Rebuilding Sri Lanka අරමුදලට එකතු වූ මුදල් මෙතෙක් රුපියලක්වත් වියදම් කර නෑ...


 දිට්වා සුළි කුණාටුවෙන් පසුව Rebuilding Sri Lanka Fund හරහා රැස් කරන ලද රුපියල් බිලියන 11 ක දේශීය හා විදේශීය පරිත්‍යාග මුදල් මේ දක්වා කිසිදු කටයුත්තක් සඳහා වැය කර නොමැති බවත්, එම මුදල් වියදම් කිරීම 2027 වසරේදී පමණක් ආරම්භ කිරීමට අපේක්ෂිත බවත් 'සන්ඩේ මෝනිං' වාර්තා කරයි.

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති හඳුනාගෙන තිබුණ ද මෙම පරිත්‍යාග මුදල්වලින් මේ දක්වා එකදු රුපියලක් හෝ භාවිත කර නොමැති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා තහවුරු කර තිබේ.

අපොන්සු මහතා හෙළි කර ඇත්තේ, මෙම පරිත්‍යාග භාවිත කිරීම සම්බන්ධයෙන් කැබිනට් තීරණයක් ලැබුණේ මෑතකදී බවත්, ආපදාවෙන් පසු යථා තත්ත්වයට පත් කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය මෙතෙක් සිය ස්වකීය අරමුදල් යොදාගෙන ඇති බවත්ය.

"රජය සතුව ප්‍රමාණවත් අරමුදල් පවතින අතර ඒවා භාවිත කරමින් තිබෙනවා. එබැවින් පරිත්‍යාගවලින් තවමත් කිසිවක් වැය කර නැහැ," යැයි ඔහු පවසා ඇත.

අපොන්සු මහතාට අනුව, ඇස්තමේන්තුගත රුපියල් බිලියන 11 ක මුදලට හඳුනාගත් සහ නිර්නාමික දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයන් ඇතුළත් වේ. කෙසේ වෙතත්, එය තාවකාලික සංඛ්‍යාලේඛනයක් පමණක් වන අතර අවසන් ගිණුම් වාර්තාව නොවන බව ද ඔහු සඳහන් කර තිබේ.

මෙම පරිත්‍යාග මුදල් ආපදාවට පත් පවුල් වෙත සෘජු මූල්‍ය ආධාර ලබා දීමට වඩා, සුළි කුණාටුවෙන් හානි වූ රෝහල් සහ පාසල් ඇතුළු පොදු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කර ඇත.

රේඛීය අමාත්‍යාංශ විසින් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා මත පදනම්ව මෙම ව්‍යාපෘති හඳුනාගෙන ඇති අතර, අරමුදල් අවශ්‍ය ව්‍යාපෘති ලැයිස්තුවක් එම දෙපාර්තමේන්තුව විසින් රජයට ලබා දී ඇති බව අපොන්සු මහතා පැහැදිලි කළේය.

හඳුනාගත් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයන් නිශ්චිත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සමඟ සම්බන්ධ කිරීමට ද රජය අපේක්ෂා කරන අතර, එමඟින් ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඔවුන්ගේ පරිත්‍යාග භාවිත කරන ආකාරය අධීක්ෂණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.

"අපි පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයන් ව්‍යාපෘති සමඟ සම්බන්ධීකරණය කරනවා. හඳුනාගත් පරිත්‍යාගශීලීන් සමඟත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන නිශ්චිත ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් දැනුවත් කර එහි ප්‍රගතිය අධීක්ෂණය කරනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි ගෙවීම ඇතුළුව සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සඳහා වන මූල්‍ය ආධාර, පවතින චක්‍රලේඛ සහ රෙගුලාසිවලට අනුකූලව රජයේ අරමුදල් හරහා වෙනම ලබා දෙන බව අපොන්සු මහතා පැහැදිලි කළේය.

"පීඩාවට පත් පවුල් වෙත රජය විසින් දැනටමත් මහජන මුදල් යොදාගෙන යම් සහන පැකේජ ලබා දී ඇති බැවින්, ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල භාවිත කර සෘජු මූල්‍ය ආධාර ලබා නොදෙයි," යැයි ඔහු සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දේශීය හා ජාත්‍යන්තර මූල්‍ය දායකත්වයන් රැස් කිරීමේ අරමුණින් මෙම අරමුදල පිහිටුවනු ලැබීය.





Rebuilding Sri Lanka Fund Sees No Expenditure Post-Ditwela Cyclone

In the aftermath of the Ditwela cyclone, over 11 billion rupees collected through the Rebuilding Sri Lanka Fund remain untouched, with plans to commence spending not expected until 2027, according to a report by 'Sunday Morning.'

Although various reconstruction projects have been identified, the Secretary to the President’s Task Force on Rebuilding Sri Lanka, G.M.R.D. Aponsu, confirmed that not a single rupee from these donations has been utilized thus far.

Aponsu revealed that a recent Cabinet decision had been made regarding the use of these funds, emphasizing that the government has relied on its own budget for recovery and reconstruction activities following the disaster.

"The government possesses sufficient funds that are currently being used. Therefore, none of the donated funds have been spent yet," he stated.

According to Aponsu, the estimated amount of 11 billion rupees includes contributions from unnamed local and international donors. However, he noted that this figure is merely a provisional amount and not a final statement of accounts.

These funds are earmarked not for direct financial assistance to the affected families, but rather for the reconstruction of public infrastructure, including hospitals and schools, damaged by the cyclone.

The projects have been identified based on proposals submitted to the National Department of Disaster Management, and Aponsu clarified that a list of necessary projects has been forwarded to the government by that department.

The government also aims to link the contributions from identified donors to specific reconstruction projects, allowing them to monitor the progress and use of their donations.

"We are coordinating the contributions from donors with the projects. We hope to engage with the identified donors to update them on the specific projects their contributions will support and to monitor progress," he further elaborated.

Additionally, Aponsu detailed that financial aid for families affected by the cyclone, including compensation for fully or partially damaged homes, will be distributed separately through existing government funds, following current policies and regulations.

"Since the government has already provided some relief packages using public funds to affected families, direct financial aid from the Rebuilding Sri Lanka Fund will not be given," he concluded.

Established as part of the government’s plan for post-cyclone recovery, this fund aims to gather domestic and international financial contributions for reconstruction efforts under the oversight of the President's Task Force on Rebuilding Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post