ත‍්‍රිකුණාමලේ වෙඩි වැලක්.. දෙදෙනෙකු මරුට.. අයෙකු රෝහලේ..


 ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගයේ කප්පල්තුරෙයි හන්දිය අසලදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය සහ ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් යොදාගෙන ඇති බවයි.

අදාළ ත්‍රිරෝද රථය ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනාම බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත කඩිනමින් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අයෙකු තවදුරටත් දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබති.





Fatal Shooting Incident in Trincomalee Claims Two Life and Injures one

A tragic shooting incident near the Kapplthurai junction on the Trincomalee main road has left two individual dead and one others critically wounded. Reports from the police indicate that a group traveling on a three-wheeler was targeted in this horrific attack.

Initial investigations have revealed that the assailants employed a T-56 automatic firearm in the assault, underscoring the seriousness of the crime.

Following the attack, all three victims were rushed to Trincomalee Hospital for emergency treatment. Despite medical efforts, one of the individuals succumbed to their injuries, while the other two remain under intensive medical care and observation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. කොහොමද වැඩ? මේවා තමයි සංවිධානාත්මක අපරාධ. මේවා මැඩ පවත්වන්ඩ නීති අරගෙන එනකොට, මේ කණ්ඩායම් වලින් යැපෙන සුන් බුන් විපක්ෂයේ ඉතුරු වෙලා ඉන්න කුණු රොඩු වහල්ලු ඒ නීති වලට විරුද්ධ වෙනවා. අවුරුදු 76ක් තිස්සේ කෙරුවාව තමයි මේ වෙඩි වරුසාවෙන් ඔප්පු වෙන්නේ. මේවා මැඩ පවත්වන්ඩ අවශ්‍ය නීති සම්පාදනය කරන්ඩ ඕනෑ. ඒවාට විරුද්ධ වෙන වහල්ලුන්ට රටේ මහ ජනතාව දෙන්ඩ ඕනෑ පිළිතුරු දෙයි.

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන නීතිවලින් මිණීමරුවන්ට ඳඬුවම් දෙන්ඩ බැරිද, අයියා?

      Delete
    2. තියෙන නීති වල ප්‍රශ්ණය හැරෙන තැපෑලෙන් ඇප දෙනවා. පොලිස් රැඳවුම් භාරයේ උසාවි නියෝගයකින් තොරව තියා ගන්ඩ පුළුවන් පැය 24යි. උසාවි නියෝගයක් ගන්ඩ සෑහෙන සාක්ෂි ප්‍රමාණයක් ඉදිරිපත් කරන්ඩ වෙනවා, යම් සුළු හෝ අඩු පාඩුවක් පෙනුනොත්, වහාම උසාවියෙන් ඇප දෙනවා.

      උදාහරණයක් විදියට ලංකාවේ මේ වෙනකොට අංක එකේ අපරාධ කාරයා කංජිපාණි. කංජිපාණි ව ඩුබායි පොලිසියෙන් අල්ලලා ලංකාවට පිටුවහල් කලා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කංජිපාණි ට ඇප දුන්නා. පසුව එවක දේශපාලන නායකත්වයේ පූර්ණ සහයෝගය මැද කංජිපාණි රටින් පිට වෙලා ගියා. මේ වෙනකොට ඔහු ප්‍රංශයේ සිට ලංකාව, උතුරු අප්‍රිකාව, නැඟෙනහිර යුරෝපය, මධ්‍යම ආසියාව කියන සියලු ප්‍රදේශ වලට මත්ද්‍රව්‍ය වෙළඳාම් කරමින් සුවිසල් ධන කුවේරයෙක් විදියට ජීවත් වෙනවා. ඔහුට පෞද්ගලික සුඛෝපභෝගී යොට්, පෞද්ගලික ගුවන් යානාවක්, සුවිසල් වතු, මන්දිර, හොඳට තියෙනවා. ශ්‍රී ලංකාවේ මුළු පොලිසියම ක්‍රියාත්මක වෙන්නේ කංජිපාණි ගේ අණ යටතේ, සේනාධිනායකයා අනුර සහෝදරයා ගේ යටතේ නෙවෙයි. මේවා එක දවසින් වෙනස් කරන්ඩ බෑ, ඒ නිසා අවශ්‍ය නීති ගේනවා, අනාගතයේදී වත් වෙනත් කංජිපාණි කෙනෙක් බිහි වීම නතර කර ගැනීමට. හැබැයි මොන නීති ගෙනාවත් ප්‍රංශේ ඉන්න කංජිපාණි අල්ලන්ඩ බෑ.

      Delete
Previous Post Next Post