රජයේ සේවක වැටුප 20,000 සිට 80,000 දක්වා ඉහලට.. වාහන බද්දෙන් බිලියන 800ක් සොයන්න යයි...


  2027 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රජය විසින් ජනතා සුබසාධනය පෙරදැරි කරගත් සුවිශේෂී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, ඒ යටතේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප අවම වශයෙන් රුපියල් 20,000 සිට ඉහළම ශ්‍රේණි සඳහා රුපියල් 80,000 දක්වා ඉහළ දැමීමට නියමිත බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අයවැය ලේඛනය ලබන නොවැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 වසරේදී අදියර තුනකින් ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන ලද රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලියේ (සමස්තයක් ලෙස 24% සිට 50% දක්වා වූ වැඩිවීම) අවසන් අදියර මෙම අයවැය මඟින් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණිවල සේවකයෙකුට රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් හිමිවන අතර, ඉහළම ශ්‍රේණිවල නිලධාරීන්ට රුපියල් 80,000ක් දක්වා වූ වැටුප් වැඩිවීමක් හිමිවනු ඇත. මෙම අවසන් අදියරේ වැටුප් ගෙවීම් වෙනුවෙන් පමණක් රජය රුපියල් බිලියන 330ක මුදලක් වෙන් කිරීමට නියමිතයි.

මීට අමතරව, සමස්ත සුබසාධන වියදම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.2ක් (කෝටි එක්ලක්ෂ විසිදහසක්) ඉක්මවනු ඇත. එහිදී අස්වැසුම සුබසාධන දීමනා රුපියල් බිලියන 240ක්, විශ්‍රාම වැටුප් ගෙවීම් පසුගිය වසරේ සිට එක්වූ නව විශ්‍රාමිකයින් 720,000 දෙනාද ඇතුළුව සමස්ත විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 500ක්, සෙසු සුබසාධන වැඩිහිටි සහ ආබාධිත දීමනා, පොහොර සහනාධාරය මෙන්ම මහපොළ ශිෂ්‍යාධාර සඳහාද පුළුල් ප්‍රතිපාදන වෙන් කෙරේ.

ගෝලීය තෙල් මිල උච්චාවචනය හමුවේ මෙවර වෙන්කළ රුපියල් බිලියන 150ක මුදලට සමාන හෝ ඊට වැඩි මුදලක් ලබන වසරේදීද ඉන්ධන සහනාධාර සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇත.

රාජ්‍ය සේවකයන් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට ගෙන ඇති තීරණය ලබන වසර තුළද නොවෙනස්ව ක්‍රියාත්මක වන බව රජය තහවුරු කර තිබේ. කෙසේ වෙතත්, සාමාන්‍ය වාහන ආනයන කටයුතු සීමාවන්ට යටත්ව අඛණ්ඩව සිදුවන අතර, ලබන වසරේදී වාහන ආනයනයෙන් පමණක් රුපියල් බිලියන 800ක බදු ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ ආදායම් කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති බැවින්, ලබන වසර සඳහා වන ඔවුන්ගේ ආදායම් ඉලක්ක තවදුරටත් ඉහළ දැමීමට නියමිතය. අයවැය වෙන්කිරීම්වලින් පසු මහජන බදු මුදලින් රුපියල් ට්‍රිලියන 1ක ප්‍රාග්ධනයක් මහා භාණ්ඩාගාරය සතුව ඉතිරි වන අතර, එම මුදල් මාර්ග, මහාමාර්ග සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවනු ඇත.





Government Plans Significant Salary Increases for Public Sector Workers in Upcoming Budget

The Sri Lankan government is gearing up to present a pivotal budget for the fiscal year 2027 to Parliament, aiming to enhance public welfare. Reports indicate that the new budget will set public sector salaries to increase, with minimum monthly salaries rising to LKR 20,000 and upper-tier salaries reaching as high as LKR 80,000.

Finance Minister and President Anura Kumara Dissanayake is expected to submit the budget proposal on November 12, 2023.

This budget will mark the final phase of a three-stage salary increment plan for public sector employees initiated in 2025, which overall aims for salary increases ranging from 24% to 50%. Consequently, workers in the lower tiers of public service will see a salary increase of LKR 20,000, while officials at the highest levels will benefit from up to LKR 80,000 in additional pay. The government is set to allocate LKR 330 billion specifically for these salary payments in this budget.

Moreover, the total expenditure on public welfare is projected to exceed LKR 1.2 trillion (1,200 billion). This includes LKR 240 billion earmarked for social welfare benefits, alongside LKR 500 billion allocated for pensions, covering new retirees totaling 720,000 individuals since last year. Additional provisions will support elderly and disabled welfare, fertilizer assistance, and educational scholarships.

In light of fluctuating global oil prices, an allocation of LKR 150 billion or more has also been earmarked for fuel subsidies for the upcoming year.

The government's decision to suspend the issuance of tax-exempt vehicle registrations for public servants will remain in effect throughout next year. However, regular vehicle imports will continue under existing restrictions, with projected tax revenue from vehicle imports expected to reach LKR 800 billion next year.

Given the above-target revenue performance displayed by the Department of Local Revenue and the Sri Lanka Customs, plans are underway to further raise their revenue targets for the upcoming year. Post-budget allocations will leave LKR 1 trillion of public tax funds in the general treasury, which will be directed towards road, highway, and other developmental projects.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. එහෙනම් ඉතින් බඩු මිළ කොච්චරකින් වැඩි වේවිද කියල හිතා ගතෑකි

    ReplyDelete
  2. ඕක පරණ වැඩි කිරීමේ අදියර තුනෙන් අවසාන එක මිසක් අලුත් වැඩි කිරීමක් නොවේ.

    ReplyDelete
  3. විසි හයට සාපේක්ෂව විසි හතේදී රුපියල් විසි දාහේ ඉඳන් අසූදාහ වෙනකං වැඩිවීමක් සිද්ධ වෙන්නේ නෑ.විසි හතේ දී වෙන්නේ විසි පහේදී පටන් ගත්ත එකේ අවසාන කොටස ලැබෙන එක නැතුව විසි හතේ බජට් එකෙන් ආයි විසිදාහේ ඉඳන් අසූ දාහ වෙනකම් වැඩිවීමක් වෙන්නේ නෑ.සමස්තය ගත්තොත් 25 ට සාපේක්ෂව මේ වැඩිවීම විසි හත වෙනකොට කතාව හරි.ප්‍රවෘත්තිය හරියට ගන්නැතුව චූන් වුණොත් සොරි තමයි.

    ReplyDelete
Previous Post Next Post