වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, ඉදිරි කාලසීමාවේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි, ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
පවතින සුළං රටාවේ සිදුව ඇති වෙනස්වීම් හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල බොහෝ ප්‍රදේශවලට තවදුරටත් තද වැසි පතිත විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඊට අමතරව, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.
උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලටත්, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහාත් ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.
මේ අතර, කොළඹ ඇතුළු තද වැසි පවතින ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීම සහ මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් ඉදිරිය පැහැදිලිව නොපෙනීමේ අවදානමක් පවතින බැවින්, රථවාහන ධාවනය කිරීමේදී දැඩි අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස රියදුරන්ට උපදෙස් ලබාදී ඇත.
Severe Weather Alerts as Heavy Rains Submerge Colombo's Major Roads
Colombo is currently grappling with severe flooding as heavy rains inundate several key roads in the city. The Department of Meteorology has issued warnings of continued adverse weather conditions, predicting that many regions of the island will face intense rainfall, thunder, and strong temporary winds in the days ahead.
Changes to existing wind patterns are likely to bring further heavy rainfall to numerous areas in the Western and Southern provinces, according to the department's assessments.
Additional reports indicate that certain locations in the Sabaragamuwa, Central, and North Central provinces, as well as districts such as Trincomalee and Kurunegala, could experience rainfall exceeding 75 millimeters, along with thunderous showers.
Warnings have also been issued for the Northern, Eastern, Central, Sabaragamuwa, and Uva provinces, along with districts including Kilinochchi, Mullaitivu, Vavuniya, Gampaha, Colombo, and Kurunegala, pertaining to the risks of strong thunderstorms.
The Department of Meteorology has strongly urged the public to take necessary precautions to minimize risks from the anticipated heavy rains, which may bring about strong lightning and temporary gusty winds.
In light of the flooding across Colombo and areas with heavy rainfall, reduced visibility due to mist creates further hazards on the roads. Drivers have been advised to exercise extreme caution and remain vigilant while operating their vehicles.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
