances, LKR 25,000 for schoolchildren, and LKR 25,000 as monthly support for temporary accommodations. The Minister emphasized that a comprehensive long-term relief plan for those who lost homes, crops, businesses, and livestock has also begun.
According to the Minister, the provision of disaster relief will not only benefit direct recipients but will also stimulate the overall rural economy. He pointed out that funding for home reconstruction will create income opportunities for numerous suppliers of sand and concrete blocks, masons and carpenters, hardware vendors, electricians, and transport service providers, extending to local vegetable and fish vendors.
He urged that the relief funds, sourced from public money, must solely be utilized for housing construction and repairs, and not for any unrelated expenses. Furthermore, he assured that the construction activities would be closely monitored by divisional secretaries, village officers, engineers, and public representatives, with funds released in installments to ensure accountability.
This event was attended by several local dignitaries, including the Chairperson of the Anamaduwa Pradeshiya Sabha, Aloka Bandara, the Additional District Secretary of Puttalam, and various government officials and residents of the area.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රටේ සංවර්ධන කටයුතුවලට සල්ලි යොදවන්නේ නෑ. රස්සා දෙන්නෙ නෑ. රෝහල් වලට බෙහෙත් ගෙනෙන්න සල්ලි වියදම් කරන්නෙ නෑ. ලෙඩ්ඩු මැරෙනවා. මිනිස්සුන්ගෙ රීරිමාන්ශ ඇදලා ගන්න ටැක්ස් සල්ලි භාණ්ඩාගාරයේ සේප්පුවල පුස්කනවා. මුන් පම්පෝරි ගහනවා.
ReplyDelete