අධ්‍යාපන ලොක්කියකට අශූචි ප‍්‍රහාරයක්...


අධ්‍යාපන
, උසස් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නිපුණතා සංවර්ධන අරමුදලේ සාමාන්‍යාධිකාරිවරිය වෙත සේවකයන් පිරිසක් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නාරාහේන්පිට පොලිසිය සඳහන් කරයි.

මෙම අසූචි ප්‍රහාරය නාරාහේන්පිට පිහිටි නිපුණතා සංවර්ධන අරමුදලේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළදී සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සාමාන්‍යාධිකාරිවරිය විසින් ක්‍රියාත්මක කරන ලදැයි කියන ඒකාධිපති පාලන ක්‍රමවේදය සහ සේවකයන් සමඟ පැවති අභ්‍යන්තර ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් සේවක ප්‍රජාව අතර ඇයට එරෙහිව දැඩි විරෝධයක් ගොඩනැඟී තිබූ බවයි.

මීට අමතරව, ඇය විසින් අරමුදලේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මාරු කර යැවීමට පියවර ගැනීමද මෙම විරෝධතාව උග්‍ර වීමට ආසන්නතම හේතුව වී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව කරුණු දක්වමින් නාරාහේන්පිට පොලිසිය සඳහන් කළේ, මෙය ආයතනය තුළ පැවති අභ්‍යන්තර ආරවුලක ප්‍රතිඵලයක් මත සිදුවූවක් බව දැනට සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, නාරාහේන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.





Assault on Officials at Skills Development Fund Office in Narahenpita

In a disturbing incident, employees of the Skills Development Fund, operating under the Ministry of Higher Education and Vocational Training, were reportedly assaulted at their main office in Narahenpita. Police sources confirm that a formal complaint has prompted a special investigation into the attack.

The violence unfolded within the premises of the Skills Development Fund, leading to increased scrutiny of internal conflicts within the organization. According to reports, the assault stems from dissatisfaction among the staff regarding the administrative methods employed by the head of the organization. This discontent has created a tense atmosphere, escalating into the recent attack on the official.

Additionally, the decision by the head to transfer two officials from the fund is believed to have fueled the unrest among the staff, further aggravating the situation. The police noted that initial inquiries suggest the incident was a direct outcome of the internal disputes present in the institution.

At this stage, no suspects have been apprehended in connection with the assault. The Narahenpita police are continuing their investigations to uncover more details about the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. බොහොම කැත වැඩක්. වෙන විදියකට විරෝදතා දක්වන්න. ජෙපි මස්වැද්දො නොවී.

    ReplyDelete
  2. JVP Jada, Viraya, padada minisunta kiyanne jvp.. munge samajavadayata yana gamane pare nadu ahanne mehema thama...

    ReplyDelete
Previous Post Next Post