ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ නොදමා රජය පාරිභෝගිකයන්ට උපරිම සහන සලසා ඇති පසුබිමක, මිල වැඩි කරගැනීමේ අරමුණින් පෞද්ගලික සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඉන්ධන මිල රුපියල් දහයකින් ඉහළ දැමීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණය වුවද, රජය ඒ සඳහා ලබාදෙන රුපියල් හැත්තෑවක සහනාධාරය පිළිබඳව කිසිවෙකුත් අවධානය යොමු නොකරන බවයි.
පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතත්, මෙරට වෙළෙඳපොළ තුළ එම ප්‍රමාණයටම මිල වැඩි නොකිරීමට රජය වගබලා ගත් බව හෙතෙම සඳහන් කළේය.
ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රජය මීට පෙර රුපියල් බිලියන 57 ක් වෙන් කළ බවත්, ඉදිරි මාස තුන සඳහා ද තවත් රුපියල් බිලියන 41 ක මුදලක් සහනාධාර වෙනුවෙන් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය. ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ වැඩිවූ මිලෙන් සැලකිය යුතු කොටසක් රජය දරාගෙන ඇති අතර, පවතින දුෂ්කර තත්ත්වය හමුවේ ඉතිරි කොටසින් පංගුවක් දරාගන්නා ලෙස සමාගම්වලට දැනුම් දී ඇති බවද, පාරිභෝගිකයා වෙත පවරා ඇත්තේ ඉතා සුළු බරක් පමණක් බවද ඔහු පැහැදිලි කළේය.
එසේ තිබියදීත් ඇතැම් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් හරහා සැපයුම සීමා කරමින්, තමන්ට අවශ්‍ය පරිදි මිල ඉහළ දැමීමට රජයට බලපෑම් එල්ල කිරීමේ ප්රයත්නයක් නිරීක්ෂණය වන බව සඳහන් කළ අමාත්‍යවරයා, සමාගම්වලට ගිවිසුම්ගත මිල සූත්‍රය අනුව පිරිවැය පාදක මිලකරණයකට යාමට හැකියාව තිබුණ ද, කෘත්රීමව සැපයුම අඩාල කර ජනතාව අපහසුතාවට පත්කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බව පැවසීය.
එම සමාගම් අඛණ්ඩව මෙලෙස කටයුතු කරන්නේ නම්, ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීම ඇතුළු ගත හැකි සියලු නීත්‍යනුකූල පියවර ගැනීමට රජය පසුබට නොවන බවත්, පෞද්ගලික අංශය වෙළෙඳපොළට එක් කරගත්තේ තරගකාරීත්වයක් තුළින් පාරිභෝගිකයාට වාසි සැලසීමට මිස ඔවුන්ගේ ඒකාධිකාරී බලපෑම් හමුවේ ජනතාව පීඩාවට පත්කිරීමට නොවන බවත් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Minister Warns of Legal Action Against Fuel Distribution Firms for Price Hikes
In a firm response to concerns about fuel prices, Minister of Power and Energy Anura Yapa Karunaratne has underscored the government's commitment to protecting consumers amid soaring global oil prices. He intends to impose strict legal measures against private fuel distribution companies that attempt to artificially limit supply in order to raise prices.
Addressing the media, the Minister acknowledged that there has been significant public discourse surrounding a proposed ten-rupee increase in fuel prices. However, he pointed out a noticeable lack of attention towards the substantial subsidies of seventy-five rupees being provided by the government to offset these increases.
While global fuel prices have risen considerably compared to February of this year, Karunaratne confirmed that the government has ensured local prices do not reflect this rise in full measure, shouldering a considerable portion of the cost. He disclosed that the government had previously allocated 57 billion rupees for fuel subsidies, with an additional 41 billion rupees set aside for the next three months.
The Minister emphasized that the burden passed onto consumers remains minimal, as the government is absorbing a significant portion of the increased costs from global markets. He indicated that private companies have been informed of the necessity to manage their pricing strategies responsibly under these challenging conditions.
Despite these assurances, Karunaratne noted attempts by some private fuel stations to restrict supply as a means to pressure the government into allowing price hikes. He stated that while these companies might seek to establish pricing based on contractual formulas, they must not cause undue hardship to the public through artificial supply limitations.
If these companies persist in such tactics, the government will not hesitate to take all necessary legal actions, including revoking their licenses. The Minister reiterated that the inclusion of the private sector in the market should foster competition and benefit consumers, rather than creating monopolistic pressures that exacerbate public distress.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පොඩ්ඩක් වැඩි කරල දාමු ලොක්කා. බය වෙන්ඩ එපා, ගෝඨා ගේ කාලේ කීය දීලවත් ගන්ඩ තිබ්බයෑ තෙල් බිඳක්.
ReplyDeleteගෝටගේ කාලේ කොවිඩ් නිසා ඩොලර් අදායම නැතුව ගිහින් තෙල් නැති වුනේ. දැන් තියෙන්නෙ කළමනාකරණය කරගන්න බැරි ප්‍රශ්නයක්. වැඩබැරි වුන් මෙහෙමම තමා.
Deleteසල්ලිත් නෑ බඩුත් නෑ = කළමණා කරණය ගෝඨා ස්ටයිල් / මරු ටොප්
Deleteසල්ලි තියෙනවා, බඩු මදි = කළමණා කරණය, අනුර ස්ටයිල් / පෙන්නන්ඩ බෑ
සල්ලිත් තියෙනවා, බඩුත් තියෙනවා = කළමණාකරණය, රනිල් ස්ටයිල් / පරාදයි ගෙදර