අවිස්සාවෙල්ල ජලයෙන් යටවේ...


පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ අවිස්සාවේල්ල නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශයේ දෛනික ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ.

කෙටි වේලාවක් තුළ ඇදහැලුණු අධික වැසි ජලය බැසයාම අවහිර වීම හේතුවෙන් නගරයේ ප්‍රධාන මංසන්ධි සහ පහත්බිම් ප්‍රදේශ ගණනාවක් පිටාර ගලා ගොස් ඇති අතර, මේ හේතුවෙන් පදික වේදිකා සහ වෙළෙඳසල් ආශ්‍රිතව ද ජලය පිරී ගොස් මගී ජනතාව අපහසුතාවට පත්වූහ.

එමෙන්ම කොළඹ - රත්නපුර ප්‍රධාන හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල නගර සීමාවට අයත් ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය මන්දගාමී තත්ත්වයකට පත්ව තිබින.





Severe Flooding Disrupts Daily Life in Avissawella

Following heavy rains this afternoon, multiple areas in Avissawella have been submerged, causing significant disruptions to both daily life and transportation in the region.

The sudden downpour led to water accumulation in numerous places, preventing it from receding quickly. Key intersections and low-lying regions are inundated, leaving pedestrians and shopkeepers struggling as floodwaters encroach upon their premises.

Moreover, several locations within Avissawella’s city limits along the Colombo-Ratnapura main highway have also been affected, resulting in sluggish traffic flow on this critical route.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. තොපි වස් කවි සිංදු කරලා කිව්ව නේ, ඒකයි. සැන්ඩි කරලා ගහපුවාම ඔහොම වෙනවා, අමුවෙන් ගහන්ඩ ඕනෑ ඒවා. කොහොමටත් වතුර ගලලා තියෙන්නේ පොහොට්ටුවේ වස් කවි කියපු එවුන්ගේ ගෙවල් වලට විතරයි ලු. රටට ආදරේ පිරිස ට, ඒ කියන්නේ ආණ්ඩුව සමඟ ඉන්න පිරිසට, කිසිම කරදරයක් වෙලා නෑ.

    ReplyDelete
Previous Post Next Post