බදු ආදායම් ඉහළ යාම හේතුවෙන් 2023–2025 කාලසීමාව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මඟින් අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා වැඩි, රුපියල් ට්‍රිලියන 1.74 ක පමණ ප්‍රාථමික අතිරික්තයක් ජනනය කිරීමට රජය සමත්ව ඇත.
මෙම ඉහළ කාර්යසාධනය ප්‍රධාන වශයෙන්ම ආදායම් වර්ධනය මත පදනම් වී ඇති බව පෙන්වා දෙන 2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව, මේ වසරේ ද ප්‍රාථමික ශේෂය අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යමින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.6 ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරයි.
අයවැයේ සමස්ත ඇස්තමේන්තුගත වියදම් සහ ආදායම් සඳහා පදනම් වූ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික උපකල්පන පිළිබඳ මෙම අධීක්ෂණ කාරක සභා වාර්තාව එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා විසින් මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
කෙසේ වෙතත්, මෙවැනි ප්‍රමාණයකින් අඛණ්ඩව ඉලක්ක ඉක්මවා යාම අයවැය පුරෝකථනය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ පවතින දුර්වලතා පෙන්නුම් කරන්නක් බව කාරක සභාව පෙන්වා දී ඇත.
"ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් පරිදි වියදම් නොකිරීමෙන් හෝ වාහන ආනයනය සඳහා පැවති සිරවී තිබූ ඉල්ලුම වැනි එක්වරක් පමණක් ලැබෙන ආදායම් හරහා අත්කර ගන්නා අතිරික්තයන් යළි යළිත් ඇති වීමට ඇති ඉඩකඩ අඩුය," යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.
2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක ඉලක්කයට සාපේක්ෂව ප්‍රාථමික අතිරික්තය සියයට 5.4 ක් දක්වා ළඟා වී ඇති අතර, වාහන ආනයන බදු වලින් ලද රුපියල් බිලියන 897 ක ආදායම හේතුවෙන් ශක්තිමත් ආදායමක් ලැබීමත්, ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.4 කට සීමා වීමත් ඊට හේතු වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර, 2025 වසර අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 99 ක් පමණ වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2026 වසරේ මැද භාගය වන විට ඇස්තමේන්තුගත සියයට 91 ක් දක්වා පහත වැටී ඇති අතර, එය 2032 වසර සඳහා නියම කර ඇති සියයට 95 ක ඉලක්කය දැනටමත් ඉක්මවා පහළ ගොස් ඇති බව එම වාර්තාව මඟින් නිරීක්ෂණය කර තිබේ.
Sri Lanka Surpasses Revenue Targets with Strong Primary Surplus Amid Economic Reform
The Sri Lankan government has achieved a remarkable primary surplus of approximately 1.74 trillion rupees, exceeding expectations set by the International Monetary Fund (IMF) for the 2023–2025 period, driven primarily by increased revenue generation.
A recent report from the government's Fiscal Monitoring Committee regarding the 2027 budget estimates that the primary surplus for this fiscal year will reach 3.6% of Gross Domestic Product (GDP), surpassing original targets.
This comprehensive report presented in Parliament by Chairman Harsha de Silva outlines financial, public fiscal, and economic forecasts based on total estimated expenditures and revenues.
However, the committee underscored that consistently exceeding such significant targets highlights existing weaknesses in budget forecasting and implementation.
The report cautions that inadequate spending on development projects or reliance on one-time revenue gains, such as from previously pent-up demand for vehicle imports, could limit the sustainability of these surpluses.
Projected for 2025, the primary surplus is expected to rise to 5.4% of GDP in relation to a target of 2.3%, bolstered by significant revenue of 897 billion rupees from vehicle import duties, while primary spending remains capped at 11.4% of GDP.
As the year 2025 draws to a close, government debt is estimated to be around 99% of GDP, which is anticipated to decrease to about 91% by mid-2026, already falling below the target of 95% set for 2032, according to observations made in the report.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
