දැවැන්ත මූල්‍ය වංචා, දූෂත කොමිස් ගැසීමේ ක්‍රමය බිඳහෙළුවා.. දැන් තියෙන්නේ සුපිරිසුදු රාජ්‍ය පාලනයක්


 අතීතයේ පැවති අත්තනෝමතික, ගසාකෑම්වලින් පිරුණු ප්‍රභූ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම අවසන් කර, සංවර්ධන ව්‍යාපෘතිවලින් සත පහක හෝ කොමිස් මුදලක් කිසිවෙකුගේ සාක්කුවලට නොයන නව දේශපාලන පරිවර්තනයක් රට තුළ ස්ථාපිත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරී කෞශල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කරයි.

ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ, වර්තමානයේ ක්‍රියාත්මක වන මෙම පිරිසිදු රාජ්‍ය පාලන ක්‍රමවේදය අද වන විට මහජනතාවට සාමාන්‍ය දෙයක් සේ දැනුණද, එය දශක ගණනාවක් තිස්සේ මුල්බැසගෙන තිබූ දැවැන්ත මූල්‍ය වංචා සහ දූෂිත කොමිස් ගැසීමේ ක්‍රමය බිඳහෙළූ ඓතිහාසික පියවරක් බවයි.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර අයවැය මඟින් සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරිය, රාජ්‍ය භාණ්ඩාගාරයට එක්රැස් වන බදු මුදල් උපරිම මූල්‍ය විනයකින් හා විනිවිදභාවයකින් යුතුව සෘජුවම බිම් මට්ටමේ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළාය.

නාගරික යටිතල පහසුකම් සංවර්ධනය, පොදු ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පුළුල් කිරීම මෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැනටමත් වේගවත් කර ඇති බවත්, ඊට සමගාමීව රටේ අනාගත පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමේ දැවැන්ත මෙහෙයුමක් රජය මඟින් ක්‍රියාත්මක කරමින් පවතින බවත් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.





New Political Era Promises Development Free of Corruption, Says Deputy Minister Kaushalya Ariyaratne

Deputy Minister Kaushalya Ariyaratne highlighted a transformative shift in Sri Lanka's political landscape, stating that the country's past culture of corruption and political patronage has been decisively dismantled. She emphasized that the current governance model, built on clean, transparent practices, marks a historic break from decades of financial fraud and corrupt dealings.

While attending the launch of a local development project, Ariyaratne pointed out that although the efficient governance framework may appear routine to the public today, its establishment is a significant milestone in the fight against systemic corruption that has plagued the nation for generations.

The Deputy Minister noted the budget for the current year allocates substantial funds for development initiatives, a marked increase compared to previous years. She underscored the government's commitment to ensuring that tax revenues are managed with the utmost financial discipline and transparency, aimed directly at addressing grassroots needs.

Ariyaratne also outlined ongoing efforts to enhance urban infrastructure, improve public transportation, and expand primary healthcare services. Additionally, she mentioned the government's vigorous campaign to combat drug trafficking and underground activities that threaten the nation's future generations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. මහා භාණ්ඩාගාරෙන් පන්නපු ඩොලර් මිලියන 250,
    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය ඩොලර් බිලියන 10 ගත්තෙ කවුද නෝනේ?

    ReplyDelete
    Replies
    1. Eka palawathen ahanna.
      Methumiya nikalel jepi vahal desikaviyak pamanai...

      Delete
    2. රේගුවෙන් පන්නපු රතු ලේබල් කන්ටේනර් 323 නේ තිබුනේ මොනවද?
      ඒවා ගියේ කා අතටද?

      Delete
    3. Good question. When the pressure started to build, they appointed a committee to investigate the matter. However, we still do not know the outcome.
      There has been no report and no update from the committee.

      Delete
  2. ඇත්ත නේන්නම්, මහාරාජාගෙ කොටි සිරසට දුන්න කෝටි දහයත්, දැවැන්ත මූල්‍ය වංචා ගනයට වැටෙන්නෙ නැති සුපිරිසිදුම, චූටිම, චූටි මූල්‍ය ගණුදෙනුවක් තමා. 

    ReplyDelete
  3. මේ කියන බොරුවලට මුන්ට හෙන ගහන්නේ කවදද? මහ පචයට දෙවෙනි නෑ ගොලොයෝ රොත්ත.

    ReplyDelete
  4. වැඩ බැරි ටාසන්ලාගේ කයිය කොහොමද? ඉතිහාසයේ ලොකුම හොරකම ගල් අඟුරුවලින් කරලා අපි සුපිරිසිඳුයි ලු... හොරා කාලා සද්ද නැතුව ඉන්නෙ නැතුව තව බොරුත් කියනවා.

    ReplyDelete
Previous Post Next Post