කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රය වෙනුවෙන් සිදුකෙරෙන දැවැන්ත මූල්‍ය වියදම් සහ ඉදිරියේදී එම කර්මාන්තය වෙත පැනවීමට නියමිත දැඩි නීතිමය රෙගුලාසි පිළිබඳ ආයෝජකයන් තුළ හටගත් බිය හේතුවෙන්, අමෙරිකාවේ නිව්යෝර්ක් වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දරුණුතම කඩාවැටීමකට ලක්ව ඇති අතර, තනි දිනයක් තුළ එහි වෙළෙඳපොළ වටිනාකමින් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.5 ක දැවැන්ත මුදලක් සේදී ගොස් තිබේ.
විශේෂයෙන්ම තාක්ෂණික සමාගම්වල කොටස් විකිණීමේ දැඩි රැල්ලක් නිර්මාණය වීමත් සමඟ, ප්රමුඛ තාක්ෂණික සමාගම් නියෝජනය වන ‘නැස්ඩැක්’ දර්ශකය 5.5% කින් කඩා වැටුණු අතර, එය පසුගිය මාස 18 ක කාලය තුළ වාර්තා වූ දරුණුතම පසුබෑමයි.
ඒ අනුව මෑතකදී වාර්තා කළ ඉහළම අගයට වඩා 10% කින් පහත බසිමින් S&P 500 දර්ශකය 4.4% කින් පහත වැටුණු අතර, එය 2025 අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ දරුණුතම තනි දින කඩාවැටීම ලෙස සටහන් වේ.
අමෙරිකාවේ දැවැන්තම සමාගම් 30 නියෝජනය වන ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ලකුණු 1,833 කින් හෙවත් 3.4% කින් පහත වැටී ඒකක 51,868 ක් ලෙස දිනය නිමා කළේය.
මීට පෙර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ලොව විශාලතම සමාගම බවට පත්ව සිටි චිප්ස් නිෂ්පාදන දැවැන්තයා වන Nvidia සමාගමේ කොටස් අගය 9.3% කින් පහත වැටීම හේතුවෙන් මෙම වසර තුළ ඔවුන් ලැබූ සියලු ලාභයන් අහිමි වී ඍණාත්මක කලාපයකට තල්ලු විය. මීට අමතරව පරිගණක මතක චිප්ස් නිෂ්පාදනය කරන SanDisk සමාගමේ කොටස් මිල 22% කින්ද, වෙස්ටර්න් ඩිජිටල් සමාගමේ කොටස් 17% කින්ද ඇද වැටිණි.
මෙම පසුබෑම තාක්ෂණික ක්ෂේත්රයෙන් ඔබ්බටද ව්‍යාප්ත වූ අතර S&P 500 දර්ශකයේ සියලුම කර්මාන්ත අංශ 11 ම පාඩු ලැබීය.
වෝල් ස්ට්‍රීට් හි සිදුවූ මෙම ඓතිහාසික කඩාවැටීම සම්බන්ධයෙන් සෘජුවම අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, පැවති මැදවාර මැතිවරණයේ ප්‍රතිඵලය මෙම අර්බුදයට වගකිව යුතු බවයි.
"මැතිවරණ ප්‍රතිඵලය මත පදනම්ව කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දරුණුතම දිනයකට මුහුණ දුන්නා. මෙය බලා සිටීමටත් කනගාටුදායක දසුනක්! කිසිවකු පෙර නොදුටු ඉහළම තලයකට රට ඔසවා තැබීමට අපට විශාල වෙහෙසක් දැරීමට සිදුවුණා, අවසානයේ සිදුවූයේ මෙයයි," යනුවෙන් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබේ.
තවදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප්, "ඔබේ විශ්‍රාම අරමුදල් කඩා වැටුණා. මතක තබා ගන්න, එයට වගකිව යුත්තේ රිපබ්ලිකන්වරුන් නොව මෝඩ ඩිමොක්රටික්වරුන්ය. කෙසේ වෙතත් බිය නොවන්න, අප කෙසේ හෝ පෙරටත් වඩා විශාලව සහ ශක්තිමත්ව නැවත නැගී සිටිනවා" යනුවෙන් සඳහන් කළ අතර, "ඩිමොක්‍රටික්වරුන් අඟහරුවාදා ජයග්‍රහණය කළ නිසා අද කොටස් වෙළෙඳපොළ බිඳ වැටුණා, ඔබටම දොස් පවරා ගන්න!" යනුවෙන්ද පවසා ඇත. 2026 මැදවාර මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය කොංග්රස් මණ්ඩලයේ බලය අත්පත් කර ගැනීම මෙලෙස ට්‍රම්ප්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්විය.
මැතිවරණයෙන් පසු කෘත්‍රිම බුද්ධි තාක්ෂණික ක්ෂේත්රය වෙත කොංග්රස් මණ්ඩලයෙන් දැඩි නියාමන පීඩනයක් එල්ල වනු ඇතැයි පළවන සැකය සහ ඩේටා සෙන්ටර් ව්‍යාප්තිය මන්දගාමී වනු ඇතැයි පළවන අනාවැකි හමුවේ ආයෝජකයෝ අවදානම් සහිත කොටස්වලින් ඉවත්ව සුරක්ෂිත වත්කමක් වන අමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර දෙසට යොමු වූහ. ඒ හේතුවෙන් වසර 10 ක භාණ්ඩාගාර බැඳුම්කර ඵලදාව පසුගිය සැප්තැම්බර් 09 වනදායින් පසු අවම අගයට වැටිණි.
වෝල් ස්ට්‍රීට් කම්පනය ආසියානු වෙළෙඳපොළ දෙසටද කඩිනමින් පැතිර ගිය අතර, සිකුරාදා උදෑසන ගනුදෙනු ආරම්භයේදීම ජපානයේ 'නිකී' දර්ශකය 6% කින්ද, දකුණු කොරියාවේ 'කොස්පි' දර්ශකය 8% කට අධික දැවැන්ත අගයකින්ද පහත වැටුණි.
US Stock Markets Experience Historic Plunge Amid AI Regulation Concerns
The American investment community is shaken following a historic collapse on Wall Street, spurred by significant fears over steep financial expenditures in the artificial intelligence sector and the impending stringent regulations slated to govern the industry. On a single day, the market saw a staggering loss of $2.5 trillion in valuation.
A particularly sharp sell-off of technology stocks triggered a 5.5% drop in the Nasdaq index, marking its worst performance in the last 18 months. Investors reacted strongly, pushing the S&P 500 index down by 4.4%, a decline that stands as one of the most severe one-day falls recorded since April 2025.
The Dow Jones Industrial Average, which encapsulates major American corporations, closed down 1,833 points, or 3.4%, ending the day at 51,868 points.
The fallout from the sell-off was especially pronounced for Nvidia, a leading chip manufacturing company that took a 9.3% hit, consequently erasing all gains made throughout the year and pushing the company into negative territory. Similarly, stock prices for SanDisk, known for producing computer memory chips, plummeted by 22%, while Western Digital shares dropped by 17%.
This market downturn resonated beyond the technology sector, affecting all 11 industries represented in the S&P 500 index.
Commenting on the unprecedented market collapse, former U.S. President Donald Trump stated that the outcome of the recent midterm elections is to blame for the current crisis. He expressed his disappointment over the alarming stock market events, characterizing it as "a view that is disheartening to witness." Trump mentioned the significant efforts taken to elevate the country to unprecedented heights, which ultimately led to this drastic outcome.
In a series of tweets, Trump further noted, "Your retirement funds have taken a hit. Remember, this is not the fault of the Republicans but the disastrous Democrats. However, stay optimistic; we will rise once again, stronger than before." He also attributed the stock market's decline to the Democrats’ victories in the midterms, insisting that they bear responsibility for the losses.
In anticipation of the Congressional pressure for stringent regulation on the artificial intelligence sector following the elections, along with predictions pointing to a slowdown in data center expansion, investors are pivoting towards safer assets. This shift has led to a notable decline in the yield of 10-year Treasury bonds to its lowest level since September 9.
The tremors felt on Wall Street have quickly reverberated through Asian markets, with Japan's Nikkei index plummeting by 6% and South Korea's Kospi index falling over 8% at the beginning of Friday trading.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
