තිරිගු පිටි මිල යලිත් ඉහලට...?


 තිරිගු පිටි කිලෝවක මිල ඉහළ දැමිමත් සමග දිවයින පුරා තිරිගු පිටි අලෙවිය පහළ බැස ඇති බව තිරිගු පිටි සමාගම් පවසයි.

තිරිගු පිටි කිලෝවක් රු.220න් ඉහළ විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, එම මිලට පහළින් දේශීය වෙළදපොලේ සහල් කිලෝවක් මිලදී ගැනීමට ඇති හැකියාව හමුවේ තිරිගු පිටි සදහා පාරිභොගිකයන්ගෙන් පැවති ඉල්ලුම පහළ ගොස් ඇති බවයි එම සමාගමේ නිළධාරියෙකු කියා සිටියේ.

තිරිගු පිටි මිල ඉහළ යෑම නිසා බේකරි නිෂ්පාදකයන්ද තම නිෂ්පාදන අලෙවිය පහළ වැටී ඇති බවට ප්‍රාදේශිය අලෙවි කළමණාකරුවන් හරහා තම සමාගම වෙත දැනුම් දී ඇති බවද එම නිළධාරියා පැවසීය.

පවතින යුද්ධය නිසා නැව් ගාස්තු ඉහළ යෑමත් මෙරටට තිරිගු ඇට ලබා ගන්නා කැනඩාව, ඕස්ට්‍රේලියාව, රුසියාව ඇතුලු රටවල් කිහිපයක ඉල්ලුමට සරිලන තිරිගු ඇට තොග ලබා නොදීම හමුවේ මෙසේ තිරිගු පිටි මිල වැඩි කිරිමට සිදු වූ බවත්, පවත්වා තත්වය මත තිරිගු පිටි මිල ඉදිරියේදි තවත් වැඩි විය හැකි බවයි එම නිළධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ 





Price Surge in Wheat Flour Leads to Decline in Sales Nationwide

The recent spike in wheat flour prices has triggered a notable drop in sales across the country, according to representatives from various wheat flour companies. Currently, wheat flour is being sold at various pricing points, starting at Rs. 220 per kilogram.

As consumers turn their attention to buying rice at lower prices, demand for wheat flour has plummeted. An official from one of the companies explained that the availability of reasonably priced rice in the local market has significantly impacted consumer interest in wheat flour.

The rise in flour prices has not only affected sales but has also led local bakery producers to report a downturn in their sales figures. This information has been communicated to their respective companies through regional sales managers, highlighting the ripple effect of the rising flour costs.

The ongoing conflict in certain regions has contributed to increased shipping costs, which, coupled with a shortage of wheat grain supplies from countries like Canada, Australia, and Russia, has further exacerbated the situation. The same official warned that if conditions remain unchanged, wheat flour prices may continue to rise in the future.

Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post