ලාබ ලබන්න කරන සංගීත ප‍්‍රසංගවලදී ගීත රචකයන්ට, නිර්මාණකරුවන්ට මුදල් ගෙවන්න ඔ්නෑ..


 ප්‍රවේශපත්‍ර අලෙවි කර ලාභ ලබන වාණිජ සංගීත සංදර්ශනවලදී පමණක් ගීත රචකයන්ට සහ සංගීත නිර්මාණකරුවන්ට ගෙවීම් සිදු කිරීම අදාළ වන බවත්, හෝටල්වල හෝ මංගල උත්සවවල ගීත ගායනා කිරීම වෙනුවෙන් මුදල් අය කරන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි.

බුද්ධිමය දේපළ පනත සහ ගීත හිමිකම් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වූ කතාබහ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ, ලෝකයේ මෙන්ම මෙරට බුද්ධිමය දේපළ නීතියට අනුවද ගීතයක සැබෑ අයිතිය පවතින්නේ එම ගීතයේ රචකයා සහ සංගීත නිර්මාණකරුවා සතුව බවයි. විවිධ ගායක ගායිකාවන් විසින් එම නිර්මාණ ගායනා කළද, නිර්මාණකරුවන්ගේ බුද්ධිමය හිමිකමට සාධාරණ වටිනාකමක් හිමිවිය යුතු බවට ගීත රචකයන්ගේ සහ සංගීතඥයන්ගේ සංගමය දීර්ඝ කාලයක සිට සාකච්ඡා කරමින් සිටින බව හෙතෙම පැවසීය.

කෙසේ වෙතත්, එම සංගම් ඉල්ලා සිටින්නේ මූල්‍යමය ලාභ අපේක්ෂාවෙන් ටිකට්පත් අලෙවි කර පවත්වනු ලබන ප්‍රසංගවලදී පමණක්, ගායකයාට ගෙවීම් සිදු කරන අයුරින්ම එම උපයන ආදායමෙන් යම් ප්‍රතිශතයක් ගීත රචකයාට සහ සංගීත නිර්මාණකරුවාට ද සාධාරණ ලෙස ලබාදිය යුතු බව පමණක් යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

හෝටලයකදී ගීතයක් ගැයීම හෝ වාදනය කිරීම, මංගල උත්සවයකදී හෝ වෙනත් සාමාන්‍ය උත්සවයකදී ගීතයක් ගායනා කිරීම වෙනුවෙන් මුදල් ගෙවිය යුතු බවට කිසිදු නීතියක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යවන සුළු වැරදි මතයක් සහ ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.





Minister Clarifies Copyright Issues Surrounding Music Performances

Amidst growing confusion over music rights and performances, Minister Vijitha Herath has emphasized that songwriters and composers are entitled to payments only for commercial music events that sell tickets. He labeled widespread claims that charges apply for singing at hotels or weddings as entirely unfounded.

In light of recent discussions sparked on social media about intellectual property laws and music rights, the minister sought to clarify the matter. He pointed out that, in accordance with global standards and local intellectual property legislation, the true ownership of a song resides with its creator and composer. Despite various artists performing these works, they should still retain fair monetary recognition.

The minister further highlighted that the ongoing discussions among songwriters and musicians’ associations revolve around ensuring that a portion of earnings from ticketed events be equitably distributed to songwriters and composers. This, he explained, is crucial when financial profits are generated.

He also stressed that there is no legal requirement to pay for singing or playing music in hotels, at weddings, or during other ordinary events. According to him, misinformation has circulated via social media, misleading the public about these issues.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. රැසියාව,ඉරානය,උතුරැ කොරියාව වැනි දැවැන්ත රාජ්‍ය්යන් සමඟ භාන්ඩ හුවමාරැවට වහාම බලශක්තිය,තාකෂණය, බොරතෙල් ගෑස්, පොහොර ලබා ගැනීමට රාජ්‍ය සතු සමාගමක් වහාම සථාපිත කරනූ,.!October 4, 2026 at 10:47 PM


    යුද්ධය පවතින අවස්ථාවේ පවා යුරෝපය ඇමරිකාව ඉන්දියාව ,රැසියාව ,ඉරානය සමඟ ලාභදායි වෙළඳ ක්‍රියකාරකම් පවත්වාගාන යමින්, තම පුරවසියන් ආරකෂා කිරීමට සුඛිතමුදිත කිරීමට බළශක්තිය තාකෂණය හුවමාරැ කර ගැනීම නවතා නොමැතිබව වහල් මුගධ පාළකයන්ගේ දැඩි අවධානයට ලක්කරනා අතරම,..


    යුද්ධය පවතින අවස්ථාවේ පවා යුරෝපය ඇමරිකාව ඉන්දියාව ,රැසියාව ,ඉරානය සමඟ ලාභදායි වෙළඳ ක්‍රියකාරකම් පවත්වාගාන යමින්, තම පුරවසියන් ආරකෂා කිරීමට සුඛිතමුදිත කිරීමට බළශක්තිය තාකෂණය හුවමාරැ කර ගැනීම නවතා නොමැතිබව වහල් මුගධ පාළකයන්ගේ දැඩි අවධානයට ලක්කරනා අතරම,..

    භාන්ඩාගාරය වහාම පිරවීමට කටයුතු කිරීම හෝ..

    රැසියාව,ඉරානය,උතුරැ කොරියාව වැනි දැවැන්ත රාජ්‍ය්යන් සමඟ භාන්ඩ හුවමාරැවට වහාම බලශක්තිය,තාකෂණය, බොරතෙල් ගෑස්, පොහොර ලබා ගැනීමට රාජ්‍ය සතු සමාගමක් වහාම සථාපිත කරනූ,.!

    රැසියාව,ඉරානය,උතුරැ කොරියාව වැනි දැවැන්ත රාජ්‍ය්යන් සමඟ භාන්ඩ හුවමාරැවට වහාම බලශක්තිය,තාකෂණය, බොරතෙල් ගෑස්, පොහොර ලබා ගැනීමට රාජ්‍ය සතු සමාගමක් වහාම සථාපිත කරනූ,.!

    ReplyDelete
    Replies
    1. උතුරු කොරියාවේ අපිට ප්‍රයෝජනවත් කිසිම දෙයක් නැහැ. යුද්ධායුද සහ පරමාණු බෝම්බ අපිට වැඩක් නෑ.

      Delete
  2. ඉරාජ් කියන කොලුවා මේ දවස්වල අමෙර්කාවේ සංචාරයක් දීල ඉන්න අතරතුර ෆුල් නූඩ් නයිට් ක්ලුබ් ගිල්ල ලපටි හෙළුවැලි සුද්දී කෙල්ලොන්ව මිරිකනවලු. මුන් කොර්ටිපතියෝ වුනේ හොර්රකාපු සල්ලිවලින්

    ReplyDelete
Previous Post Next Post