ඔබට මුල් පුරවැසියා වෙන්න ශක්තිය ලැබේවා.. මට නං බෑ...- සජිත්ට ලියමින් අශෝක SJBන් ඉල්ලා අස්වෙයි..


හිටපු රාජ්‍ය අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගය පක්ෂය තුළ තමන් දැරූ සියලුම තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව, සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බලප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරය, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධුරය, සමගි සේවක සංගමයේ සභාපති ධුරය, විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් ධුරය මෙන්ම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය යන සියලු වගකීම්වලින් තමන් ඉල්ලා අස්වන බව ඒ මහතා සිය ලිපිය මඟින් සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ රැඳී සිටි කාලයේ මෙන්ම සමගි ජන බලවේගයේ ආරම්භයේ පටන්ම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුට පළ කරන බවත්, ඒ වෙනුවෙන් ලබාදුන් සහයෝගය සහ අවස්ථාවන් අගය කරමින් ස්තූතිය පුද කරන බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එම ලිපියෙහි දක්වා ඇත.

එමෙන්ම, සමගි ජන බලවේගයේ ඉදිරි දේශපාලන ගමන්මග සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර ඇති ඔහු, මාතෘ භූමියේ පළමු පුරවැසියා බවට පත්වීමට සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ද සිය ලිපිය මඟින් වැඩිදුරටත් ප්‍රාර්ථනා කර තිබේ.






Former Minister Ashok Abeysinghe Resigns from All Positions in Samagi Jana Balawegaya

In a significant political shift, former State Minister and Parliament Member Ashok Abeysinghe has announced his immediate resignation from all posts within the Samagi Jana Balawegaya party. This decision marks a notable moment in the party's structure.

Abeysinghe formally communicated his resignation in a letter addressed to Opposition Leader and party leader Sajith Premadasa. He is stepping down from various leadership roles, including the main organizer for the Kurunegala electoral district, the position of Deputy Secretary, the chairmanship of the Samagi Workers' Union, and his role as Secretary of the Professional Association for the opposition leader.

Expressing his gratitude, Abeysinghe noted his appreciation for the opportunity to work closely with Sajith Premadasa during his tenure with the United National Party and at the inception of the Samagi Jana Balawegaya. He stated how much he values the support and opportunities provided to him throughout his political career.

With a hopeful outlook for the future, Abeysinghe wished for the success of the Samagi Jana Balawegaya’s political journey. He also extended his prayers for Premadasa to gain strength and courage as he aspires to become the first citizen of the motherland.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. හොඳ සිහියෙන් යුක්තව ජීවත්වන මිනිසා මේ සියල්ල හැරදා දවසක යන්න ඕන කියලා තේරුම් ගන්නවා.තවත් සුදුසු කෙනෙක් ට තම ස්ථානය ලබාදීම යහපත් ක්‍රියාවක් ලෙස සලකමි.

    ReplyDelete
Previous Post Next Post