ඉන්ධන මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ අවුලකින් නෙමෙයි.. ලෝක වෙලදපල නිසා..


වත්මන් පාලනය යටතේ මෙරට ඉන්ධන මිල ඉහළ යෑම සිදු වන්නේ කිසිසේත්ම ආණ්ඩුවේ වංචා, දූෂණ ක්‍රියාවලියක් හෝ නාස්තියක් හේතුවෙන් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, වත්මන් ඉන්ධන මිල සංශෝධනයන් සඳහා සෘජුවම බලපා ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන් බවයි.

විශේෂයෙන්ම ලෝකයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සාමකාමී පරිසරය බිඳවැටීම, බොරතෙල් මිල ඉහළ යෑම මෙන්ම ආනයන ක්‍රියාවලියේදී ඩොලරයට සාපේක්ෂව පිරිවැය ඉහළ යෑම දේශීය වෙළෙඳපොළේ මිල ඉහළ දැමීමට හේතු වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, ගෝලීය වශයෙන් මෙවැනි බරපතළ අභියෝග පැවතිය ද රට තුළ අර්බුදකාරී තත්ත්වයක් මතු නොවීමට වගබලා ගත් බව පැවසූ මන්ත්‍රීවරයා, ජනතාව අපහසුතාවට පත් කරමින් රට තුළ එක පැයකට හෝ ඉන්ධන නොමැති තත්ත්වයක් නිර්මාණය වීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතැබූ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.





MP Chandana Suriyarachchi Addresses Fuel Price Hikes Amid Global Market Influences

In a recent press conference, MP Chandana Suriyarachchi of the National People's Power Party affirmed that the rising fuel prices in Sri Lanka under the current administration cannot be attributed to any misconduct, corruption, or mismanagement by the government. His comments highlight the broader external factors at play.

Suriyarachchi emphasized that fluctuations in global market prices directly affect local fuel price adjustments. He pointed out that ongoing geopolitical tensions around the world have disrupted the peaceful environment, leading to a spike in oil prices. Additionally, he noted that the rising costs associated with imports, when calculated against the dollar, have significantly contributed to escalating prices in the local market.

Despite these heavy global challenges, the MP assured that measures have been in place to prevent any critical shortage of fuel within the country. He stressed that the current government has not permitted conditions that would lead to a situation where the public faces severe shortages of fuel, ensuring stability for consumers.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. වහල් පාළකයන් පළවා හැරීමට වහා පෙළ ගැසෙනූ,.!October 3, 2026 at 5:52 PM

    නිවට වහල් කම ජනාධිපති කමට වඩා බලවත් වී ඇති බැවින් නිවට වහල් වනචාරී පඩංගු පාළකයාගේ අවධානයට,...







    ජී ඵස් පී හිඟන්න්න්ට ජංගි මහන හිඟන්න්න්ට වස දමා තේ ව්වන හිඟන්න්න්ට ලාබ ඩීසල් යොදාගෙන යුධහමුධාවේ සම්පූර්ණ පාළණය යටතේ හිරකරැවන් , ඇතුළු ගහට කොළට ආදරය කරනා, වගාවට කැමති පිරිස යොදා වගාකර,..
    සියළු ආහාර සහ තැඹිළි පොල් වැනි පාන වර්ගද සමඟින් සියළු පුරවැසියන් සඳහා නොමිලේම බෙදා දීමට සූදානම් වෙයල්ලා,.!

    වැඩිහිටියන්ට කන්සා වගාකිරීමට,ඖෂධ නිශ්පාදනය කිරීමට, කන්සා භාවිතා කිරීමට, නිමිභාන්ඩ නිශ්පාදනය කිරීමට වහාම ,ගෙවත්තේ කන්සා පැළ කීපයක් ව්වාගැනීමට,මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට
    කන්සා තහනම ඉවත්කරපල්ලා,.!



    ජී ඵස් පී හිඟන්න්න්ට ජංගි මහන හිඟන්න්න්ට වස දමා තේ ව්වන හිඟන්න්න්ට, බඩ පැලෙන්න නොමිලේම කන්න දීපල්ලා,.!
    මාළු ඉස්සන් පිටරට යවන ඵවුන්ට ලාබ ඩීසල් සපයලා,. අස්වැන්න ලාංකිකයන් අතර නොමිලේ බෙදා දීපල්ලා,.!

    සූර් ්‍ය බළශක්තිය සුළං බළය ප්‍රධාන බළශක්තිය බවට පත්කරපල්ලා,.!

    වැඩිහිටියන්ට කන්සා වගාකිරීමට,ඖෂධ නිශ්පාදනය කිරීමට, කන්සා භාවිතා කිරීමට, නිමිභාන්ඩ නිශ්පාදනය කිරීමට වහාම ,ගෙවත්තේ කන්සා පැළ කීපයක් ව්වාගැනීමට,මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට
    කන්සා තහනම ඉවත්කරපල්ලා,.!

    වරායෙන්,ගුවන්තොටුපලින්, අපනයන වලින්,සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදල්,.
    බටහිර නාසිවාදීන්ගේ බොරතෙල් මාපියාවට ,.
    කොමිස් කපුටන්ට වැය කිරීම වහාම නවතා රැසියාවේ ලාබදායි බොරතෙල් මිලට ගැනීමට වහාම කටයුතු කර මහාපරිමාන ''මංකොල්ලය'' භාන්ඩාගාර කොළ්ළය වහාම නවත්පල්ලා,.!!!



    රැසියානු රාජ්‍ය සමඟ ද්වීපාර් ශවිකව ගිවිසුම් තුළට ඇතුළුවී, කොමිස් කපුටන් මගහැර ලාබදායී බොරතෙල්, ගෑස්,පොහොර,ගල්අඟුරැ රැසියානු රජයෙන් සාධාරන ලෙසට ලබාගැනීමට වහාම අමුඩෙ ගසා සූදානම් වෙයල්ලා ,.!

    බටහිර වහල්කමෙන් මිදී,. රටේ මිනිසුන්ට වලත්තකං නොකර වහල් කමෙන් නිදහස් වී නිදහසේ ජීවත් වෙන් ඉඩ හැරපල්ලා,..!

    වැඩිහිටියන්ට කන්සා වගාකිරීමට,ඖෂධ නිශ්පාදනය කිරීමට, කන්සා භාවිතා කිරීමට, නිමිභාන්ඩ නිශ්පාදනය කිරීමට වහාම ,ගෙවත්තේ කන්සා පැළ කීපයක් ව්වාගැනීමට,මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට
    කන්සා තහනම ඉවත්කරපල්ලා,.!

    නාසිවාදී බටහිර කළුකඩයෙන් ඉන්දන ගෑස්,පොහොර,ගල්අඟුරැ මිලේඥලෙස මිළටගෙන කොමිස්ගසානා වනචාරී පඩංගු පාළක පාළක හැත්ත සිදුකරනා වංචාව ''මංකොල්ලය'' වහාම නවතා නොදැමුවොත්,.කොමිස් කපුටන් වන පාළක වසළයන්ට මුදේ පැන ජීවිත බේරාගැනීමට සිදුවීමට නියමිත බැවින් අමුඩෙ ගසා සූදානම් වෙයල්ලා ,.!

    අකමැති ඵවුන්ට මූදෙන් පීනලා කැමති දීපෙකට යන්න කියපල්ලා,.!

    ReplyDelete
    Replies
    1. මේ ගංජා කාරයගෙන් පුදුම වදයක් තියෙන්නේ. කාලකන්නි ජෙප්පා.

      Delete
  2. රුපියල් 297ට ගන්න පෙට්‍රල් ලීටරේ 414ක් වෙන්නේ කොහොමද කියාපන්කො.
    අමුතු ලොකයක් මුන්ට තියෙන්නෙ.
    රුපියල් 122ක් බදු ගහන ගමන් සහන දෙනවලු
    ඕවා හොඳයි දේශීය ගව සම්පතට.

    ReplyDelete
    Replies
    1. මුන් මෙච්චර අතේ පැලවෙන බොරු කියද්දිත් සාධු සාධු කියලා පිලිගන්න ගොන් හැත්තක් ඉන්නවනේ ඉතින්. තෙල් සංස්තාවේ ලොක්කාට කියවුනා බිලියන ගානක් ලාබයි කියලා.
      ඒ ලාබෙන් මොකද්ද කරේ කියලා කියන්න බෑ ඌට. ඒක ගිල ගත්තා. කිව්ව නම් කියන්න වෙන්නේ ගල් අඟුරු වල පාඩුව පියෙව්වා කියලා.

      Delete
  3. තවත් සහන ඉදිරියට

    ReplyDelete
  4. හරි ඔන්න අපි ‍රැව‍ටුනා හොඳේ.
    මේපාරත් බාල ගල් අඟුරු ගෙනෙන්.
    උඹලට තව ඉන්න අමාරු පාටයි. දැන්ම කොමිස් ගහන එකක් තමයි.

    ReplyDelete
  5. උඹලට මිනිස්සුන්ට සහන දෙන්න බැරි ගල් අඟුරු වල පාඩුව වහ ගන්න ඕන නිසා.
    ඒවට ඩීසල් වලින් බලාගාර දුවපුවට සෑහෙන වියදම්. ඒක නිසා මිනිස්සුන්ව බල්ලට දාලා උඹලා බේරුනා. සාප වෙන්න ඕන තොපේ 159ටම. කාලකන්නි හැත්ත.

    ReplyDelete
  6. ගොන් ඇමතියො, දැන්වත් පෙට්‍රල් වාහන ගෙන්නන එක නතර කරලා ඉලෙක්ට්‍රික් වාහන විතරක් ගෙන්නපිය. ලොරි වැන් බස් ඇරෙන්න අනිත් පොඩි වාහන ඔක්කොම ඉලෙක්ට්‍රික් ගෙන්නපිය. ඒ ඉලෙක්ට්‍රික් වාහන තියෙන උන්ට ගෙදර වහලේ සෝලාර් ගහගන්න කියාපිය. ඒ සෝලාර් නැතුව චාර්ජ් කරන්න ආවොත් බල නහර කපනවා කියාපිය. නැත්තන් ඉස්සරහ දොරේ ලොක් එකේ එල්ලලා මරනවා කියාපිය. එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයිනේද හිපා‍ටුවො.

    ReplyDelete
  7. පිස්සුද කොල්ලා ඔයාලගේ වරදක් කියලා කවුද කිව්වේ?එක නෙමෙයි, බුවා, තාම රෙන්නේ හිටගෙනද?

    ReplyDelete
Previous Post Next Post