ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවට තහනම් නියෝගයක්..

 


පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු 55 දෙනෙකුගෙන් යුත් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ රැඳී සිටීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ කොටුව පොලිසිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. 

ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ආශ්‍රිතව රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වන අදාළ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට මෙමඟින් නියම කෙරේ.

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දී වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් 'නිදහසේ පාද යාත්‍රාව' නමින් පැමිණි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙති.

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට අවම වශයෙන් මසක කාලයක් අවශ්‍ය බව දැනුම් දුන්නද, විරෝධතාකරුවන් එම ස්ථාවරය තරයේ ප්‍රතික්ෂේප කරමින් එම ස්ථානයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළහ.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් ගාලු පාර අවහිර වන සේ මාර්ගය මධ්‍යයේ තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට උත්සාහ දැරීමත් සමඟ පොලිසිය සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර, පසුව පොලිස් මැදිහත්වීම මත එම කූඩාරම මාර්ගයේ පසෙකට ගෙන ගොස් රඳවා තැබිණි. 

කෙසේ වෙතත්, රජයෙන් ස්ථිර ප්‍රතිචාරයක් ලැබෙන තුරු පරිශ්‍රයෙන් ඉවත් නොවන බවට භික්ෂූන් වහන්සේලා කළ ප්‍රකාශය හමුවේ මහජන පීඩාව සහ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලිසිය මෙම අධිකරණ නියෝගය ලබා ගැනීමට පියවර ගෙන තිබේ.





Court Orders Dispersal of Monks Protesting Outside Presidential Secretariat

In a significant development today, Colombo Kotuwa Magistrate Pasan Amarasekera issued an order to disperse a group of 55 individuals, including the revered Ulapane Sumangala Thera, from the premises of the Presidential Secretariat. This decision was prompted by a petition presented by the police, which was duly considered by the court.

The order specifically instructs those monks involved in protests to vacate the area surrounding the Presidential Secretariat, where they had gathered in an ongoing demonstration. Their protest demands the government grant a presidential pardon to Ven. Gnanasara Thera, the general secretary of the Bodu Bala Sena, who is currently imprisoned following a court ruling.

This ongoing protest, known as the 'Freedom Walk', has drawn attention as the group of monks continues to stage a non-stop sit-in in front of the Presidential Secretariat to advocate for the release of their fellow monk. During discussions with officials at the Secretariat, it was conveyed that a decision on their request could take at least a month. However, the protesters firmly rejected this timeline, insisting on remaining at their location.

The situation escalated as the monks attempted to erect a temporary shelter in the middle of Galle Road, leading to heightened tensions with the police. Following intervention from law enforcement, the makeshift structure was relocated a short distance away from the main thoroughfare. Despite the order to disperse, the monks have pledged to remain until they receive a definitive response from the government, compelling the police to seek judicial intervention in light of public pressure and security concerns.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. අත අරින්න එපා. සංග පාතාලෙට අද රෑට බීප් කොත්තු මං ගානෙ

    ReplyDelete
    Replies
    1. agamak jathiyak janmayak nathi kalakanniya, thopi me raten palayau

      Delete
    2. තමන්ගේ නියම නමින් පෙනී ඉන්න බැරි පිසාචයා 🤮🤮🤮 කොහොමත් තොට ඉතාම නුදුරු දිනකදී තනි ඇටේ වත් ඉතුරු උනොත් පුදුමයි, තෝ කරන පාප කර්ම වල හැටියට 🤮 පැලවත්තේ බත් බැල ඩෝබියා 🤮😡 නියත නිරය උරුම කරගත්, අඩු කුලේ, දෙලොවටම නැති, කාලකණ්නි ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮 තෝ ජෙප්පන්ව කොයි තරම් සුදනන් කරන්න උත්සාහ කෙරුවත් තොපේ 3% න් බහුතරයත් තොපිව පිලිකුල් කරමින් ඈත් වෙමින් ඉන්නේ. තොපි ඔය මාලිමාව කියන වහන්තරාවට මුවා වෙලා බලයට ආවට තොපිට නියම බහුතරයක් නැති, වැඩ බැරි කාලකණ්නි සෙට් එකක් කියලා මුළු ලෝකයාම තේරුම් අරගෙන ඉවරයි. තොපේ මහ එවුන්ට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට යන්න කියපිය, තොපේ සුද්ධවන්ත ආණ්ඩුව ඉන්න තැන බලාගන්න එදාට පුලුවන් වෙයි.

      Delete
  2. තීන්දුව දීල තියෙන්නෙ කවුද බලන්නකො

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, මුළු රටම දන්නවා 22 වෙනි සංශෝදනය ගෙනාවේ මොකටද කියලා 😡🤮 අපේ රට, දැය, සමය වනසන පරගැති, හොරිකඩ, එන්.ජී.ඕ රූකඩ, දෙලොවටම නැති අපතයන්ට උරුම වන්නේ කල්ප ගානක් පැහෙන නිරයයි 😡🤮 අවනීතිය ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.

      Delete
  3. අපේ උතුම් බුද්ධ භූමියේ, සිංහල - බෞද්ධයා ගේ සාරය සූරාගෙන ගිය, යටත්විජිත වාදී මංකොල්ල කාරයන් උන්ගේ පාලනය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා නව යටත් විජිත වාදය පහසු කරගනු පිණිස කළු සුද්දන් පිරිසක් බිහිකර, රෝම-ලන්දේසි නීතිය රටේ බලාත්මක කර රටේ පාරම්පරික උරුමක්කරුවන්ව මර්ධනය කරන්න යොදාගනු ලබනවා, ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට උන්ගේ ඒ අවනීතිය ක්‍රියාත්මක කරනවා බලා සිටීමට සිදුවීමත් සංවේග ජනකයි. ඒත් ඒ අවනීතිය ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.

    ReplyDelete
  4. ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්‍රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ. අහිංසක සාමාන්‍ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම නිසා හෝ අවම කිරීම සඳහා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් මේ ත්‍රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක මුන් හැතිකරයම එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් හෙන හතක් වැදී මකබෑවිලා යනවා ඒකාන්තයි.

    ReplyDelete
  5. පාහර, ත්‍රස්අතවාදී ජෙප්පන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.
    "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්ම්පං උපාදාය"...ආදී වූ ගාථාවන් කියා සිවුරු පොරවාගෙන සසුන් ගතවූ පැවිදි උත්තමයාණන් වහන්සේලා අද ඒ සසුන් බිමට පැමිණ තිබින්නේ බොහෝ කැපකීම් කරලයි. එක එකාට ඕන විදියට ඒ උතුම් බුද්ධ චීවර ගලවා දමන්න නෙවෙයි. මේ මහා පාපකර්ම වලට වචනයකින් හෝ සම්බන්ධ වූ හැම එකාටම දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොවදීත්, අපරාපරීය වශයෙන් පරලොව දීත් ඉතාමත් ඉක්මණින් විපාක විඳීමට සිදුවනවා ඒකාන්තයි.

    ReplyDelete
Previous Post Next Post