ඥානසාර හිමිට සමාව දීම ගැන ජනාධිපති තීන්දුව ගනී..- අගමැතිනි


බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම හෝ උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දීම මුළුමනින්ම අධිකරණ ක්‍රියාවලියක් හා බැඳී පවතින කාරණයක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණයට ගරු කරමින් නිසි වේලාවට නිවැරදි තීරණය ගනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය.

මහනුවර ඓතිහාසික මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන් වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරතන මහානාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තාය. 

එහිදී 2027 වසරේදී ආරම්භ කිරීමට නියමිත 6 වසර ඇතුළු පාසල් විෂය මාලා සංශෝධනය කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය මහානාහිමිවරුන් දැනුවත් කළාය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරියගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ, ඥානසාර හිමියන්ගේ සිවුර අයිතිය මුල්කරගෙන මහනුවර දළදා මාළිගාව අභියසින් ආරම්භ වූ පාගමන මේ වන විට උන්වහන්සේ නිදහස් කරගැනීමේ අරමුණ දක්වා පරිවර්තනය වී ඇති පසුබිමක, රජය විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දීමට කිසියම් අදහසක් පවතින්නේද යන්නයි.

ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරිය මෙසේ අවධාරණය කළාය.

"ඒක අධිකරණ ක්‍රියාවලියක්. අධිකරණයෙන් තමයි ඊට අදාළ තීන්දුව දීලා තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපිට උපදෙස් ලබාගන්න වෙන්නෙත් අධිකරණයෙන්මයි. ජනාධිපතිතුමා කියන්නේ හරි තීරණය හරි වෙලාවට ගන්න කෙනෙක්. එතුමා රටේ පවතින තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව බුද්ධිමත්වයි තීන්දු තීරණ ගන්නේ. අපි අධිකරණයට ගරු කරනවා, අපේ රටේ සම්ප්‍රදායට ගරු කරනවා වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ගරු කරනවා. ඒ අනුව තමයි ජනාධිපතිතුමා දැනුත් තීරණ ගන්නේ, ඉදිරියටත් තීරණ ගන්නේ."

ජාතික හා ආගමික සහජීවනයට හානි වන අන්දමේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය මඟින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ. 

උන්වහන්සේ වහා නිදහස් කර ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ පිරිසක් විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසින් කොළඹ දක්වා 'නිදහසේ පාද යාත්‍රාව' නමින් විරෝධතා පාගමනක් පැවැත්වූහ. 

අනතුරුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු 55 දෙනෙකුට එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර තිබිණි.





Prime Minister Emphasizes Judicial Process in Release of Buddhist Monk

The release of Ven. Galagodaaththe Gnanasara Thero, Secretary of the Buddhist Power Force organization, hinges entirely on ongoing judicial proceedings, according to Prime Minister Dr. Harini Amarasuriya. During her visit to the historic Malwathu and Asgiriya monasteries in Kandy, she affirmed that President Anura Kumara Dissanayake would make decisions at the right time, with due respect for the constitution and the judiciary.

On her visit, the Prime Minister received blessings from highly revered monks, including the Most Ven. Thibbatuwawe Sri Siddhartha Sumangala Thera from the Malwathu sect and the Most Ven. Varakagoda Sri Gnana Rathana Thera from the Asgiriya sect.

She also apprised the monks about the amendments to the school curriculum, set to be initiated in 2027, which will include six years of changes.

Addressing media inquiries later, the Prime Minister was asked whether there was any intention by the government to grant the President's pardon to Gnanasara Thero, given the context of recent protests that have transformed into calls for his release. The protests began near the historic Temple of the Tooth in Kandy.

Responding to the media, the Prime Minister outlined the situation: “This is a judicial process. The relevant decision has been made by the judiciary, and we await guidance from the court on this matter. The President is someone who makes decisions with a clear understanding of the country's prevailing circumstances, and he prioritizes taking the right decisions at the right time. We honor the judicial system, our country's traditions, and the constitution, which also guides the President’s decisions now and in the future.”

The government has imposed a four-year rigorous imprisonment sentence on Ven. Gnanasara Thero for statements that allegedly damage national and religious harmony, as determined by both the Homagama Magistrate's Court and the Colombo High Court.

A group of monks, advocating for his immediate release and a presidential pardon, staged a protest march from Kandy to Colombo, dubbed the "Freedom Walk." Subsequently, a court directive was issued by the Colombo Fort Magistrate's Court instructing the removal of 55 monks, including those engaged in a sit-in protest outside the Presidential Secretariat.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. අපේ උතුම් බුද්ධ භූමියේ, සිංහල - බෞද්ධයා ගේ සාරය සූරාගෙන ගිය, යටත්විජිත වාදී මංකොල්ල කාරයන් උන්ගේ පාලනය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා නව යටත් විජිත වාදය පහසු කරගනු පිණිස කළු සුද්දන් පිරිසක් බිහිකර, රෝම-ලන්දේසි නීතිය රටේ බලාත්මක කර රටේ පාරම්පරික උරුමක්කරුවන්ව මර්ධනය කරන්න යොදාගනු ලබනවා, ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට උන්ගේ ඒ අවනීතිය ක්‍රියාත්මක කරනවා බලා සිටීමට සිදුවීමත් සංවේග ජනකයි. ඒත් ඒ අවනීතිය ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.

    ReplyDelete
  2. ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්‍රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ. අහිංසක සාමාන්‍ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම නිසා හෝ අවම කිරීම සඳහා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් මේ ත්‍රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක මුන් හැතිකරයම එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් හෙන හතක් වැදී මකබෑවිලා යනවා ඒකාන්තයි.

    ReplyDelete
  3. පාහර, ත්‍රස්අතවාදී ජෙප්පන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.
    "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්ම්පං උපාදාය"...ආදී වූ ගාථාවන් කියා සිවුරු පොරවාගෙන සසුන් ගතවූ පැවිදි උත්තමයාණන් වහන්සේලා අද ඒ සසුන් බිමට පැමිණ තිබින්නේ බොහෝ කැපකීම් කරලයි. එක එකාට ඕන විදියට ඒ උතුම් බුද්ධ චීවර ගලවා දමන්න නෙවෙයි. මේ මහා පාපකර්ම වලට වචනයකින් හෝ සම්බන්ධ වූ හැම එකාටම දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොවදීත්, අපරාපරීය වශයෙන් පරලොව දීත් ඉතාමත් ඉක්මණින් විපාක විඳීමට සිදුවනවා ඒකාන්තයි.

    ReplyDelete
  4. නූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක ජෙප්පා ප්‍රමුඛ ටිං ටිං හාලියා ඇතුළු ත්‍රස්තවාදී ජෙප්පන් ගේත්, දේශ ද්‍රෝහී, ශාසන විරෝධී කල්ලි වල අනීතික නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර ආඥාපනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් තොපි කරන ලද මහා පාප කර්ම සාධාරණීකරණය කරන්න ඔය බොරු ෂෝ දැම්මාට වැඩක් නෑ. ඔයත් ආප්ප කඩ, ගල් කොරි වහලා හිටියා නම්????

    ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්‍රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ. අහිංසක සාමාන්‍ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම නිසා හෝ අවම කිරීම සඳහා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් මේ ත්‍රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක මුන් හැතිකරයම එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් හෙන හතක් වැදී මකබෑවිලා යනවා ඒකාන්තයි.

    ReplyDelete
  5. සිවුරට මුවා වෙලා ඥානසාර හිමියන් කරපු අපරාද වලට මෙහෙමවත් පාඩමක් ලැබෙන එක සබාව දර්මය​...
    කරන කලට පවූ මිහිරිය මී සේ.....

    ReplyDelete
    Replies
    1. බොරු නම් වලින් ලියන්නේ ඇත්ත නමින් වරෙන් කෝ...අනික පරයෝ කියපිය බලන්න මොනාද ඥානසාර හාමුදුරුවෝ කරලා තියෙන අපරාද කියලා...තොපි වගේ පොන්නයො නෙවෙයි. සිංහලයෝ කියන්නේ ,..තොපි මිනීමරු ජෙප්පෝ! රටේ ඔක්කොම විනාශ කරලා අපරාධ කෙරුවේ තොපි අහිංසක මිනිස්සු මරලා බැංකු කඩලා ජනතා දේපල විනාශ කරලා කාලකන්නි හැත්ත තොපි

      Delete
    2. තමන්ගේ නියම නමින් පෙනී ඉන්න බැරි පව්කාර පිසාචයා 🤮🤮🤮 පැලවත්තේ බත් බැල ඩෝබියා 🤮😡 නියත නිරය උරුම කරගත්, අඩු කුලේ, දෙලොවටම නැති, කාලකණ්නි ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮 තෝ ජෙප්පන්ව කොයි තරම් සුදනන් කරන්න උත්සාහ කෙරුවත් තොපේ 3% න් බහුතරයත් තොපිව පිලිකුල් කරමින් ඈත් වෙමින් ඉන්නේ. තොපි ඔය මාලිමාව කියන වහන්තරාවට මුවා වෙලා බලයට ආවට තොපිට නියම බහුතරයක් නැති, වැඩ බැරි කාලකණ්නි සෙට් එකක් කියලා මුළු ලෝකයාම තේරුම් අරගෙන ඉවරයි.

      Delete
  6. මොනාද ඥානසාර හාමුදුරුවෝ කරලා තියෙන අපරාද ??...


    සිවුරට මුවා වෙලා පරාදකට වැරදි කරුවෙලා නේද ඥානසාර හිමියන්අ හිරේ ගියේ ??...

    ReplyDelete
  7. මොනාද ඥානසාර හාමුදුරුවෝ කරලා තියෙන අපරාද?????

    අලුත්ගම මිනී මැරුම්....
    නිවාස ගිනි තැබීම්....
    උසාවියට අපහාස කිරීම ..
    තග දැමීම​..
    බීමත් කම​
    වාහන අනතුරු..

    ReplyDelete
Previous Post Next Post