ගම්පහට ගංවතුරක් එනවා...


 අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව මෙන්ම බස්නාගොඩ ජලාශයේ පිටවාන් දොරටු විවෘත කිරීම හේතුවෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට අයත් පහත්බිම් ප්‍රදේශ සඳහා 'ඇම්බර්' වර්ණයෙන් යුතු ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මෙම අංක ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (10) පස්වරු 12.30 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ ස්ථාපිත කර ඇති ගංගා ජල මාපකවල දත්ත විශ්ලේෂණයට අනුව, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්න ආශ්‍රිතව පිහිටි පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් වෙත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතී.

  • දිවුලපිටිය
  • මීරිගම
  • අත්තනගල්ල
  • මහර
  • ගම්පහ
  • මිනුවන්ගොඩ
  • ජා-ඇල
  • කටාන
  • වත්තල

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ගංඟා දෙපස සහ පහත්බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රථවාහන රියදුරන් ද දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂිතව කටයුතු කළ යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා දැනුම් දෙයි. 

එසේම, ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය පෙර සූදානම් පියවර ගන්නා ලෙස සියලුම ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලා සිටියි.





Flood Warning Issued for Low-lying Areas in Gampaha District

Intense rainfall and the opening of sluice gates at the Basnagoda Reservoir have prompted the Department of Irrigation to issue a flood warning for nine low-lying regions in the Gampaha District, which fall under the Divisional Secretariat areas. The alert specifies that these areas may experience flooding due to the high water levels in the upper and middle reaches of the Attanagalu Oya river.

This flood warning is set to remain in effect until tomorrow (10th) at 12:30 PM, covering the next 24 hours, according to the Water Resources and Disaster Management Division of the department.

Analysis of data from river gauges established within the Attanagalu Oya basin indicates a significant risk of flooding in the following Divisional Secretariats located nearby Attanagalu Oya and Uruwal Oya:

  • Divulapitiya
  • Mirigama
  • Attanagalla
  • Mahara
  • Gampaha
  • Minuwangoda
  • Ja-ela
  • Kattana
  • Wattala

In light of the situation, L.S. Suriyabandara, the Director of Water Resources and Disaster Management, has urged residents living along the riverbanks and low-lying areas, as well as drivers traveling on affected roads, to exercise extreme caution and prioritize safety.

The department also calls on all disaster management agencies to take necessary preparatory steps to address any potential emergency situations that may arise.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post