පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්...


සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනම් පූර්ණ විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව විපක්ෂ නායකවරයා වෙත යොමු කර ඇති ලිපියක් මඟින් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රජය බැඳී සිටියද, මෑතකාලීනව භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩකාරී සහ අපහාසාත්මක ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් රාජ්‍ය යාන්ත්‍රණ හරහා ද ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වන බව එම ලිපියේ සඳහන් වේ.

එමෙන්ම, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කරමින් හෝ ආණ්ඩුවට අවාසිදායක වන අයුරින් නියෝග සහ තීන්දු ප්‍රකාශයට පත් කළ අධිකරණ විනිසුරුවරුන් කඩිනමින් ස්ථාන මාරු කිරීම්වලට ලක්වීම කෙරෙහි සමාජය තුළ දැඩි සැකසංකා මතු වී ඇති බව ද පෙන්වා දෙන එම පක්ෂය, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම උදෙසා මේ පිළිබඳව විනිවිදභාවයෙන් යුතු කරුණු රටට හෙළිදරව් විය යුතු බව අවධාරණය කරයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය විවාදයේ කාර්යබහුලත්වය හේතුවෙන් මෙවැනි අතිශය තීරණාත්මක ජාතික කාරණා යටපත් වීමේ අවදානමක් පවතින බවත්, එබැවින් ඊට පෙර මෙම කරුණු දෙක පිළිබඳව පාර්ලිමේන්තු විවාදයන් ලබාගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු හා දේශපාලන ක්‍රියාමාර්ග වහා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.






Parliament Urged to Address Growing Violence Against Buddhist Monks

In a significant move, Sajith Premadasa, the Leader of the Opposition, has called for urgent debates in Parliament addressing the rising acts of violence against the Buddhist clergy and the abrupt transfers of judicial officers. This request was made in a letter directed to the Speaker of Parliament, signed by the General Secretary of the Samagi Jana Balawegaya (SJB), Attorney-at-Law Sagar Kariyawasam.

The letter emphasizes the government's constitutional obligation to safeguard and nurture the Buddhist clergy. It points out that recent incidents involving targeted attacks and derogatory propaganda against monks have been proliferating through social media and various state apparatus.

Moreover, it highlights growing societal concerns regarding the swift reassignments of judges who have issued orders or verdicts that question the actions of the current government or are perceived as detrimental to it. The SJB asserts the need for transparency in revealing facts regarding this situation to protect the independence of the judiciary and the rule of law.

With critical national issues potentially being overshadowed by the busy budget discussions slated for the Parliament soon, the SJB further urges the Leader of the Opposition to take immediate political action to ensure that these significant matters receive the attention they deserve before the debates commence.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post