ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින් පෝලිමත් එකතු වෙලා අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා
විශේෂයෙන්ම මේ අස්වැසුම තෙල්වලට යම් සහනයක් දීම පිළිබඳව මම හිතන්නේ කාගේවත් නොසතුටක් නෑ. හැබැයි ඉතින් එදා පටන් ගන්නකොට කිව්වේ බාන මිලට නැත්නම් නැවෙන් බාන ගාණට තෙල් දෙනවා කියලා. හැබැයි දැන් ඉතින් ඇමතිවරයා කියනවා ඒක ප්‍රායෝගික නෑලු. එතකොට ඕක ප්‍රායෝගික නෑ කියලා ගරු සභාපතිතුමා, අපිට කියලා වැඩක් නෑනේ. ජනාධිපතිතුමාට නේද ඔය කියන්නේ. මොකද ඔයාලගේ ජනාධිපතිතුමානේ ගිහිල්ලා පොරොන්දු වුණේ බාන ගාණට, නැවෙන් බාන ගාණට තෙල් දෙනවා කියලා. ඒක මේ අපි කියපු කතාවක් නෙමෙයිනේ. හැබැයි දැන් ඉතින් ඕක ජනාධිපතිවරයාට කියන්නේ නැතුව අපිට ඇවිල්ලා කියලා ඒක ප්‍රායෝගික නෑ.
ඉතින් ඒ හින්දා මේ අපිට කියලා පළක් වෙන්නේ නෑ. ඔයාලගේ ජනාධිපතිතුමාට ඒක කියාගන්න. අනික ඔය ජනාධිපතිවරයාට රැස්වීම්වලට යනකොට කියන්න ඕන දේවල් අරගෙන ගිහිල්ලා ලියලා දෙන්න. දැන් පහුගිය කාලේ ගිහිල්ලා කිව්වා එතුමාගේ කාල සීමාවේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කිව්වා. කිසිම බදු ප්‍රමාණයක් අලුතෙන් ගැහුවේ නෑ කිව්වා. ආ බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, බෙහෙත්වලට, අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. හැබැයි අයින් කරේ නෑ, වැට් එක වැඩි කරා. කලින් වැට් ගාණ තිබිච්ච නැති තැනට වැට් එක දැම්මා. අර අහිංසක මිනිස්සුන්ගේ ගිණුම්වලට, පොලියට, බිත්තිවලින් වැට් එක දැම්මා. වාහනවල බදු වැඩි කරා. තව IT sector එකේ උපදෙස් දෙන සේවා, උපදේශක සේවා, කන්සල්ටන්සිවලට බදු ගැහුවා.
පටන් ගත්තේ තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගෙන මහා දැවැන්ත ආර්ථිකයක් හදන්න ඕනේ කියලා. ඒක හදන්න ඕනේ. අපිත් ඒ මතේ ඉන්නවා. හැබැයි ඔබතුමාලා මොකක්ද කරේ? IT sector එකේ ආණ්ඩුවෙන් කිසිම සහෝයෝගයක් නැතුව බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටත් වැට් එක ගැහුවා.
ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින් පෝලිමත් එකතු වෙලා. ඉතින් අඩු ගානේ තමන්ට දීලා තියෙන වගකීමේ සිස්ටම් එක හදාගන්න බැරි නම්, ඒ පීඩනය දැන් මිනිස්සු අපිට පටවනවා නම්, ගරු සභාපතිතුමා, එක්කෝ ඒක නොකර ඉන්න ඕනේ. එක්කෝ කරන්න ලෑස්ති වෙනවා නම්, ඒකට අවශ්‍ය යටිතල පහසුකම් ටික හදන්න ඕනේ. යටිතල පහසුකම් ටික, සිස්ටම් එක හදන්නේ නැතුව, නිකන් ෂෝ එක දාන්න රැස්වීම්වල මේක කියන්න ඕන හින්දා, පාර්ලිමේන්තුවේ මේක කියන්න ඕන හින්දා, අනිවාර්ය කරාට පස්සේ, ඒ පරිවර්තන කාලසීමාවක් නැතුව, අවසානයේ පීඩනයට පත්වෙන්නේ රටේ ජනාධිපති. දැන් එක පැත්තකින් ජීවන වියදම. දැන් තෙල්වලට පොඩි සහනයක් දුන්නා කියලා අනිත් පැත්තෙන් තෙල් මිල වැඩි වෙනවානේ.තෙල්වල බද්ද වැඩි කරනවානේ. අඩු ගානේ තෙල්වල බද්ද අඩු කරන්න. තෙල්වලට ප්‍රායෝගිකව ආණ්ඩුව දාලා තියෙන බද්ද යම් ප්‍රමාණයක් අඩු කරන්න. එහෙමනේ පොරොන්දු වුණේ.
තිබ්බ බදු ප්‍රමාණයටත් වඩා තෙල්වලට බදු ප්‍රමාණය වැඩි කරා. රුපියල් 30ක්. අවසානයේදී පීඩනයට පත්වෙන්නේ මිනිස්සු ජනතාව. තවත් පැත්තකින් කිරිපිටිවල මිල ගත්තත්, අත්‍යවශ්‍ය ආහාරවල මිල ගත්තත්, ඒ හැම මිලක්ම ජීවන වියදමට එකතු වෙලා තියෙන්නේ අද. ඒ හා සමානව පඩි වැඩි වෙන්නේ නෑ. දැන් ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු බැලුවම ගෑස් පෝලිමක් නෑ. ආ හැබැයි ගමට ගියාම නගරවලට යනකොට ගෑස් පෝලිම් ගැන, තෙල් පෝලිම් ගැන ජනතාව කතා වෙනවා. ඒක දකින්න තියෙනවා. හැබැයි ඉතින් පාරිභෝගික අමාත්‍යාංශයේ පාරිභෝගික අධිකාරියත් දන්නේ නෑනේ පාන්පිටි මිල වැඩි කරලා කියලා. මෙතැන ඇවිල්ලා ලැජ්ජ නැතුව කියනවා අපි අපෙන් අහන්නේ නැතුවනේ වැඩි කරේ. ඒක කියන්න නැතුව ඉන්න ඕනේ.
හැම දෙයක්ම, හැම දෙයක්ම මිනිස්සු මිනිස්සුන්ගෙන් තමයි වැඩි වෙලා තියෙන්නේ. දැන් මේකට ආණ්ඩුවේ විසඳුම මොකක්ද? ආණ්ඩුවේ විසඳුම තවත් අලුතෙන් බද්දක් ගහන එකද? එහෙම නැත්නම් ඔබතුමාලාගේ සුපුරුදු පුරුද්ද වගේ අපි හොරු අල්ලනවා කියලා පරීක්ෂණයක් කරන එකද? මොකක්ද ආණ්ඩුවේ සූදානම?
අද වෙනකන් ගරු සභාපතිතුමා, ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, දරාගත හැකි දැනකට මේ රටේ ජීවන වියදම ගේන්න, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කරන්න, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් අද වෙනකන් මේ අවුරුදු දෙක හමාරක් ඇතුළත ආණ්ඩුව ක්‍රියාත්මක කරලා නෑ. උද්ධමනය 8%ත් ඉක්මවා තියෙනවා. හැබැයි මේ මාසෙත් මේක වැඩි වෙනවා.
දිට්වා වෙලාවේ ආපු හානිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු කිව්වා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා. අද වෙනකන් සමහර මිනිස්සු කූඩාරම්වල, සමහරවිට අද වෙනකන් තාවකාලික නිවාසවල, පාරවල්වල අද වෙනකන් හැදෙන්නේ නැහැ. අවුරුදු දෙකකටත් වැඩි කාලයක් අද වෙනකොට ගත වෙලා තියෙනවා. දැන් මේ කාරණාවලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැතුව, ආණ්ඩුව මේවට මැදිහත් වෙන්නේ නැතුව ගරු සභාපතිතුමා, මොන කයිවාරු ගැහුවත් පළක් වෙන්නේ නෑ. මොකද ආණ්ඩුව හොඳට බොරු කියන්න නම් දක්ෂයි. බොරු කියන්න දක්ෂයි.
දැන් අයවැය දෙකක් ඉවරයි තුන එනවා දැන්. ඒක ඊට එහා බොරු අයවැයක් වෙයිද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද ඔබ ප්‍රතිපත්ති ප්රකාශනයක් ගහලා ඡන්ද කාලේ බෙදුවට, ඒ බෙදුව ප්‍රතිපත්ති ප්රකාශනයේ සතපහක වැඩක් නෑ.
දැන් මම දැක්කා ඒක ඇමතිවරයෙක් කියනවා ආයෝජන වෙනවලු. කොහෙන්ද එන්නේ? කවුද ආවේ? අද වෙනකන් ආයෝජකයෙක් ඇවිල්ලා බිහි වෙච්ච ඔබ ඔබගේ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු රැකියාවක් පෙන්නන්න. මේ වෙනකොට ඉන්දියානු සමාගමක් බලාගාරයකට ආවා, හරවල යැව්වා. වරායේ චීන සමාගමක් හිටියා, හරවල ගියා වන්දිත් අරගන්නවා. ජපානයේ සමාගම හැරිලා ගියා. මේ වෙනකොට ඔබතුමන්ලා මහ ලොකුවට උජාරුවට කතා කරන ආයෝජකයෝ එක් එක්කෙනා හැරිලා යනවා.
තවත් පැත්තෙන් ආයෝජකයන්ට හිතකර නැති පනත් තියෙනවා. අපි විශ්වාස කරනවා ත්‍රස්තවදය වැළැක්වීමේ පනත PTI එකේ යම් සංශෝධන වෙන්න ඕනේ, නූතනත්වයට ගැලපෙන්න ඕනේ. එදා තිබිච්ච ත්‍රස්තවාදී අරගලයට වඩා වෙනස් ත්‍රස්තවාදී සහ අන්තවාදී අරගලවලට අපිට මුහුණ දෙන්න වෙන්නේ. ඒක තමයි යථාර්ථය. මේ කලාපය ගත්තත්, දකුණු ආසියාවේ කලාපය ගත්තත් අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වෙලා යනවා. ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය නව නීති ඕනේ. අන්තවාදයට අවශ්‍ය නව නීති කියන්නේ පච්ච ගහන කොල්ලා හිරේ දාන එක නෙමෙයි. කොන්ඩ වවන් ඉන්න කෙනා කියලා හිරේ දාන එක නෙමෙයි. ඇඳුම් මෝස්තරය බලලා මේ ඇඳුම් මෝස්තරය පාතාලේ මෝස්තරයක් කියලා කියලා හිරේ දාන එක නෙමෙයි. දැන් ඔබ එක්ක අරගල කරපු අය අන්න පාරේ. අදත් ඔබ එක්කෙක් අරගල කරලා ගෙවල් ගිනි දීලා ආණ්ඩු පෙරලපු අය අදත් පාරේ. ඇයි?
ඔබ එදා වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නෑ. ඔබ ඒ අයත් එක්ක පාරට බැහැලා, ඒ අයගේ ජීවිත පරදුවට තියලා එදා ආණ්ඩුව එක්ක හැප්පීච්ච එක තාමත් පාරේ ඉන්නේ ඇයි? ඊට එහාට ගියපු මර්දනයක් ක්‍රියාත්මක කරන්න ඔබතුමන්ලා සූදානම් වෙන හින්දා. අද PSTA එක සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ පනත සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවක් තියෙනවා. ආයෝජකයෝ ඔබේ බදු ප්‍රතිපත්තියට එකඟ වෙන්නේ නැත්නම්, මේ රටේ ආණ්ඩුවක් විදිහට ඔබ ගන්න තීන්දු තීරණ නිසා මේ රටේ ආයෝජකයෝ ලංකාවට ආකර්ෂණය වෙන්නේ නැත්නම්, ඔබතුමන්ලා මේ රටේ ආයෝජකයන් අහිතකර පනත් තවදුරටත් ලංකාව තුළ ස්ථාපනය කරන්න උත්සාහ කිරීම තුළ මොකක්ද වෙන්නේ? ඉන්න ආයෝජකයෝ හැරිලා යනවා පමණක් නෙමෙයි, එන්න ඉන්න ආයෝජකයෝ එන්නෙත් නෑ. ඒක තමයි ගරු සභාපතිතුමා යථාර්ථය.
දැන් පහුගිය කාලේ එක තැනක පොලිස්පතිවරයාට නියෝගයක් හම්බවෙනවා පහළ අධිකරණයකින්, අධිකරණයට අපහාස කිරීම. හේතුව තරුණයෙක්ව ගිහිල්ලා බොරුවට නඩු දැම්මා. දැන් ඒ කාලේ කිව්වේ ආ නාමල්ට විරුද්ධව බොරු සාක්ෂි දෙනකොට, නාමල්ට විරුද්ධව දිවුරුම් ප්‍රකාශ කරනකොට කමක් නෑ, නාමල් විතරයිනේ. හැබැයි අද මොකක්ද වෙලා තියෙන්නේ? අද ඒක විපක්ෂයේ සිට මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් දක්වා ගලාගෙන ගිහිල්ලා තියෙනවා. විපක්ෂය ඉඳන් සාමාන්‍ය පුරවැසියා මර්දනය කරන තැනට ඇවිල්ලා තියෙනවා. අවසානයේ අමාරුවේ වැටෙන්නේ පොලිසියේ නිලධාරී. ඔබතුමන්ලාගේ දේශපාලන නියෝග ඉෂ්ඨ කරන්න ගිහිල්ලා.
මත්ද්‍රව්‍ය දාලා දරුවෙක්ව පුද්ගලයෙක්ව ගිහිල්ලා උසාවියේ දිරිපත් කරනවා. පොලිස්පතිවරයා නෙමෙයි පොලිස්පතිවරයා පැත්ත පළාතක නෑ.
අන්න හෝමාගම සිද්ධිය. පොලිස් ඇතුළේ තරුණයෙක් ඝාතනය වෙනවා. මොකක්ද ඔබතුමන්ලාගේ ආණ්ඩුව දීලා තියෙන සාධාරණය? ඔබතුමන්ලාගේ ආණ්ඩුව මොකක්ද ඒ වෙනුවෙන් කරලා තියෙන සාධාරණය? අනිත් පැත්තේ ත්‍රීවීල් එකට වෙඩි තියෙනවා. අම්මා කතා කරාම කියනවා මරන්න තමයි වෙඩි තිබ්බේ කියලා. ඒ දරුවගේ අම්මා කතා කරාම අවුරුදු 16 දරුවා දෙන්නේ. අම්මට පොලිසියෙන් කියනවා මරන්න තමයි වෙඩි තිබ්බේ කියලා. එහෙම නීතියක් කොහෙද තියෙන්නේ ගරු සභාපතිතුමා? ත්‍රීවීල් එකක් ගිහිල්ලා පොලිසියෙන් නැවැත්වුවේ නැත්නම් ඒකට රෝදෙට වෙඩි තියන්න පුළුවන්. හඹා ගිහිල්ලා හිතමතා ඝාතනය කිරීම් උමනාව ඇතුව තියපු වෙඩිල්ලක් බව තමයි පේන්නේ. ඒකම දින වකවානුවල සිද්ධියක් තියෙනවා. ත්‍රීවීල් එකට වෙඩි තියෙනවා, නාවික හමුදාවේ සෙබළෙක් ඝාතනය වෙනවා. හැබැයි ඔබතුමන්ලාගේ න්යායපත්රය මොකක්ද?
දැන් ටැක්සි එක යන මනුස්සයෙක්, දැන් කොළඹ මේ තදාසන්න ප්‍රදේශයවල ලංකාවේ හැම තැනම ත්‍රීවීල් දුවනවනේ. යම්කිසි හේතුවකින් ත්‍රීවීල් එක යන මනුස්සයා ත්‍රීවීල් එක නවත්වන්නේ නැතුව ගියා නම්. ත්‍රීවීල් එක නවත්වන්නේ නැතුව ගියොත් සභාපතිතුමා, අනිත් පැත්තෙන් ටැක්සි එක නැගලා යන මනුස්සයාට ටැක්සිය නවත්වන්නේ නැතුව ගිහිල්ලා වෙඩි කෑවොත් මගියාට වැඩි වදින්නේ. නවත්වන්නේ නැති මනුස්සයාට නෙමෙයි. ඒකෙන් මොකක්ද කරේ?
විභාග ලියන්න ඉන්නේ දරුවන් දෙදෙනෙකුට මොකක්ද පොලිසියෙන් කිව්වේ? මත්ද්‍රව්‍ය තියෙනවා කියලා. ඇයි? පොලිසියල පුරුදු සභාපතිතුමා පැහැදිලිවම බොරු සාක්ෂි හදලා. ඒක තමයි ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ න්යායපත්රය.
කුරුණෑගල සිද්ධිය, කුරුණෑගල පොලිසියේ ඇතුළේ පුද්ගලයෙක් ඝාතනය වෙනවා. තව තැනක පොලිසියෙන් යනවා ගෙදරක සර්ච් කරන්න. ඉන්නවද? සර්ච් කරන්න කියලා ගෙදර මංකොල්ල කාලා යනවා. මම දැක්කා අද නිවුස්වලත් ඒක යනවා. පොලිසියෙන් ගිහිල්ලා ගෙදර සෝදිසි කරලා ගෙදර තියෙන සල්ලි ටික කොල්ල කාලාත් ඇවිල්ලා. දැන් ඔබතුමාලා සම්පූර්ණයෙන්ම පොලිසියේ දේශපාලනීකරණය කරනවා. අවසාන ප්‍රතිඵලය තමයි. අන්න ඇඹිලිපිටිය, ඇඹිලිපිටිය පොලිසිය මහත්තයා, මොකක්ද වුණේ? ඔබතුමන්ලාගේ මන්ත්‍රීවරයෙක් ගංජා හේනක් වට කළා. ගංජාවට හේනක් වැටලුවම මොකක්ද වුණේ? මන්ත්‍රීවරයා කරේ නෑ. පොලිසියෙන් නිර්මාණය කලා කියලා කිවුවා. පොලිසි එක්කෙනාට ගැහුවා. අවසානයේ චෝදනා ගොනු කරගන්න බැරි වුණා ඔබතුමන්ලාට. චෝදනා ගොනු කරගන්න බැරිව පොලිසියේ එක්කෙනා නිදහස් කරනවා. අද වෙනකන් ලජ්ජයිනේ ගරු සභාපතිතුමා, ඒ මිනිස්සුන්ට රස්සාව දීලා නෑනේ. රස්සාව කරපු කෙනානේ. ඔබලාගේ මන්ත්‍රී කෙනෙක්ගේ ගංජා හේන අල්ලපු එකේ වැරැද්දට? ඔබලාගේ මන්ත්‍රී කෙනෙක්ගේ ගංජා හේන අල්ලපු එකේ වැරැද්දට රස්සාව නැති වෙලා ගුටිත් කාලා, රස්සාව නැති වෙලා තියෙනවා. අද වෙනකන් ඔබතුමන්ලාගේ ආණ්ඩුව මැදිහත් වුණාද? මානව හිමිකම් එකට ගිහිල්ලා නියෝගයක් දීලා තියෙද්දී ඒ මිනිස්සුන්ට රස්සාව දෙන්න?
අනිත් පැත්තේ කාවන්තිස්ස අත්තාගේ සිද්ධිය, මොකක්ද වෙන්නේ? ඔබතුමන්ලා සමාජයට රටට පෙන්නන්න ඕනේ හින්දා, ගමේ ගියපු මනුස්සයෙක්ව ගෙනල්ලා වැරැද්ද පටන් ගන්න කියනවා. බොරු සාක්ෂි හදන්න කියනවා. ගම අයට කියනවා බොරු සාක්ෂි දෙන්න කියලා. අද ගමම සම්පූර්ණයෙන් පොලිසියට විරුද්ධව බොරු සාක්ෂි හදන තැනට විරුද්ධ වෙනවා. අවසානයේ මොකක්ද වෙන්නේ? කාවන්තිස්ස ඇතාතාගේ ඇත්ත ඝාතකයෝ හැංගෙනවා.
කාවන්තිස්ස ඇතාගේ ඇත්ත ඝාතකයෝ ඔබතුමන්ලා හොයන්නේ නැද්ද කියන ප්රශ්නය අපිට තියෙනවා.
ඉතින් ඒ හින්දා ගරු සභාපතිතුමා, අවසාන වශයෙන් මම මතක් කරන්නේ, කරුණාකරලා, මේ රටේ ආයෝජකයෝ ගේන්න ඕන නම්, ආයෝජකයන්ට නිසි ගෞරවය දෙන්න. මේ රටේ ජනතාවට අවශ්‍ය රැකියා නිෂ්පාදනය කරන්න. මේ ආර්ථිකය ආර්ථිකය හසුරවනවා කියන කාරණය ඔබතුමන්ලාට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කයිවාරු ගහලා අමු පච කියන එක කරන්න බෑ. ඒ හින්දා ඒක සැලැස්මක් එක්ක වැඩ කරන්න. දැන් අපි බලන් ඉන්නවා තුන්වැනි අයවැයේදි ජනාධිපතිතුමා පච කීයක් කියනවද කියලා ගණන් කරන්න.
Concerns Raised Over Rising Cost of Living and Government Policies
Member of Parliament Namal Rajapaksa voiced his deep concerns regarding the escalating cost of living in Sri Lanka, highlighting the impact of recent government decisions on essential goods like fuel, gas, and now tin cans. Speaking in Parliament today, he pointed out the government's unfulfilled promises and the mounting pressure on citizens as they await the upcoming budget announcement.
Rajapaksa emphasized the lack of satisfaction among the public regarding any relief measures related to fuel costs, especially since the government had pledged to provide fuel at an affordable rate. Instead, he noted, the Transport Minister's claims of impracticality left citizens perplexed and frustrated. "It seems rather contradictory when the President promised that fuel would be given at certain rates, only for us to hear now that it is not feasible," he remarked.
He urged for accountability, stressing the need for the President to address the issues directly instead of leaving Parliament to express concerns post facto. Rajapaksa criticized the administration for failing to take comprehensive measures to reduce VAT on essential commodities such as food, education supplies, and household essentials. Instead, he pointed out, VAT rates had increased in several areas, adding further burdens to already struggling households.
While the government has been vocal about creating a vast economic infrastructure based on information technology, Rajapaksa lamented the absence of any substantial support for the IT sector. He detailed how individuals in the IT field continue to suffer under rising taxes, questioning the government's commitment to fostering a conducive investment environment.
The discourse also revealed frustration over the government's failure to maintain manageable living costs, as inflation rates soared past 8%. According to Rajapaksa, the government's plans were misguided and lacked effective implementation, leading to growing dissatisfaction among the populace. "For two and a half years, the government has failed to execute any successful strategies that could alleviate the financial burdens on families or bolster education for school children," he added.
Further, he criticized the government for alleged dishonesty regarding public housing and development efforts, claiming some citizens remain displaced even after two years. "The President’s statements in Parliament seem empty when compared to the reality faced by families living in temporary shelters or on the streets," Rajapaksa emphasized.
As the third budget approaches, Rajapaksa's concerns extend to the potential for misleading financial projections that could further exacerbate public discontent. He noted that unless the government effectively communicates and addresses these pressing issues, citizens would remain skeptical of any forthcoming promises or policy changes.
In closing, Rajapaksa implored the government to treat local investors with respect and acknowledge the necessity of job creation and fair economic management. "We are observing closely to see how the President will address these pressing issues in the upcoming budget," he remarked, hinting at the urgency for meaningful change.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔය තියෙන්නෙ රෙදි ගලවලා ම දාලා බොරුකාර මාලිමා ජනපතිගේ පැටිකිරිය.ලැජ්ජයි කුජිතයි
ReplyDelete