ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ආසියානු කුසලාන නැගී එන තරු ශූරතාව.. කඩුලු 1ක තියුණු ජයක්...


 ආසියානු කුසලාන නැගී එන තරු (Asia Cup Rising Stars) පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලු 1ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්ව තිබේ.

දෝහා නුවරදී 2026 නොවැම්බර් 29 වන දින දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 216ක් රැස් කළේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 217ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 41.3කදී කඩුලු 9ක් දැවී ලකුණු 220ක් ලබා ගනිමින් තවත් පන්දු 51ක් ඉතිරිව තිබියදී තරගයේ ජයග්‍රහණය සහ ශූරතාව තහවුරු කර ගත්තේය.





Sri Lanka 'A' Team Triumphs in Asia Cup Rising Stars Final Against Pakistan

In a thrilling conclusion to the Asia Cup Rising Stars 50-over cricket tournament, the Sri Lanka 'A' team secured a narrow victory over Pakistan 'A', defeating them by just one wicket in the final match held on November 29, 2026, in Doha.

Batting first, the Pakistan 'A' team posted a score of 216 runs after losing nine wickets in their allotted overs. This target set the stage for a gripping chase by the Sri Lanka 'A' squad.

Chasing a target of 217, Sri Lanka 'A' faced challenges but managed to reach 220 runs with the loss of nine wickets in 41.3 overs, confirming their victory with 51 balls to spare. This triumph solidifies their position in the tournament and showcases their emerging talent in the cricketing arena.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. සුභ පැතුම් ශ්‍රී ලංකා....! තරඟාවලිය පුරා එකම තරඟයක් වත් පරාජය නොවී ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමටත්, ඒ සඳහා මඟ පෑදූ දූෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මුදවා ගත් වත්මන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා රජයටත් අපගේ උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
Previous Post Next Post