ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග‍්‍රහය සංචාරක කාර්යංශයයි.. මේකෙන් ඩොලර් මිලියන 250ක් වාසියි..- රජයෙන් නිවේදනයක්..


 ලොව පුරා කීර්තිමත් මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය ආයතනවල ඉහළ පෙළේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 63 වන ආසියානු - පැසිෆික් විකාශන සංගමයේ (ABU) වාර්ෂික මහා සභා සැසිවාරය මෙරට සත්කාරකත්වයෙන් සාර්ථකව ආරම්භ වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී ජාත්‍යන්තර සම්මේලනයේ සමාරම්භක උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි. මෙරට අනන්‍යතාව සහ සාම්ප්‍රදායික සංස්කෘතික විචිත්‍රත්වය ලොවට විදහා දක්වන අලංකාර සංස්කෘතික අංග රැසකින් ද මෙම සමාරම්භක අවස්ථාව වර්ණවත් විය.

මෙම මහා සභා සැසිවාරය සඳහා ලෝක ප්‍රකට BBC (බ්‍රිතාන්‍ය), NHK (ජපානය) සහ ABC (ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සංස්ථාව) ඇතුළු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ජාලයන්හි ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් විදෙස් මාධ්‍ය ප්‍රධානීන් 300 ත් 350 ත් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණ සිටිති. 

ABU සංවිධානය මඟින් සංවිධානය කරනු ලබන මෙම සමුළුවේ සත්කාරක මාධ්‍ය සහකරු ලෙස 'එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම' (MTV Channel Private Limited) කටයුතු කරන අතර, ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සපයනු ලබන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසිනි.

මෙම ජාත්‍යන්තර සමුළුව මෙරට පැවැත්වීම තුළින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට හිමිවන මාධ්‍ය ප්‍රචාරණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 250 ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබේ. ලොව පුරා සංචාරකයන් අතර ශ්‍රී ලංකාව හුදෙක් සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව, වික්‍රමාන්විත අත්දැකීම් සහිත සුඛෝපභෝගී සන්නාමයක් (Iconic Brand) ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙය කදිම අවස්ථාවක් කරගෙන ඇත. මීට අමතරව, මෙරට සම්මන්ත්‍රණ හා ව්‍යාපාරික සංචාරක කර්මාන්තය, මංගල උත්සව ගමනාන්තයක් සහ සුවතා සංචාරක ව්‍යාපාරය සඳහා පවතින ඉහළ විභවය ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙන යාම ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන ඉලක්කයකි.

දින පහක් පුරා පැවැත්වෙන මෙම සමුළුවට කාරක සභා රැස්වීම්, ප්‍රධාන මහා සභා සැසිවාරය, සම්මාන ප්‍රදානෝත්සවයක් සහ ආසියා - පැසිෆික් කලාපීය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් යුත් විශේෂ සංගීත සැණකෙළියක් ඇතුළත් වේ. මීට අමතරව, සමුළුවට පැමිණි විදෙස් නියෝජිතයන් වෙනුවෙන් මෙරට දකුණු පළාතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන නැරඹීමේ විශේෂ අධ්‍යයන චාරිකාවක් ද සංවිධානය කර ඇත.






63rd ABU General Assembly Kicks Off in Sri Lanka with Global Media Leaders

The 63rd Annual General Assembly of the Asia-Pacific Broadcasting Union (ABU) has officially commenced in Sri Lanka, a gathering that brings together high-ranking representatives from renowned print, electronic, and digital media institutions around the world. The Ministry of Foreign Affairs, Foreign Employment, and Tourism announced the initiation of this prestigious international conference.

Running from October 30 to November 3, the assembly's opening ceremony was held under the distinguished patronage of President Anura Kumar Dissanayake and Minister of Foreign Affairs, Foreign Employment, and Tourism, Vijitha Herath, alongside various delegates from state institutions and key players in the tourism sector. The event proudly showcased Sri Lanka's unique identity and rich cultural diversity through vibrant cultural elements.

Among the prominent international media networks represented at the assembly are the BBC (UK), NHK (Japan), and ABC (Australia), with approximately 300 to 350 global media leaders attending. This gathering reflects the significant interest of media professionals in the region.

Organized by the ABU, the media partner for this assembly is MTV Channel Private Limited, with the principal sponsorship provided by the Sri Lanka Tourism Promotion Bureau.

The international gathering in Sri Lanka is projected to yield a global media promotional value exceeding 250 million US dollars. This event presents an exceptional opportunity to position Sri Lanka not just as a tourist destination but as an iconic brand offering transformative experiences. Moreover, it aims to promote local conference and business tourism as well as wellness tourism, showcasing Sri Lanka's outstanding offerings to the international community.

Over the five-day assembly, the agenda includes committee meetings, the main general assembly session, an awards ceremony, and a special musical extravaganza featuring artists from the Asia-Pacific region. Additionally, a special study tour will be organized for foreign delegates to explore southern Sri Lanka's stunning tourist attractions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post