බොරතෙල් ආනයනය කර දේශීයව පිරිපහදු කිරීමෙන් ලබාගන්නා ඩීසල් සහ පෙට්‍රල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ගණන් තීරණය කළ සූත්‍රය සහ පදනම වහාම රට හමුවේ අනාවරණය කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
ජාත්‍යන්තර 'සිංගප්පූරු ප්ලැට්ස්' මිල දර්ශකයන් පදනම් කරගනිමින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දී තිබේ.
හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කරන දත්තයන්ට අනුව, පසුගිය ඔක්තෝබර් 30 වනදා වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල පැවතියේ මෙසේය.
- ඩීසල් බැරලයක මිල: අමෙරිකානු ඩොලර් 162 කි. (ඒ අනුව පිරිපහදු කළ ඩීසල් ලීටරයක පැටවුම් මිල රුපියල් 336 ක් වේ)
- ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක මිල: අමෙරිකානු ඩොලර් 138 කි. (ඒ අනුව පිරිපහදු කළ පෙට්‍රල් ලීටරයක පැටවුම් මිල රුපියල් 280 කි)
- බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල: අමෙරිකානු ඩොලර් 114 කි.
මෙම මිල දර්ශකවලට අනුව, මෙරටට බොරතෙල් ආනයනය කර සපුගස්කන්ද පිරිපහදුව මඟින් නිපදවන ඩීසල් සහ පෙට්‍රල් සඳහා බොරතෙල් පිරිවැය ලීටරයකට දැරීමට සිදුව ඇත්තේ රුපියල් 236 ක් වැනි අගයක් බව පෙන්වා දෙන පාඨලී චම්පික රණවක මහතා, එවන් පසුබිමක දේශීය වෙළෙඳපොළේ සිල්ලර මිල ගණන් මෙතරම් ඉහළ මට්ටමක සකස් වූයේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියි.
එබැවින් බොරතෙල් ගෙන්වා දේශීයව නිපදවූ ඉන්ධනවල සැබෑ නිෂ්පාදන වියදම, බදු සහ බෙදාහැරීමේ පිරිවැය ගණනය කළ ආකාරය පිළිබඳව වත්මන් ආණ්ඩුව ජනතාවට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව හෙතෙම කියා සිටී.
Former Minister Calls for Transparency in Fuel Pricing Mechanism
Patali Champika Ranawaka, a former minister, has insisted on the immediate disclosure of the formula and basis used by the Ceylon Petroleum Corporation (CPC) to determine prices for locally refined diesel and petrol. He underlined the importance of transparency in the context of the ongoing fuel crisis in the country.
In a post on his social media account, Ranawaka highlighted the situation using international pricing indicators, specifically the 'Singapore Platts', to shed light on the significant costs associated with fuel imports.
According to data presented by the former minister, the international prices of fuel as of October 30 reflect substantial values:
- Price of a barrel of diesel: USD 162 (equating to approximately LKR 336 per litre of refined diesel)
- Price of a barrel of Octane 92 petrol: USD 138 (equating to approximately LKR 280 per litre of refined petrol)
- Price of a barrel of Brent crude oil: USD 114.
From these price indicators, Ranawaka suggests that the cost of importing crude oil and refining it at the Sapugaskanda facility results in an expenditure of about LKR 236 per litre. He questions how the retail prices in the local market have escalated to such high levels under these circumstances.
Ranawaka has called on the current government to provide a clear statement to the public regarding the actual production costs, taxes, and distribution expenses related to domestically produced fuels, emphasizing the need for clarity and accountability in fuel pricing practices.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
