බිහිසුනු රිය අනතුරක්.. කාර් එකක් බසයකට යටවෙයි.. දෙදෙනෙක් එතනම මරුට...


 යාපනය මහනුවර ඒ 9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී කාර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පූනෑව පොලීසිය පැවසීය.

කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් සහ වව්නියාව සිට මහව දක්වා ධාවනය වූ කාර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

පූනෑව පොලීසිය විසින් සිදුකරන ලද මූලික පරික්ෂණ වලදි සැක පල වී ඇත්තේ කාර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙලෙස අනතුරට ලක්වන්නට ඇති බවටය.

අනතුර සිදුවූ අවස්ථාවේදී කාර් රථයේ තිදෙනෙකු ගමන් කොට ඇති අතර රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරෙුනද කාර් රථයේ සිටි සෙසු දෙදෙනාම මිය ගොස් සිට ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ බලල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රාජගුරු මුදියන්සේලාගේ අකිල සහ 34 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ජීවන්ත සුමිත් නැමති දෙදෙනෙකි.

බස් රථයේ රියදුරුද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පූනෑව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

- රොමේෂ් මධුෂංක 





Two Killed, One Injured in Fatal Collision on Jaffna-Kandy Road

A tragic accident on the A9 main road in Medawachchiya, near Poonthotam, has resulted in the deaths of two individuals and left another in critical condition. The incident involved a car and a private bus, according to local police.

The collision occurred between a private bus traveling from Colombo to Vavuniya and a car en route from Vavuniya to Mahawa.

Initial investigations conducted by Poonthotam police indicate that the accident may have been caused by the car driver's drowsiness.

At the time of the accident, three individuals were inside the car. The driver sustained serious injuries and was taken to the hospital, while the other two passengers tragically lost their lives.

The deceased have been identified as Akila Rajaguru Mudiyanselage, 27, and Jeevantha Sumith, 34, both residents of the Ballalla area.

The bus driver is currently in police custody as investigations continue.

- Romesh Madhushanka



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post