ලන්ඩනයේ පිහිටි ප්රමුඛ පෙළේ උසස් අධ්‍යාපන විශ්ලේෂණ ආයතනයක් වන 'QS Quacquarelli Symonds' විසින් නිකුත් කරන ලද 2027 ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී (QS World University Rankings: Asia 2027) ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාල පසුගිය වසර හතරක කාලය තුළ ලැබූ පහළ ස්ථානයන් දක්වා පසුබැස ඇති බවMirror Business අතිරේකය වාර්තා කරයි.
එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, අඛණ්ඩව පස්වන වසරටත් මෙරට ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත උසස් අධ්‍යාපන ආයතනය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය සිය ස්ථානය තහවුරු කරගෙන ඇති නමුත්, එය පෙර වසරට වඩා ස්ථාන 46කින් පසුපසට යමින් 364 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය 389 වැනි ස්ථානයටත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 398 වැනි ස්ථානයටත් පත්ව ඇති අතර, එම විශ්වවිද්‍යාල ත්‍රිත්වය ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 400 අතර රැඳී සිටියද ඒ සෑම එකක්ම වසර හතරක කාලසීමාව තුළ වාර්තා කළ පහළම ස්ථාන කරා පසුබැසීම කැපී පෙනේ.
2025 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලය 275 වැනි ස්ථානයේ පැවති අතර, ඊට සාපේක්ෂව එය මේ වන විට ස්ථාන 89කින් පහත වැටී ඇත.
ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වූ මෙරට විශ්වවිද්‍යාල 12න් 8ක්ම මෙවර පසුබෑමකට ලක්ව ඇති අතර, ප්‍රගතියක් වාර්තා කර ඇත්තේ විශ්වවිද්‍යාල දෙකක් පමණි.
ඒ අනුව, මොරටුව විශ්වවිද්‍යාලය ස්ථාන 37ක් ඉදිරියට පැමිණෙමින් 517 වැනි ස්ථානයටත්, කැළණිය විශ්වවිද්‍යාලය ස්ථාන 44කට වඩා ඉදිරියට පැමිණෙමින් 687 වැනි ස්ථානයටත් පත්වෙමින් දේශීය වශයෙන් ඉහළම සාධනීය වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
කලාපයේ අනෙකුත් රටවල විශ්වවිද්‍යාල ශීඝ්‍රයෙන් ඉදිරියට යද්දී මෙරට විශ්වවිද්‍යාලවල සමස්ත ලකුණු මට්ටම පෙර පැවති මට්ටමේම එකතැන පල්වීම මෙම පසුබෑමට මූලික හේතුව වී ඇති බව QS ආයතනය පෙන්වා දී ඇත.
විශේෂයෙන් සේවා යෝජකයන්ගේ කීර්තිනාමය, ආචාර්ය-ශිෂ්‍ය අනුපාතය සහ ආචාර්ය උපාධිධාරී (PhD) කථිකාචාර්යවරුන්ගේ ප්‍රතිශතය යන දර්ශකයන් හමුවේ මෙරට සියලුම විශ්වවිද්‍යාල පාහේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 6%කින් ඉහළ යද්දී ආචාර්ය මණ්ඩලය 3%කින් පහත වැටී ඇති අතර, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය-ශිෂ්‍ය අනුපාතය 24%කින් කඩා වැටී ඇත. එමෙන්ම ජාත්‍යන්තර පර්යේෂණ සහ විදේශීය ආචාර්යවරුන් හා සිසුන් ආකර්ෂණය කරගැනීමේ දර්ශකයන්හිදී ශ්‍රී ලංකාව කලාපීය සාමාන්‍ය අගයන්ට වඩා අතිශය පහළ මට්ටමක පසුවන බවද QS දත්ත හෙළි කරයි.
මෙවර ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හොංකොං විශ්වවිද්‍යාලය විසින් හිමිකරගෙන ඇති අතර, කලාපීය වශයෙන් ඉන්දියාවේ දිල්ලි IIT ආයතනය (66), පකිස්ථානයේ NUST විශ්වවිද්‍යාලය (76) සහ බංග්ලාදේශයේ ඩකා විශ්වවිද්‍යාලය (136) කොළඹ විශ්වවිද්‍යාලයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටී.
Sri Lankan Universities Face Decline in QS Asia Rankings for 2027
A recent report from the prestigious QS Quacquarelli Symonds has highlighted a concerning trend for Sri Lankan higher education institutions in the 2027 Asian University Rankings. The findings reveal a significant drop in the positions of the country's top universities over the past four years, as reported by Mirror Business.
For the fifth consecutive year, the University of Colombo has maintained its status as Sri Lanka's highest-ranked higher education institution. However, it has fallen sharply, dropping 46 places to land at 364th position compared to the previous year.
Meanwhile, the University of Peradeniya and the Sri Jayewardenepura University have been ranked at 389th and 398th respectively. Although these three universities remain within the top 400 in Asia, they have all experienced notable declines in their rankings over the last four years.
In 2025, the University of Colombo was ranked 275th, indicating a staggering drop of 89 places since then.
Out of the 12 Sri Lankan universities included in the rankings, eight have reported declines this year, with only two institutions showing any progress.
In a positive note, Moratuwa University has advanced by 37 places to achieve the 517th spot, while the University of Kelaniya rose 44 places to rank 687th, showcasing the highest local growth among the universities.
The QS report indicates that while universities in other countries in the region continue to surge ahead, the overall score levels of Sri Lankan universities remain stagnant, which has been a crucial factor in their decline.
Particularly, indicators such as faculty reputation, the student-to-faculty ratio, and the percentage of PhD-holding faculty members have shown a considerable slump across all universities in Sri Lanka.
Despite a 6% increase in student enrollment at the University of Colombo, the faculty percentage has decreased by 3%. At the same time, the student-to-faculty ratio at the University of Jaffna has plummeted by 24%. QS data further reveals that Sri Lanka is lagging behind the regional averages in attracting international research and foreign faculty and students.
This year's top position in the Asian rankings is held by Hong Kong University, while India's IIT Delhi (66th), Pakistan's NUST University (76th), and Bangladesh's Dhaka University (136th) are well ahead of the University of Colombo.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
