වැරදි රියදුරන් අල්ලන්න කොළඹට AI කැමරා.. දඩ කොලේ තැපෑලෙන් ගෙදරට..


 මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් හසුකර ගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කරමින් කොළඹ නගරය වටා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් යුත් කැමරා (AI Camera) සවි කිරීමට පොලිස් රථවාහන මූලස්ථානය සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මේ දෙසැම්බර් මාසයේදීම ආරම්භ කෙරෙන බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

පළමු අදියර යටතේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා වූ මාර්ගයේ මෙම කැමරා පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. අදියර නවයකින් සමන්විත මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා කැමරා 450 කට අධික සංඛ්‍යාවක් යෙදවීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වූ පැරණි කැමරා වෙනුවට, හඳුනාගත් ස්ථානවල මෙම නව AI කැමරා ස්ථාපිත කෙරේ. 

ඒ අනුව මහමඟදී සිදු කෙරෙන රථවාහන වැරදි කැමරා මඟින් නිරීක්ෂණය කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය ඇසුරින් අදාළ වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ නිවසටම ලියාපදිංචි තැපෑල ඔස්සේ දඩ පත්‍රිකාව යොමු කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව කොළඹ නගරය තුළ රථවාහන මෙහෙයුම් කටයුතු ද තවදුරටත් වැඩි කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේය.





AI Cameras to Combat Traffic Violations in Colombo

The Colombo Traffic Police are set to implement a sophisticated network of Artificial Intelligence (AI) cameras to enhance their efforts in identifying and apprehending traffic offenders. This initiative aims to significantly broaden the scope of enforcement across the city.

According to Deputy Inspector General of Police W.P.J. Senadheera, the first phase of this project is scheduled to kick off in December. The installation of the cameras will begin along the route from Gothami Balika Vidyalaya to the Nelum Pokuna.

Under this initial stage, more than 450 AI cameras are expected to be deployed, replacing older models at identified locations. This comprehensive project is designed to bolster the effectiveness of traffic monitoring systems within Colombo.

These advanced cameras will capture traffic violations on the main roads, and violators will receive automated tickets via registered mail sent directly to the owners of the respective vehicles, based on the data retrieved by the Motor Traffic Department.

Additionally, the Deputy Inspector General highlighted that there has been a notable increase in traffic operational activities within the city, indicating a proactive approach to maintaining road safety standards.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post