පොලිස් ස්ථාන තුළදී අත්අඩංගුවට පත්වන සැකකරුවන් දිගින් දිගටම මියයෑමේ සිදුවීම් පදනම් කරගනිමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පුරවැසි සංවිධානයක් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ සංවිධානයේ කැඳවුම්කරු රවීන්ද්‍රන් නිශ්ශංක මහතා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මඟින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇති අත්‍යවශ්‍ය මාර්ගෝපදේශ සහ නිර්දේශ කිසිවක් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.
පසුගිය වසර පහක කාලය තුළ පමණක් පොලිස් භාරයේ සිටියදී සැකකරුවන් පනහකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව පෙන්වා දුන් ඒ මහතා, පොලිස් නිලධාරීන් විසින් සිදුකරන අමානුෂික වධහිංසා පැමිණවීම් සහ සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කිරීම මෙම මරණ පිටුපස ඇති යථාර්ථය බව චෝදනා කළේය.
මෑතකදී හෝමාගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරිය තුළ සැකකරුවකු මියයෑමේ ආන්දෝලනාත්මක සිදුවීම මීට ආසන්නතම උදාහරණය බව පෙන්වා දුන් ඔහු, එම සිදුවීමට අදාළව හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා , අපරාධ අංශ ස්ථානාධිපති, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති සහ සිරමැදිරිය භාරව සිටි උපසේවක නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව සිහිපත් කළේය.
එහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළ රවීන්ද්‍රන් නිශ්ශංක මහතා, චෝදනා රැසක් එල්ල වී තිබූ 'බී' ශ්‍රේණියේ පොලිස් ස්ථානයක් වන වනතාවිල්ලුව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයකු, පොලිස්පතිවරයාගේ පෞද්ගලික හිතවත්කම මත හෝමාගම වැනි ප්‍රධාන මූලස්ථාන පොලිසියක ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත් කර තිබූ බව අනාවරණය කළේය. මෙම නිලධාරියා එම ධුරයට නුසුදුසු බවට හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මීට මාස අටකට පෙර ලිඛිතව දැනුම් දී තිබියදීත්, පොලිස්පතිවරයා ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම දැඩි විමර්ශනයකට ලක්විය යුතු බව ඔහු අවධාරණය කළේය.
වත්මන් පොලිස්පතිවරයා වෘත්තීය මට්ටමින් බැහැරව දේශපාලන අවශ්‍යතා මත කටයුතු කරමින් සිටින බවට පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරීන් අතරද දැඩි කලකිරීමක් පවතින බව පෙන්වා දෙන එම සංවිධානය, අත්අඩංගුවේ පසුවන්නන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට අදාළ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම නිර්දේශ පැහැරහැරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් අරඹන ලෙසත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියි.
Call for Investigation into Police Actions Following Suspicious Deaths of Detainees
A citizens' organization has formally lodged a complaint with the Sri Lanka Human Rights Commission, urging an investigation into the actions of Inspector General of Police Priyantha Weerasuriya. The request comes in light of an alarming trend of detainees dying under police custody.
Ravindran Nishshanka, the organization's convener, expressed concern at a media briefing following the submission of the complaint. He highlighted that the lack of proper implementation of essential guidelines and recommendations issued by the Human Rights Commission regarding the safety of detainees is a critical factor behind these incidents.
Recent statistics reveal that nearly fifty individuals have lost their lives while in police custody over the last five years. Nishshanka condemned these deaths as a manifestation of inhumane practices and blatant violations of the fundamental rights of detainees by law enforcement officials.
He cited a recent incident involving the death of a suspect in custody at the Homagama Police station as a pointed example. In response to this event, key officials, including the chief inspector of Homagama Police, the head of the criminal investigations division, and the officer in charge of the detention center, have been suspended from their duties.
During the briefing, Nishshanka further revealed that a former officer in charge of the Wanathavilluwa Police Station, who faced numerous allegations, was appointed by the police chief as the chief investigator at a significant police station like Homagama based on personal connections. He stressed that such appointments are unacceptable, particularly when the senior police officer of the Homagama division had previously warned about the inappropriateness of this officer's appointment in writing just eight months ago. The lack of action taken by the Inspector General of Police on this matter requires serious scrutiny, he asserted.
The organization emphasized that there is considerable unrest among internal officials of the police department, underscoring that the current police chief operates according to political expediencies rather than professional standards. They have called on the Inspector General to promptly implement the Human Rights Commission's recommendations aimed at safeguarding the lives of those in custody and to initiate an immediate investigation into the sweeping violations concerning these recommendations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
