මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ යාම සහ රජය විසින් ලබාදීමට පොරොන්දු වූ ඉන්ධන සහනාධාරය නියමිත පරිදි නොලැබීම හේතුවෙන්, පසුගිය ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස තුන තුළදී පමණක් ලංකා අයි.ඕ.සී. (LIOC) සමාගමට රුපියල් කෝටි 200 ක දැවැන්ත පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
පසුගිය අප්රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ඩීසල් ලීටරයකට රුපියල් 100 බැගින් සහ පෙට්රල් ලීටරයකට රුපියල් 20 බැගින් සහනාධාරයක් ලබාදෙන බවට රජය ප්රකාශ කර තිබිණි.
කෙසේවෙතත්, ඒ සඳහා වෙන්කළ රුපියල් කෝටි 5,700 ක මුදල් ප්රතිපාදන ජූනි මාසය වන විට අවසන් වූ බව පවසමින් රජය එම සහනාධාරය ලබාදීම ජූනි මාසයෙන් පසු නතර කර තිබේ.
මේ හේතුවෙන් පසුගිය මාස තුනක කාලය තුළ පෞද්ගලික ඉන්ධන සමාගම්වලට ඉන්ධන අලෙවි කිරීමට සිදුව ඇත්තේ කිසිදු රජයේ සහනාධාරයක් නොමැතිවය.
සහනාධාරය පැවති සමයේදීද ඩීසල් ලීටරයකින් රුපියල් 20 ක සහ පෙට්රල් ලීටරයකින් රුපියල් 3 ත් 4 ත් අතර පාඩුවක් ලැබූ ලංකා අයි.ඕ.සී සමාගම, සහනාධාරය අත්හිටුවීමෙන් පසු ඩීසල් ලීටරයකින් රුපියල් 120 ත් 130 ත් අතරද, පෙට්රල් ලීටරයකින් රුපියල් 23 ත් 24 ත් අතරද දැවැන්ත අලාභයක් ලබා ඇත. ඒ අනුව ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී සාමාන්යයෙන් ඉන්ධන ලීටරයක් අලෙවි කර ඇත්තේ රුපියල් 80 ත් 90 ත් අතර පාඩුවක් සහිතවය.
රජය සහනාධාර සඳහා වෙන්කළ බව කියන රුපියල් කෝටි 5,700 ක මුදලින් මෙරට ක්රියාත්මක සියලු පෞද්ගලික ඉන්ධන සමාගම් වෙත ලැබී ඇත්තේ රුපියල් කෝටි 1,700 ක් පමණි. ඉන් ලංකා අයි.ඕ.සී. සමාගමට හිමිව ඇත්තේ රුපියල් කෝටි 800 ක මුදලක් පමණක් වන අතර, අප්රේල් සිට සැප්තැම්බර් දක්වා එම සමාගමේ සමස්ත පාඩුව රුපියල් කෝටි 1,000 ඉක්මවා තිබේ. ඒ අනුව සහනාධාර අහිමි වූ පසුගිය මාස තුන තුළ පමණක් එම සමාගම ලැබූ පාඩුව රුපියල් කෝටි 200 කි.
සහනාධාර මුදලින් ඉතිරි රුපියල් කෝටි 4,000 ක මුදල හිමිව ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වන අතර, එම කාලසීමාවේදී සංස්ථාව රුපියල් කෝටි 2,800 ක ලාභයක් ලැබූ බව ප්රකාශ කළද, රජයෙන් ලැබුණු රුපියල් කෝටි 4,000 ක මුදල සැලකිල්ලට ගැනීමේදී සැබෑ මූල්ය තත්ත්වය වෙනස් වන බව අදාළ අංශ පෙන්වා දෙයි.
පවතින මිල සූත්රය හා මිල ගණන් යටතේ ඉදිරි මාස තුනක කාලය තුළ ලංකා අයි.ඕ.සී සමාගමේ සමස්ත අලාභය රුපියල් කෝටි 1,200 ත් 1,300 ත් අතර මට්ටමකට ඉහළ යා හැකි බවද අනාවැකි පළ කර ඇත.
වර්තමානය වන විට සියලු ඉන්ධන සමාගම් ඩීසල් ලීටරයකින් රුපියල් 60 ත් 65 ත් අතර පාඩුවක් ලබන අතර, පෙට්රල්වලින් ලබන සුළු ලාභයෙන් එම පාඩුව පියවා ගැනීමට සිදුව තිබේ. මෙරට ඩීසල් සහ පෙට්රල් භාවිතයෙන් සියයට 85 ත් 90 ත් අතර ප්රමාණයක් සපයනු ලබන්නේ ලංකා අයි.ඕ.සී සහ අනෙකුත් පෞද්ගලික සමාගම් මගිනි.
රුපියල් 100 ක වියදමක් දරා ඩීසල් ලීටරයක් ගෙන්වා රුපියල් 80 ක මිලකට අලෙවි කිරීමට සිදුවීමෙන් සිදුවන පාඩුව ඉන්දියානු ජනතාවගේ මුදල්වලින් හෝ අදාළ සමාගම්වල මව් සමාගම්වලින් පියවීමට නොහැකි බවත්, මෙම තත්ත්වය හමුවේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් පවත්වා ගැනීම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් එම සමාගම් රජයට පෙන්වා දී තිබේ.
මෙයට අමතරව, මෙරට වෙළෙඳපොළට පිවිසි සිනොපෙක්, ලංකා අයි.ඕ.සී. සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් තුන වෙත මෙරට ලීටර් 5 ක ධාරිතාවයෙන් යුත් ඉන්ධන පිරවුම්හල් නොමැති නොදියුණු වෙළෙඳපොළවල් 46 ක් බැගින් සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා ලබාදීමට පොරොන්දු වුවද, මෙතෙක් එම පිරවුම්හල් සඳහා ඉඩම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවද වාර්තා වේ. එමෙන්ම ඩීසල් සහ කරත්ත සඳහා භාවිත කරන නිකුතු සඳහා කිව්.ආර් කේත ක්රමය ඉවත් කිරීම හෝ නිසි පරිදි ක්රියාත්මක නොවීම හේතුවෙන් සමස්ත ඉල්ලුම කළමනාකරණය කරගැනීමට නොහැකිව ඉන්ධන අර්බුදය තවදුරටත් උග්ර වෙමින් පවතින බවද වැඩිදුරටත් අනාවරණය වේ.
Fuel Crisis Escalates in Sri Lanka Amidst Geopolitical Tensions
The ongoing military conflict in the Middle East has resulted in a rapid surge in global oil prices, exacerbating Sri Lanka's already precarious fuel situation. Reports indicate that the Lanka IOC (LIOC) has incurred a staggering loss of 200 million rupees over the past three months—July, August, and September—due to delays in government-supplied fuel subsidies.
Since April, the government had committed to providing a subsidy of 100 rupees per liter for diesel and 20 rupees per liter for petrol. However, by June, the allocated 5.7 billion rupees was depleted, halting the subsidies after that month.
This cessation of support means that private fuel companies have been forced to operate without any government assistance for the last three months. Even during the subsidy period, LIOC was already incurring losses between 20 rupees per liter for diesel and 3 to 4 rupees for petrol. Post-subsidy, the losses have escalated sharply to between 120 and 130 rupees per liter for diesel, and between 23 and 24 rupees for petrol. As a result, LIOC sold fuel at an average loss of 80 to 90 rupees per liter during this recent period.
Of the 5.7 billion rupees allocated for subsidies, only about 1.7 billion has been distributed among all private fuel companies operating in the country. LIOC received merely around 800 million rupees, while its total losses from April to September are reported to exceed 1 billion rupees. Specifically, the company has racked up 200 million rupees in losses just in the last three months following the termination of subsidies.
Meanwhile, the remaining 4 billion rupees from the subsidy fund appears to have benefitted the Ceylon Petroleum Corporation, which claimed to have made a profit of 2.8 billion rupees during the same timeframe. However, experts caution that when considering the entirety of the financial situation, the reality of losses for private firms like LIOC becomes starkly apparent.
Forecasts suggest that total losses for LIOC could rise to between 1.2 to 1.3 billion rupees over the next three months if current pricing strategies remain unchanged. Presently, all fuel companies report losses of 60 to 65 rupees for each liter of diesel sold, with minor profits from petrol sales only partially offsetting these losses. LIOC and other private firms collectively supply about 85% to 90% of the diesel and petrol consumed in Sri Lanka.
The prevailing cost structure forces companies to sell diesel at around 80 rupees per liter despite incurring 100 rupees in costs, leaving them unable to absorb these losses without significant financial strain from their parent companies or external funding. This grim scenario has raised alarms among fuel suppliers regarding the stability of uninterrupted fuel provision in the country.
Adding to the turmoil, the government's failure to establish sufficient fuel pump stations—despite commitments to develop 46 stations by companies like Sinopec, LIOC, and R.M. Park—has stymied efforts to stabilize the market. Furthermore, the inability to properly implement or remove certain coding systems used in fuel licensing has rendered demand management ineffective, leaving the fuel crisis in a dire state.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මිල වැඩිකරගන්න කරන ලස්සන නාට්ය.
ReplyDeleteමම මොනව උනත් මාලිමාවට... මම හරකෙක් හුත්තෝ.. උම්බෑ...බෑ...
ReplyDelete