පසුගිය පාලන සමයන්හිදී අමාත්‍යවරුන් වෙත කොළඹින් ලබා දී තිබූ නිල නිවාස සියල්ල වෙන්දේසි කර, ඉන් ලැබෙන මුදල් ජනතාවට හිතකර සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ 'වසර දෙකයි - රටට සුබයි' තේමාව යටතේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවති ජන රැලිය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, දේශපාලනය යනු මහජන දේපළ හා ධනය නාස්ති කිරීම නොව සැබෑ මහජන සේවයක් බවට පත් කරමින් වත්මන් රජය මෙරට දේශපාලන සංස්කෘතියේ ඓතිහාසික පරිවර්තනයක් සිදු කර ඇති බවයි. අතීතයේදී මෙන් නොව, අමාත්‍යවරුන් වෙනුවෙන් නිල නිවාස, වාහන පෙළපාළි, දැවැන්ත ආරක්ෂක රැකවල් මෙන්ම ජල සහ විදුලි බිල්පත් ගෙවීම් ආදී සියලු වරප්‍රසාද වත්මන් පාලනය යටතේ අහෝසි කර ඇති බවත්, අමාත්‍ය නිවාස විකිණීම සඳහා මේ වන විටත් පුවත්පත් දැන්වීම් පළ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව, වසර පහක් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමෙන් පසු මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ විශ්‍රාම වැටුප් ක්‍රමය මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී තිබූ විශාල නිල නිවාස, අතිවිශාල කාර්ය මණ්ඩල, වාහන සහ ආරක්ෂක වරප්‍රසාද පාර්ලිමේන්තු පනතක් මඟින් සහමුලින්ම අහෝසි කිරීමට රජය කටයුතු කළ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.
කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 25කට සීමා කරමින් රාජ්‍ය අමාත්‍ය ධුර සම්පූර්ණයෙන්ම අහෝසි කළ බවත්, අතීතයේ පැවති පරිදි රාජ්‍ය නිලධාරීන්ට පහරදීම් හෝ පොලිස් නිලධාරීන් දේශපාලන අවශ්‍යතා මත මාරු කිරීම් සිදු නොවන සාමකාමී පරිසරයක් රට තුළ ස්ථාපිත කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ගමන නොනවත්වා ඉදිරියට ගෙන යන බවද ඔහු අවධාරණය කළේය.
President Anura Kumara Dissanayake Announces Sale of Ministerial Residences for Public Development Projects
In a significant move aimed at transforming the country’s political culture, President Anura Kumara Dissanayake revealed that all officials' residences previously allocated to ministers in Colombo will be sold, with proceeds directed towards beneficial public development projects. This announcement was made during a public rally in Ibbaagamuwa under the theme 'Two Years - For the Good of the Nation.'
Emphasizing a shift in governance, the President articulated that politics should not merely be a matter of squandering public property and wealth but should be transformed into genuine public service. He pointed out that the current administration has instigated a historic change in the political landscape by eliminating former privileges such as official residences, convoy vehicles, extensive security services, and the payment of water and electricity bills for ministers.
Furthermore, Dissanayake highlighted that advertisements regarding the sale of these ministerial residences have already been published. He also recalled that the generous pension system for parliamentarians who have served for five years, along with extravagant privileges previously afforded to former presidents and ministers, are being completely abolished through parliamentary legislation.
The President noted the Cabinet has been restricted to 25 ministers, and all state minister positions have been entirely eliminated. He reassured the public that, unlike in the past, there will be no harassment of public officials or political transfers of police officers based on political necessities, fostering a peaceful environment throughout the country.
Concluding his remarks, he affirmed the government’s commitment to fulfilling its promises to the people and advancing the journey of political reform without interruption.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රාජ්‍ය දේපළ විකුණනවා කියලා කියන්නේ ඕකට නෙවේ නේද? ප්‍රයිවෙටයිසේෂන් කියන්නේ මේකට නෙවේ නෙවේ නෙවේමයි.
ReplyDeleteජේ වී පී ජනාධිපති සහ මාලිමා ආණ්ඩුව රටේ අයිතිකරුවන් නොවෙයි. තාවකාලික භාරකරුවන් පමණයි. ඒ නිසා රාජ්‍ය දේපල විකිණීමට ඔවුන්ට අයිතියක් නැත.
ReplyDeleteඔය වෙන මොනවත් නෙමෙයි මුන් දන්නවා මුන්ට කපේකට ආපහු බලයට තියා පාර්ලිමේන්තුවත් එන්න බෑ කියල.ඒ හින්දා කුහකකමට ඊළගට එන අයට ඉන්න තැනකුත් නැති කරන්න තමයි මේ හදන්නේ. මේකට කියන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා.
ReplyDeleteදේශද්‍රෝහී, ත්‍රස්තවාදී, නූතන එලාරයා, අඩු කුලේ හුණ්ඩුවා 😡 තොපිට ඕන ඕන විදියට රජයේ දේපළ එහෙම විකුණන්න බැහැ 😡 මොන අඩුපාඩු තිබුණත් ජයවර්ධන යුගයේ ජපන් ආධාර මත පාර්ලිමේන්තු සංකීර්ණය හැදුවේ ඉතාමත් ප්‍රායෝගිකව, සැලසුම් සහගතවයි. නූගත්, අඩු කුලේ ත්‍රස්තවාදී ජෙප්පන් ඒවායේ ලගින්න ගත්තාට පසුව ඒවා අව භාවිතා කරමින් වැනසුවා. තොපේ හරි හමන් ජන්මයක් නැති වනචාරියා ඇමති තනතුරට පත්වීමත් සමඟ කඩුවෙල මහා මන්දිරය ඉදිකරගන්නට පෙර මන්ත්‍රී තනතුර වත් නැතිව වසර ගණනාවක් පුරා මන්ත්‍රී නිවාසයක් අවභාවිතා කරපු හැටි දැන් මතක නැද්ද? කෝ තොපේ ඔය පුරම්බාන සැමට සාධාරණ නීතිය? තොපේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි තොපි හැතිකරයම පොලොව පලාගෙන ඇදගෙන යන්නේ නැතුව 🤮 තව දුරටත් අපේ බදු මුදල් කාබාසිනියා කරමින් 3% බත් කන හරකුන්ට මෝඩ චූන් දෙන්නේ නැතුව තොපේ නොහැකියාව පිලි අරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයක් කැඳවපියව් 😡
ReplyDelete