මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමෙන් මෙරට පාරිභෝගිකයන්ට එල්ල වන පීඩනය අවම කිරීම අරමුණු කරගනිමින්, රුපියල් බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
කම්කරු අමාත්‍ය මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සභාගත කරමින් කියා සිටියේ, අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් අවශ්‍ය සහන සලසාලීමට රජය සූදානම් බවයි.
සභාගත කරන ලද රුපියල් බිලියන 47ක මුදලින් රුපියල් බිලියන 41ක් බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතට වෙන් කර ඇත.
එම මුදල මූලික වශයෙන් යොදවනු ලබන්නේ ඉන්ධන මිල ස්ථායිකරණය කර පාරිභෝගිකයා වෙත එල්ල වන ආර්ථික පීඩනය සමනය කිරීම උදෙසා ය.
මීට අමතරව, පවතින උද්ධමන තෙරපුම පාලනය කරමින් මහජනතාවට සහන සැලසීම හා අස්වැසුම ඇතුළු මෙහෙයුම් වැඩසටහන් ශක්තිමත් කිරීම වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට රුපියල් බිලියන හයක මුදලක් වෙන් කර තිබේ.
මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදුකළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම මුදල් වෙන්කිරීම හරහා රජයේ සමස්ත වියදම් සීමාව ඉක්මවා නොයන බව අවධාරණය කළේය.
පවතින අයවැය රාමුව තුළ අනුමත වියදම් සීමාවන් මනා මූල්‍ය කළමනාකරණයකට ලක් කරමින් මෙම මුදල් ප්‍රතිපාදන සම්පාදනය කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
"මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළට සෘජුවම බලපා තිබෙනවා. එමගින් මෙරට පාරිභෝගිකයා මත පැටවෙන බර හැකිතාක් සැහැල්ලු කිරීම අපගේ අරමුණයි. ඉදිරියේදී එම කලාපයේ යුද තත්ත්වය වර්ධනය වන ආකාරය නිරීක්ෂණය කරමින්, ජනතාවට තවදුරටත් සහන දිය යුතු නම් ඊට අවශ්‍ය පියවර ගැනීමට රජය කිසිසේත් පසුබට වන්නේ නැහැ," යැයි ආචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Government Presents Rs. 47 Billion Supplementary Estimate Amid Rising Fuel Prices
In response to escalating global fuel prices driven by ongoing military tensions in the Middle East, the Sri Lankan government has submitted a supplementary estimate of Rs. 47 billion to Parliament today, aiming to alleviate the burden on consumers.
Minister of Labour and Deputy Minister of Finance and Planning, Dr. Anil Jayathissa Prasanna, emphasized that the government stands ready to provide further assistance should the crisis intensify. He presented the supplementary estimate during the parliamentary session, highlighting the urgent need to support the populace amid the current economic challenges.
Out of the total allocation, Rs. 41 billion has been earmarked specifically for the Ministry of Power and Energy, illustrating the government’s commitment to stabilizing fuel prices and mitigating the economic pressures facing consumers.
This allocation is primarily intended to ensure that fuel prices remain manageable for the public, thereby reducing the overall economic strain.
Additionally, the estimate includes Rs. 6 billion dedicated to the Ministry of Finance, Planning, and Economic Affairs to bolster existing programs that provide relief to the public and combat inflation, among other operational initiatives.
During the presentation, the Deputy Minister made it clear that these funds would not exceed the government's overall budgetary limits, emphasizing the importance of maintaining sound financial management within the approved expenditure framework.
He noted, "The ongoing conflict in the Middle East has directly impacted international energy markets. Our goal is to alleviate the burden on consumers here as much as possible. The government will not hesitate to take necessary actions to provide additional relief to the public if the situation in that region escalates further.”
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මිනිස්සුන්ට මුං ආවට පස්සේ මොනවද දීලා තියෙන සහන මේ කාලකන්නියා ගිහිල්ල තියෙනවද දන්නෑ අඩුගානේ කඩේකටවත්
ReplyDeleteසහන ගැන කියන්නේ ජනතාවටද, මහරාජාගේ සිරසටද...
ReplyDeleteමහජනතාවට දෙන සහන ටික නම් දැන්නම් නැවත්තුවා නං හරි මොකද හොඳටම සැපයි