ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
එම සංස්ථාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 30.00කින් අඩු කර ඇති අතර, රුපියල් 424.00ක්ව පැවති එහි නව සිල්ලර මිල රුපියල් 394.00ක් වේ.
කෙසේ වෙතත්, සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
- ඒ අනුව දිවයිනටම බලපාන සිපෙට්කෝ නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ.
- ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්: රු. 394.00 (රු. 30.00කින් අඩු කර ඇත)
- ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4: රු. 490.00 (නොවෙනස්ව පවතී)
- ලංකා සුදු ඩීසල්: රු. 397.00 (නොවෙනස්ව පවතී)
- ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4: රු. 543.00 (නොවෙනස්ව පවතී)
- ලංකා භූමිතෙල්: රු. 285.00 (නොවෙනස්ව පවතී)
Petroleum Corporation Announces Fuel Price Reduction
The Sri Lanka Petroleum Regulatory Commission has officially announced a revised pricing structure for fuel, effective from midnight tonight. The decision marks a significant shift in the local fuel market.
According to a media release from the Corporation, the price of Lanka Petrol 92 has been slashed by Rs. 30, bringing the new retail price down to Rs. 394 per liter from the previous Rs. 424.
However, the Commission clarified that there will be no changes to the prices of other fuel types. This decision comes amid ongoing discussions about managing fuel prices in the country.
- Consequently, the new fuel prices across the nation are as follows:
- Lanka Petrol 92: Rs. 394.00 (reduced by Rs. 30.00)
- Lanka Petrol 95 Euro 4: Rs. 490.00 (remains unchanged)
- Lanka White Diesel: Rs. 397.00 (remains unchanged)
- Lanka Super Diesel 4 Star Euro 4: Rs. 543.00 (remains unchanged)
- Lanka Kerosene: Rs. 285.00 (remains unchanged)
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


කොහොමද වැඩ? හොරකම් නැති වෙනකොට එහෙම තමයි වැඩ.
ReplyDelete