ආහාර රැසක මිල ඉහලට.. මිරිස් 1600යි.. ලූනු 525යි..


 ප්‍රධාන තොග සහ සිල්ලර වෙළෙඳපොළවල් වන පිටකොටුව, දඹුල්ල සහ නාරාහේන්පිට ආශ්‍රිතව ගෝවා, වම්බටු, බෝංචි ඇතුළු එළවළු වර්ග මෙන්ම වියළි මිරිස්, රතු ළූණු සහ පොල්තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව  පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික මිල වාර්තාව පෙන්වා දෙයි.

මහ බැංකු වාර්තාවට අනුව, පිටකොටුව වෙළෙඳපොළට ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ලැබෙන වම්බටු තොග සීමා වීම හේතුවෙන් වම්බටු කිලෝවක සිල්ලර මිල පෙර දිනයේ පැවති රුපියල් 450 සිට රුපියල් 500 දක්වා ඉහළ ගොස් ඇත.

පිටකොටුව තොග වෙළෙඳපොළේ ගෝවා කිලෝවක මිල රුපියල් 500 සිට 650 දක්වා ඉහළ යාමත් සමඟ එහි සිල්ලර මිල රුපියල් 700 දක්වා වැඩි වී තිබේ.

තවද, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක සිල්ලර මිල පෙර දිනයේ පැවති රුපියල් 580 සිට රුපියල් 715 දක්වා රුපියල් 135කින් ඉහළ ගොස් ඇති අතර, කැරට් කිලෝවක සිල්ලර මිල ද රුපියල් 395 සිට 435 දක්වා ඉහළ ගොස් ඇත. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක මිල තවදුරටත් රුපියල් 800ක ඉහළ මට්ටමක පවතින බවද වාර්තා වේ.

දේශීය රතු ළූණු පිටකොටුවේ සිල්ලර මිල රුපියල් 500 සිට 525 දක්වාත්, ආනයනික රතු ළූණු තොග මිල රුපියල් 517 දක්වාත් ඉහළ ගොස් තිබේ.

වියළි මිරිස් (ආනයනික) පිටකොටුවේ සිල්ලර මිල රුපියල් 1,550ක් සහ දඹුල්ලේ සිල්ලර මිල රුපියල් 1,605ක් දක්වා වැඩි වී ඇත.

පොල්තෙල් පිටකොටුව වෙළෙඳපොළේ ලීටරයක සිල්ලර මිල රුපියල් 868 සිට 882 දක්වා ඉහළ ගොස් තිබේ.

ලොකු ළූණු (ආනයනික) පිටකොටුව තොග මිල රුපියල් 281 සිට රුපියල් 300 දක්වා වැඩි වී ඇත.

මසුන් වෙළෙඳපොළ තුළද හුරුල්ලා කිලෝවක සිල්ලර මිල නාරාහේන්පිටදී රුපියල් 1,200 සිට 1,300 දක්වා ඉහළ ගොස් ඇති අතර, පෑලියගොඩ තොග වෙළෙඳපොළේ තලපත් කිලෝවක් රුපියල් 2,000කට සහ නාරාහේන්පිට සිල්ලර මිල රුපියල් 2,400කට ඉහළ මට්ටමක වාර්තා වේ.





Prices of Essential Commodities Surge in Major Markets

Recent data from the Central Bank of Sri Lanka indicates a significant rise in the prices of various essential food items across major wholesale and retail markets, including Pettah, Dambulla, and Narahenpita. The report highlights increased costs of vegetables such as winged beans, gourd, and dried chili peppers, as well as red onions and palm oil.

The report reveals that the retail price of winged beans in Pettah has jumped from 450 LKR to 500 LKR per kilogram, attributed to a limited supply from the Ambilipitiya area.

In the Pettah wholesale market, the price of gourd has seen a rise from 500 LKR to 650 LKR per kilogram, subsequently pushing its retail price up to 700 LKR.

Similarly, the price of beans at the Dambulla Economic Centre has surged by 135 LKR, now ranging between 580 LKR and 715 LKR per kilogram. Carrots have also experienced price increases, climbing from 395 LKR to 435 LKR per kilogram. Reports indicate that the bean prices at the Narahenpita Economic Centre remain elevated, exceeding 800 LKR per kilogram.

In addition, the retail price of local red onions in Pettah has risen to between 500 LKR and 525 LKR, while imported red onions have increased to about 517 LKR per kilogram.

The price of imported dried chili in Pettah has surged to 1,550 LKR, while in Dambulla, it has reached 1,605 LKR per kilogram.

At the Pettah market, the retail price of palm oil per liter has risen from 868 LKR to 882 LKR.

For large onions, the wholesale price has increased from 281 LKR to 300 LKR per kilogram in Pettah.

Moreover, prices in the fish market have also escalated, with the price of hurulla at Narahenpita reaching between 1,200 LKR and 1,300 LKR per kilogram, while the price of talapath fish at the Peliyagoda wholesale market has reportedly surged to 2,000 LKR, with retail prices in Narahenpita hitting 2,400 LKR.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post