නීතිවිරෝධී වඩුමඩුවක් වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක රාජකාරියට බාධා කරමින්, පොලිස් කැබ් රථය වටකර පෙට්රල් හලා ඊට ගිනි තැබීමට තැත් කළ කාන්තාවක ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු මඩු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම, පෙරියකුච්චිවිකුලම් ප්රදේශයේ නිවසක ගෙවත්තේ අනවසරයෙන් වඩුමඩුවක් පවත්වාගෙන යන බවට මඩු පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී එම ස්ථානය පවත්වාගෙන ගිය සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය, නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටි බුරුත දැව තොගයක් සහ වඩු කාර්මික උපකරණ 37ක් සිය භාරයට ගෙන පොලිස් කැබ් රථයට පටවා පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වී තිබිණි.
එම අවස්ථාවේදී අත්අඩංගුවට පත් සැකකරුගේ බිරිඳ කෑකෝ ගසමින් කලහකාරී ලෙස හැසිරී ප්රදේශවාසීන් පිරිසක් එම ස්ථානයට කැඳවාගෙන ඇති අතර, අනතුරුව ඉඩමේ ප්රධාන ගේට්ටුව වසා දමා පොලිස් නිලධාරීන්ට පිටව යාමට නොහැකි වන සේ අවහිර කර ඇත.
පසුව සැකකරුගේ බිරිඳ විසින් පොලිස් කැබ් රථය වටා පෙට්රල් හලා ඊට ගිනි තබන බවට නිලධාරීන්ට තර්ජනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්, පොදු දේපළවලට හානි කිරීමට සහ ගිනි තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරුගේ බිරිඳ ඇතුළු හත්දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Seven Arrested in Violent Attempt to Disrupt Police Raid on Illegal Cannabis Cultivation
In a dramatic turn of events in Mannar, a police operation aimed at dismantling an illegal cannabis cultivation site was met with fierce resistance, resulting in the arrest of seven individuals, including a woman accused of attempting to set a police vehicle ablaze.
Acting on a tip-off, officers from the Madhu police station raided a residence in the Periyakulam area believed to be harboring an unauthorized grow. This operation involved a team of four police officers who executed the raid and apprehended the suspect running the illicit operation.
During the raid, law enforcement seized a significant stash of marijuana and 37 cannabis cultivation tools belonging to the detainee. They prepared to transport the contraband to the police station for further processing.
However, chaos ensued as the suspect's wife, in a frenzied attempt to rally local residents, initiated a raucous scene. She vocally lashed out, gathering a crowd that ultimately obstructed the main gate of the property, effectively trapping the police inside.
Subsequent investigations revealed that the woman threatened officers, stating she would douse their vehicle with petrol and ignite it. This brazen act of intimidation catalyzed her arrest, and all seven suspects were charged with obstructing police operations and attempts to cause property damage.
The Madhu police are continuing their investigation into the incident, aiming to unravel the full extent of the illegal activities in the region.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අගරදගුරානනි, ඔබේ අවධානය පිනිසයි.
ReplyDeleteඔයාගේ සෙට් එක මේන් කරන වැඩ
පල්ලියට අක්කර 5,000ක් තියෙනව මඩු වල. ඒකෙන් ඔය වටේ ඉන්න දුප්පත් මෝඩ කතෝලික ගොන් හැත්තට දුන්න නම් ඕකුන් කසිප්පු පෙරන්නෙ නෑනෙ. කොහෙද ඉතින් පල්ලියේ තන්හාවනේ. අර ලෙල්ලමෙන් කෝටි ගානක් හම්බෙනවා. සතයක් දෙනවද දුප්පත් උන්ට.
Deleteකෝ අර බංකුවේ ඉඳගෙන ආරක්ෂක කම් කරන ඩෝබියා.
ReplyDeleteමඩු කිව්වම ඉතින් කොටි තමයි.
ReplyDeleteකොටි කිව්වම ඉතින් පල්ලිය තමයි.