ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති තීරණාත්මක මධ්‍යවාර මැතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාලක රිපබ්ලිකන් පක්ෂය දැවැන්ත පරාජයකට ලක් කරමින්, එරට කොංග්රස් මණ්ඩලයේ සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන ව්‍යවස්ථාදායක මණ්ඩල ද්විත්වයේම පූර්ණ පාලන බලය අත්පත් කර ගැනීමට විපක්ෂ ඩිමොක්රටික් පක්ෂය සමත්ව ඇත.
වොෂින්ටනයේ රිපබ්ලිකන් පාලනය කෙරෙහි ජනතාව තුළ පැවති දැඩි විරෝධය ප්‍රකාශ කරමින්, දශක ගණනාවක් තිස්සේ රිපබ්ලිකන් බලකොටු ලෙස පැවති සහ මීට වසර දෙකකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් විශාල ඡන්ද පරතරයකින් ජයගත් ප්‍රාන්ත රැසක බලය උඩුයටිකුරු කිරීමට ඩිමොක්රටික් අපේක්ෂකයෝ මෙවර සමත් වූහ.
පාලනය කළ නොහැකි උද්ධමනය, ඉහළ ගිය ජීවන වියදම, ඉරාන යුද ගැටුම් සහ රාජ්‍ය දූෂණය පිළිබඳව ඡන්දදායකයන් තුළ පැවති දැඩි කලකිරීම මෙම පෙරළියට මූලික හේතුව වී ඇත.
සෙනෙට් සභාව වෙනුවෙන් පැවති තරගයේදී කිසිවකුත් බලාපොරොත්තු නොවූ පෙරළිකාර ජයග්‍රහණ රැසක් වාර්තා විය. වසර 30කට වැඩි කාලයක් තුළ ඩිමොක්රටික් පාක්ෂිකයකු ජයග්‍රහණය නොකළ දැඩි රිපබ්ලිකන් ප්‍රාන්තයක් වූ ටෙක්සාස්හිදී කෙන් පැක්ස්ටන් පරදවමින් ජේම්ස් තලාරිකෝ විශිෂ්ට ජයක් වාර්තා කළේය.
එසේම 1932 න් පසු කැන්සාස් ප්‍රාන්තයෙන් තේරී පත් වූ ප්‍රථම ඩිමොක්රටික් සෙනෙට්වරයා බවට ඇඩම් හැමිල්ටන් පත්වූ අතර, මේන් ප්‍රාන්තයේ දීර්ඝ කාලයක් සෙනෙට් සභික ධුරය දැරූ ප්‍රබල රිපබ්ලිකන් නියෝජිත සුසෑන් කොලින්ස් පරදවා ඩිමොක්රටික් පාක්ෂික ට්‍රෝයි ජැක්සන් ජයග්‍රහණය කළේය.
දකුණු කැරොලිනාවේදී රිපබ්ලිකන් අපේක්ෂිකාව පරදවමින් වෛද්‍ය ඇනී ඇන්ඩෲස් ද, අයෝවා ප්‍රාන්තයෙන් ජොෂ් ටියුරෙක් ද ජයගත් අතර, මිචිගන්, ඔහායෝ, උතුරු කැරොලිනා සහ නිව් හැම්ප්ෂයර් යන ප්‍රාන්තවල සෙනෙට් ආසන ද ඩිමොක්රටික් පක්ෂය සතු විය. ජෝර්ජියා ප්‍රාන්තයේ සෙනෙට් සභික ජොන් ඔසොෆ් සිය ආසනය රැක ගැනීමට සමත් විය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය දිනා ගැනීමත් සමඟ, එහි සුළුතර නායක හකීම් ජෙෆ්රීස් ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම කළුජාතික කථානායකවරයා බවට පත්වීමට නියමිතය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජීවන වියදම පහත හෙළීම සහ ට්‍රම්ප් පරිපාලනය දැඩි අධීක්ෂණයකට ලක්කිරීම තම පක්ෂයේ මූලික අරමුණ බවයි.
ප්‍රාන්ත 36ක ආණ්ඩුකාර ධුර වෙනුවෙන් පැවති මැතිවරණයේදී ද දැවැන්ත පෙරළි සිදුවිය. ටෙක්සාස් ප්‍රාන්තයේ සිව්වන වරටත් තරග වැදුණු රිපබ්ලිකන් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් පරදවා ඩිමොක්රටික් පාක්ෂික ජීනා හිනෝජෝසා ජයග්‍රහණය කළ අතර, ඔහායෝ හිදී රිපබ්ලිකන් අපේක්ෂක විවේක් රාමස්වාමි පරාජයට පත් විය. ජෝර්ජියාවෙන් තේරී පත් වූ කීෂා ලාන්ස් බොටම්ස් ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම කළුජාතික කාන්තා ආණ්ඩුකාරවරිය ලෙසත්, ෆ්ලොරිඩාවෙන් තේරී පත් වූ බයිරන් ඩොනල්ඩ්ස් ප්‍රථම කළුජාතික රිපබ්ලිකන් ආණ්ඩුකාරවරයා ලෙසත් ඉතිහාසයට එක්වූහ.
මෙම දරුණු පරාජය හමුවේ ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, මෙම මැතිවරණයේදී තමන් ඡන්ද පත්‍රිකාවේ නොසිටි බවත්, ඡන්දදායකයන් රිපබ්ලිකන් අපේක්ෂකයන් කෙරෙහි අප්‍රසාදය පළ කළද මෙය සිය පෞද්ගලික පරාජයක් ලෙස නොසලකන බවත්ය. කෙසේ වෙතත්, ඩිමොක්‍රටික්වරුන් සම්මත කරන පනත් සඳහා තම නිශේධ බලය භාවිත කරන බවට හෙතෙම ප්‍රතිඥා දී තිබේ.
ඩිමොක්රටික් පක්ෂය කොංග්රස් මණ්ඩලයේ පාලනය අත්පත් කර ගැනීමත් සමඟ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික ඊලෝන් මස්ක් ඇතුළු ට්‍රම්ප්ගේ සමීපතමයන් ඉලක්ක කරගනිමින් පරීක්ෂණ මාලාවක් ආරම්භ කිරීමටත්, අවශ්‍ය වුවහොත් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව යළිත් දෝෂාභියෝග ක්‍රියාවලියක් දියත් කිරීමටත් ඩිමොක්රටික් නායකයෝ සූදානම් වෙති.
Democratic Party Secures Full Control of U.S. Congress in Landmark Midterm Elections
In a stunning development during the crucial midterm elections in the United States, President Donald Trump and the Republican Party have faced a significant defeat, resulting in the Democratic Party gaining full control of both chambers of Congress—the Senate and the House of Representatives.
This shift underscores the widespread discontent among the American public regarding Republican governance in Washington, as voters in traditionally Republican strongholds express their frustrations. The Democratic candidates successfully overturned Republican dominance in several states that Trump won by substantial margins just two years prior.
Key factors driving this electoral upheaval include rampant inflation, rising living costs, ongoing conflict in Iran, and pervasive government corruption, all of which have left voters feeling anxious and dissatisfied.
Notable upset victories characterized the Senate races, where Democratic candidates achieved unexpected triumphs. James Talarico emerged victorious in Texas, a state long dominated by Republicans, marking the first win for a Democratic candidate in over three decades.
Additionally, Adam Hamilton made history by becoming the first Democratic senator elected from Kansas since 1932, defeating prominent Republican incumbent Susan Collins in Maine. Meanwhile, in South Carolina, physician Annie Andrews successfully unseated her Republican opponent, and victories were also noted in Michigan, Ohio, North Carolina, and New Hampshire.
The House of Representatives has witnessed a significant reshaping of leadership, as Hakim Jeffries, poised to become the first Black leader in U.S. history, emphasized his party's intent to address soaring living costs and hold the Trump administration accountable for its actions.
In a remarkable series of gubernatorial races across 36 states, Democrats also made substantial gains. In Texas, Gina Hinojosa won against incumbent Republican Greg Abbott, and in Ohio, Republican candidate Vivek Ramaswamy faced a notable defeat. In Georgia, Kisha Lance Bottoms became the first Black female governor in U.S. history, while Byron Donalds was elected as the first Black Republican governor from Florida.
In response to this seismic defeat, President Trump stated he did not cast a ballot in this election and noted that while voters expressed dissatisfaction with Republican candidates, he does not perceive it as a personal failure. However, he has promised to leverage his veto power against legislation proposed by Democrats.
With the Democratic Party exerting control over Congress, party leaders are preparing to launch investigations targeting Trump's closest allies, including Secretary of Defense Pete Hegseth and business mogul Elon Musk, and they remain poised to initiate impeachment proceedings against the President if deemed necessary.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
