රුපියල් බිලියන 4.4ක හිඟයක්.. NSO සහ PUCSL අතර ගැටුමක්..


වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇත.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මූල්‍ය ඇස්තමේන්තුවලට අනුව විදුලිබල ක්ෂේත්‍රයේ රුපියල් බිලියන 4.4 ක ආදායම් හිඟයක් පවතින බව පෙන්වා දුන්නද, විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, පවතින තත්ත්වය මත ආදායම සහ වියදම සමතුලිත කරගත හැකි බවත් ජාතික පද්ධති ක්‍රියාකරු අවධාරණය කර සිටියි.

ජාතික පද්ධති ක්‍රියාකරුගේ සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ, තම ආයතනය කිසිදු අවස්ථාවක විදුලි ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලීමක් සිදු නොකළ බවයි. නව විදුලිබල පනත යටතේ ගාස්තු සංශෝධනය සඳහා ඉල්ලීම් කිරීමේ වගකීමක් NSO වෙත නොමැති බවත්, නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කරනු ලබන්නේ විදුලි උත්පාදන පිරිවැය ඇස්තමේන්තු සහ පුරෝකථනයන් පමණක් බවත් හෙතෙම පැහැදිලි කළේය.

මීට පෙර සකස් කරන ලද ඇස්තමේන්තු පසුගිය මාස තුනක කාලගුණ අනාවැකි සහ වැසි රටාව මත පදනම් වූ නමුත්, පසුව ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජල විදුලි උත්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගිය බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, ඉහළ ගිය ජල විදුලි ධාරිතාව හරහා අපේක්ෂිත මූල්‍ය හිඟය පියවා ගත හැකි බැවින්, පාරිභෝගිකයන් මත බර පටවමින් විදුලි ගාස්තු ඉහළ දැමීම අනවශ්‍ය බව ආචාර්ය පෙරේරා තහවුරු කළේය.

කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද කාර්තුමය සමාලෝචන ලේඛනයට අනුව, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සමස්ත විදුලි සැපයුම් පිරිවැය රුපියල් බිලියන 157.3 ක් වන අතර විදුලි විකිණීමෙන් ලැබෙන ආදායම රුපියල් බිලියන 154 ක් ලෙස පුරෝකථනය කර තිබේ. ඒ අනුව මෙහෙයුම් ආදායම් හිඟය රුපියල් බිලියන 3.3 ක් වන අතර, දෙවන කාර්තුවෙන් ඉදිරියට ගෙන ආ රුපියල් බිලියන 1.1 ක හිඟයද එකතු වූ විට සමස්ත මූල්‍ය හිඟය රුපියල් බිලියන 4.4 ක් දක්වා ඉහළ යයි.

මෙම හිඟය පියවා ගැනීම සඳහා විදුලි විකුණුම් ආදායම සියයට 2.88 කින් ඉහළ නැංවිය යුතු බව මුල් දත්තවල දැක්වුණද, ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා වූ අමතර පිරිවැය සහ දෙවන කාර්තුවේදී භාවිත කළ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සඳහා වූ වියදම් සංශෝධනය කිරීමෙන් අනතුරුව, අවශ්‍ය ගාස්තු වැඩිවීම සියයට 1.46 ක් දක්වා අඩු කිරීමට කොමිසම පියවර ගෙන තිබිණි. එහෙත්, NSO අවධාරණය කරන්නේ ජල විදුලි උත්පාදනයේ වර්ධනය හේතුවෙන් එවැනි ගාස්තු සංශෝධනයක අවශ්‍යතාව සහමුලින්ම පහව ගොස් ඇති බවයි.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවට NSO ආයතනය දැනුම් දී තිබියදීත්, ඒ පිළිබඳව මහජන අදහස් විමසීමක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම ගත් තීරණය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රශ්න කළේය.

විදුලිබල ක්ෂේත්‍රයේ ආයතන ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව පවසා තිබියදී, මෙවැනි මහජන විමසීම් පවත්වමින් මහජන මුදල් නාස්ති කිරීම අමාත්‍යවරයාගේ විවේචනයට ලක්විය. එමෙන්ම, විදුලි උත්පාදන පිරිවැය රුපියල් බිලියන 129 සිට බිලියන 125 දක්වා පහත වැටී ඇති බව NSO ආයතනය ඔක්තෝබර් 06 වැනිදා ලිඛිතව කොමිසම වෙත දැනුම් දී තිබූ බවද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

කෙසේ වෙතත්, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සහ 2002 අංක 35 දරන මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුව පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ සැසිය පසුගිය බ්‍රහස්පතින්දා (05) පැවැත්වීමට කොමිසම කටයුතු කළේය.





Dispute Arises Over Electricity Tariff Adjustments in Sri Lanka

The Sri Lanka Public Utilities Commission (PUCSL) and the National System Operator (NSO) are at odds regarding proposed adjustments to electricity tariffs for the final quarter of the year. The discord surfaced as the PUCSL revealed financial estimates indicating a significant revenue shortfall of Rs. 4.4 billion within the electricity sector.

Amidst these revelations, the NSO asserted there is no immediate necessity to raise electricity tariffs. They emphasized that the current financial situation allows for balancing income and expenditures without imposing additional costs on consumers.

Dr. Pradeep Perera, Chairman of the NSO, pointed out that his organization has never requested an increase in electricity charges. He clarified that the NSO bears no responsibility for proposing tariff adjustments under the new electricity legislation, noting that submissions to the regulatory authority are limited to estimates of electricity generation costs and forecasts.

The estimates prepared over the past three months were based on weather forecasts and rainfall patterns. However, recent substantial rainfall has led to a notable increase in hydroelectric generation, which Dr. Perera argued could potentially mitigate the anticipated financial shortfall. He stressed that hiking electricity charges would be unnecessary given the increased hydroelectric capacity.

In contrast, the quarterly review document submitted by the PUCSL forecasts that total electricity supply costs will amount to Rs. 157.3 billion from October to December, with revenue from electricity sales estimated at Rs. 154 billion. This leads to an operational income shortfall of Rs. 3.3 billion, further compounded by an additional Rs. 1.1 billion shortfall carried over from the previous quarter, raising the total projected financial deficit to Rs. 4.4 billion.

The data suggests that to offset this deficit, sales revenue from electricity must increase by 2.88%. However, adjustments related to additional costs for ongoing projects and the revision of coal-related expenditures during the second quarter have reduced the required increase in tariffs to just 1.46%. The NSO has underscored that the rise in hydroelectric generation has diminished the necessity for such adjustments entirely.

Even as the NSO maintains that there is no need for tariff increases, the PUCSL's decision to conduct a public consultation on the matter was met with criticism from Energy Minister Kanchana Wijewardene in Parliament. The Minister questioned the prudence of wasting public funds on consultations when the electricity sector indicates no requirement for an increase in tariffs.

Furthermore, it was revealed in the Parliament that the cost of electricity generation had decreased from Rs. 129 billion to Rs. 125 billion, as communicated to the commission by the NSO on October 6.

Nonetheless, in accordance with provisions of the Sri Lanka Electricity Act No. 36 of 2024 and the Public Utilities Commission Act No. 35 of 2002, a session dedicated to soliciting stakeholders' views was conducted by the commission last Thursday (October 5).



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post