යුක්රේනයේ කියෙව් අගනුවර සහ ඒ අවට කලාපයේ පිහිටි හමුදාමය-කාර්මික මධ්‍යස්ථාන මෙන්ම බලශක්ති සහ ප්‍රවාහන යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිය හමුදා දැවැන්ත ඒකාබද්ධ ප්‍රහාර මාලාවක් එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
රුසියාව නිකුත් කළ ප්‍රකාශයක දැක්වෙන්නේ, කියෙව් නුවර පිහිටි ‘Northern Bridge වෙත මෙම ප්‍රහාර එල්ල වූ බවයි. යුක්රේන සන්නද්ධ හමුදාවන්ට අවශ්‍ය අවි ආයුධ, හමුදා උපකරණ සහ යුද රථ ප්‍රවාහනය කිරීම සඳහා මෙම පාලම ප්‍රධාන සැපයුම් මාර්ගයක් ලෙස භාවිත කරමින් තිබූ බව රුසියාව පවසයි. ඊට අමතරව කෲස් මිසයිල නිෂ්පාදනය කරන බව කියන කර්මාන්තශාලාවද මෙම රුසියානු ප්‍රහාරයට ගොදුරු වී තිබේ.
මෙම ප්‍රහාර මඟින් කියෙව් කලාපයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක්, විදුලි උපපොළක් සහ පතොරම් හා යුදෝපකරණ නිෂ්පාදනාගාරයක් ඇතුළු බලශක්ති හා කාර්මික මධ්‍යස්ථාන රැසකට බරපතළ හානි සිදුව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් තහවුරු කළේය.
තවද, ෂිටෝමීර් කලාපයේ පිහිටි තවත් විදුලි උපපොළකට ප්‍රහාර එල්ල කර ඇති රුසියානු හමුදා, කළු මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකටද සාර්ථකව පහර දුන් බව ප්‍රකාශ කර ඇත. අදාළ නෞකාව මඟින් යුක්රේනය වෙත යුද උපකරණ සහ හමුදාමය අවශ්‍යතා සඳහා යොදාගත හැකි භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ බවද රුසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.
Russia Launches Massive Assault on Key Ukrainian Military and Infrastructure Targets
The Russian Ministry of Defense has announced a large-scale coordinated assault targeting military and industrial hubs in and around the Ukrainian capital, Kyiv, along with vital energy and transport infrastructure.
A statement from Russia indicates that the strikes specifically targeted the Northern Bridge located in Kyiv, which has served as a crucial supply route for delivering weapons, military equipment, and armored vehicles to Ukrainian forces. Additionally, facilities allegedly involved in the production of cruise missiles were also hit during this barrage.
The Ministry confirmed substantial damage to several energy and industrial centers, including a primary power plant, an electrical substation, and a facility dedicated to the production of military equipment located in the Kyiv region.
Further reports reveal that Russian forces have also targeted another power plant in the Zhytomyr region. Furthermore, Russian naval forces successfully struck a cargo vessel in the Black Sea, which was reportedly transporting supplies that could be used to meet Ukraine’s military needs.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
