පසුගිය ආණ්ඩු විසින් බලශක්ති සහ ගෘහස්ථ ගෑස් ක්ෂේත්රවල පැවති රාජ්‍ය ඒකාධිකාරය බිඳදමමින් පුද්ගලික සමාගම් සමඟ ඇතිකරගත් නීතිමය ගිවිසුම්වල පවතින ගැටලු හේතුවෙන්, වෙළෙඳපොළ තුළ ඉන්ධන හා ගෑස් මිල ගණන් පාලනය කිරීම වත්මන් රජය හමුවේ සංකීර්ණ අභියෝගයක් බවට පත්ව ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව සඳහන් කරයි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, අතීතයේදී ඉන්ධන සහ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම රජය සතු සමාගම් හරහා මහජන සුබසාධනය මුල් කරගනිමින් ක්‍රියාත්මක වූ බවයි. එහෙත් පසුගිය පාලකයන් විසින් "තරගකාරී වෙළෙඳපොළක් බිහිවීමෙන් මිල අඩු වන බවට" ව්‍යාජ තර්ක සමාජගත කරමින් රාජ්‍ය සම්පත් විකිණීමට පාර කපාගත් බවට ඔහු චෝදනා කළේය.
එම ප්රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වූ පුද්ගලික සමාගම්වලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට නීතිමය ඉඩකඩ ලැබී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එසේම ගෘහස්ථ ගෑස් ක්ෂේත්රයේ ද වෙළෙඳපොළෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික සමාගමක් වෙත පැවරීම නිසා බරපතළ අර්බුදයක් හටගෙන ඇති බව පැවසූ ඒ මහතා, එම සමාගම අතීත ගිවිසුම්වලින් ලැබී ඇති බලතල උපයෝගී කරගනිමින් හිතුමතේ මිල ඉහළ දැමීම සහ වෙළෙඳපොළට ගෑස් සැපයීම සීමා කිරීම සිදුකරන බව සඳහන් කළේය. පුද්ගලික සමාගම සිය වගකීම් පැහැරහරින අවස්ථාවලදී පවා, පාරිභෝගිකයන් දෙපාර්ශ්වයේම අවශ්‍යතා සපුරාලමින් අමතර පීඩනයක් දරා ගැනීමට රජයට අයත් ලිත්රෝ ගෑස් සමාගමට සිදුව ඇති බව ද ඔහු අවධාරණය කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවලදී පවා මහජනතාව ආරක්ෂා කරගැනීම උදෙසා මහා භාණ්ඩාගාරයෙන් තෙල් සංස්ථාවට මූල්‍ය ප්‍රතිපාදන සපයමින් රජය මිල පාලනය කිරීමට පියවර ගත් බව සූරියආරච්චි මහතා සිහිපත් කළේය. එසේ වුවද, පෙර ආණ්ඩු විසින් ඇතිකර තිබෙන නීතිමය ගිවිසුම් හේතුවෙන් ගෑස් සමාගම්වල අත්තනෝමතික ක්‍රියා හමුවේ පියවර ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශයට පවා බාධා එල්ල වී ඇති බව ඔහු කියා සිටියේය. රටේ සමස්ත ආර්ථිකයම පසුගිය පාලකයන් විසින් මෙලෙස 'පඹ ගාලක' පටලවා ඇති බවත්, එම ගැටලු ක්‍රමානුකූලව සහ නීත්‍යානුකූලව විසඳමින් ජනතාවට සහන සැලසීමට වත්මන් රජය කැපවී සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Fuel and Gas Price Control Challenges Highlighted by National People's Power MP
Chandana Suriyarachchi, a Member of Parliament from the National People's Power party, has raised concerns regarding the complexities surrounding fuel and gas price control in the current market. This has emerged as a significant challenge for the government since the previous administration dismantled the state monopoly in the energy sector and entered into legal agreements with private companies, leading to unresolved issues.
Addressing the media, Suriyarachchi emphasized that historically, fuel and gas supply was managed solely through state-owned enterprises with a focus on public welfare. However, he accused past governments of promoting the misleading argument that creating a 'competitive market' would lead to lower prices, ultimately paving the way for the privatization of state resources.
As a result of these policies, he highlighted that private companies now have the legal freedom to sell fuel at prices exceeding those set by the Ceylon Petroleum Corporation, which has entered the retail fuel market. This situation has raised concerns about the ongoing price increase and supply vulnerabilities.
The MP further pointed out a severe crisis in the domestic gas sector, attributed to approximately 20% of the market being allocated to private companies. These firms have been exploiting past agreements to raise prices and limit gas supply in the market. Notably, when these companies fail to meet their responsibilities, the state-owned Litro Gas Company has had to bear additional burdens to satisfy consumer needs.
Suriyarachchi recalled how the government previously intervened with financial allocations from the national treasury to ensure price stability during periods of rising global fuel prices, safeguarding public interests. However, he underscored that legal agreements established by previous administrations have hampered the Ministry of Trade's ability to respond decisively to the self-serving actions of gas companies. He asserted that the overarching economic malaise has been exacerbated by the detrimental approaches of past leaders, promising that the current government is committed to systematically and legally addressing these issues for the benefit of the public.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හම්මේ ඉක්මනටම පැහැදිලි කරල දීපු එක කොච්චර දෙයක්ද, ඩෝබි රොඩියන් වන අපට සේදීම සඳහා සබන් චුට්ටක් දීම ගැන ඔබ තුමාට පිං
ReplyDeleteඋඹලට පාලනය කරගන්න බැරි නම් මොන ලබ්බටද ආණ්ඩුව බාරගත්තේ අනිත් එක උඹලා ඒ දවස්වල කිව්වේ අපි මහා විස්මකර්මයෝ කියලනේ
ReplyDelete